බැසිල්ට කටුනායකින් විරෝධයක්

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම ඩුබායි හරහා ඇමෙරිකාව බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේ , එමිරේට්ස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරීක්ෂණ කවුළු අසළ රැදී සිටි ගුවන් මගීන්ගෙන් එල්ල වූ විරෝධතාවක් නිසා සිය ගුවන් ගමන අතහැර ආපසු ගොස් ඇති බව වාර්තා වේ.

අද අලුයම 03.15 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 349 දරන ගුවන් යානය පිවිසීම සදහා බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

කෙසේනමුත් මේ වන විට ඔහු මත්තල ගුවන් තොටුපලින් පිටත්ව යාමට සූදානම් බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වෙයි.

Social Sharing
නවතම පුවත්