බන්ධනාගාර ධාරිතාවය තුන් ගුණයකින් ඉක්මවයි. රැඳවියන් සංඛ්‍යාව 40,000 දක්වා ඉහළට!

රට පුරා පිහිටි බන්ධනාගාරවල රැඳවියන්ගේ අධිකත්වය පිළිබඳ ගැටලුව තවදුරටත් උග්‍ර වී ඇති අතර, මේ වනවිට බන්ධනාගාර පද්ධතිය තුළ රැඳවියන් සංඛ්‍යාව 40,000 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් සියලු බන්ධනාගාරවල සමස්ත රැඳවුම් ධාරිතාවය 11,000කට ආසන්න වුවද, එම සීමාව ඉක්මවා රැඳවියන් 40,000කට ආසන්න පිරිසක් මේ වනවිට රඳවා සිටිති. ඒ අනුව, ධාරිතාවයට වඩා අතිරේක රැඳවියන් 29,000කට ආසන්න සංඛ්‍යාවක් බන්ධනාගාර තුළ රැඳී සිටින බව සඳහන් වේ.

වාර්තා වන ආකාරයට එම රැඳවියන් අතරින් 10,000කට ආසන්න පිරිසක් දඬුවම් ලැබූ සිරකරුවන් වන අතර, ඉතිරි 30,000කට ආසන්න පිරිස රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් වේ.

මේ අතර, කොළඹ මැගසින් බන්ධනාගාරයේ නිල ධාරිතාවය රැඳවියන් 625 දෙනෙකුට සීමා වුවද, දැනට එහි රැඳවියන් 2,985 දෙනෙකු රඳවා සිටින බව ද වාර්තා වේ.

මෙම තදබදය අවම කිරීම සඳහා විවිධ විකල්ප ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර, ඒ යටතේ වටරැක ඇතුළු ප්‍රදේශ කිහිපයක නව ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ.

ලංකාදීප පුවත්පතේ පළ වූ ලිපියක් ඇසුරෙන් සැකසූවෙකි.

Social Sharing
නවතම පුවත්