බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබාදීමට අදාළ වන ලිපි ලේඛන සියල්ල සකසාඅවසන් කර ඇතැයි ඉඩම් හා සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු පවසයි.
එසේම එම ලිපි ලේඛන ගොන්නට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍ය තිබෙන බව කී අමාත්‍යවරයා එය ලැබුණුසැනින් ජනාධිපතිවරයා විසින් රංජන් රාමනායක නිදහස් කිරීමේ ලිපියට අත්සන් කරනු ඇතැයිද පැවසීය.
මේ අනුව නුදුරු දින කිහිපය තුළදී රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා හට ජනාධිපති සමාව හිමි වනු ඇති බව ඔහු පැවසීය.