යුපුන් අබේකෝන් මීටර් සීය තත්පර 10ට අඩුවෙන් දුවලනේ. හැමතැනම කතාව. මම ගියා යුපුන්ගේ ෆේස්බුක් වෝල් එකට. මිනිහා තමන්ගේ වෝල් එකේ මේ ජයග්‍රහනය ගැන මෙහෙම කියනවා.
” The wait is over ! 9.96 sec..
මං ඒක කලා. මං අවුරුදු ගානක් මහන්සි වුණා, ඒ මහන්සියේ කැප කිරීමේ ප්‍රතිඵලය මට හම්බුනා. ඔව්… මං තමයි Sub 10 ක්ලබ් එකේ අලුත් Member ! බිලියන ගානක් ඉන්න දකුණු ආසියාවේ පළවෙනි Sub 10 එක. ආසියානු ඉතිහාසයේ 10 වෙනි sub 10 එකේ අයිතිකාරයා මම.
මං එක්ක උන්න අයට මං මේක ට්‍රිබියුට් කරනවා. මාව විශ්වාස කරපු අයට මං pay back කලා කියලා මං හිතනවා. ආදරෙයි ගොඩක්.
ලංකාවේ බලධාරීන්ගෙන් උදව් ඉල්ලල යවපු ලියුම් ඊ මේල් එකේ සෙන්ඩ් බොක්ස් එක පිරිලා. උදව් කරන්නම් කියලා ආව ඊ මේල් එකක් නම් හොයාගන්නවත් නෑ. ඒ හින්දා දැන් මීඩියාවලට කතා කරද්දී මට කරපු උදව් මොනවද කියලා මතක් කරලා කියන්න. මිනිස්සු බලන් ඉන්නවා දැනගන්න.
ආයෙත් කියනවා මං ඒක කරා. ආදරෙයි මං එක්ක උන්න හැමෝටම. මේක කරේ මං මටත් වඩා මාව විශ්වාස කරපු ඔයලාට”
මෙහෙම තමයි යුපුන් මේ ජයග්‍රහනය සමරන්නේ. ඒ ගෞරවය පෙරළා රටට පුදන්නේ. රට මේ වෙලාවේ අසීරුම මොහොතක් ගතකරමින් තමයි ඉන්නේ. යුපුන් වගේ මිනිස්සු මේ වෙලාවට අපිට සෑහෙන්න වටිනවා. ඉතිං අයිතිය වෙබ් අඩවිය හිතුවා මීටර් සීය ධාවන තරගය ගැන යුපුන් හරි අපූර්ව විදිහට ලියලා තියෙන මේ ලිපිය, යුපුන්ගේ ෆේස්බුක් එකෙන් උපුටලා මෙහෙම පළකරන්න.
මළල ක්‍රීඩා ලෝකයේ මීටර් 100 ඉසව්ව මේ තරම් උද්වේගකාරී සහ තරගකාරී ඉසව්ව වී ඇත්තේ ඇයි ?
Football World Cup අවසාන තරගයට පස්සේ ලෝකේ වැඩිම පිරිසක් බලන ඉසවිව තමයි Olympic Men’s 100m Final. ඇයි මේ තරම් පිරිසක් මේකට අවධානය යොමු කරන්නේ ? මොකක්ද මේකේ තියන විශේෂය? දුවන එක එච්චර අමාරුද? අපෝ තත්පර භාගයක් ද? ඒ පොඩ්ඩ දුවන්න බැරි ද? මේ වගේ ප්‍රශ්න ගොඩකට උත්තරත් එක්ක Thrill එක වැඩිකරගෙන මේ Event එක බලන්න පුලුවන් වෙන විදිහේ කතාවක් කියන්නම්.
මේ දවස්වල ගොඩ දෙනෙක් මට සුභ පතන නිසාත් ලංකාවේ මළල ක්‍රීඩාව ගැන ගොඩදෙනෙක් උනන්දු වෙන නිසා මේකට සුදුසු මේ වෙලාව කියලා මං හිතුවා.
අපිට පේන හැමදේම ඇතුලේ පේනවට වඩා දෙයක් තියනවා. ඒ දේ ගැන හරියට අවබෝධය කරගත්තම තමයි ඒක ගැන පොඩි හෝ අදහස් ගන්න පුලුවන්. ඉතින් ඒ අවබෝධය තුලින් යන්න පුලුවන් දුර බොහොමයි.
මුලින්ම කියන්න ඕනි නිකන් දුවනවා වගේ පෙනුනට මේක ඇතුලේ සාමාන්‍ය කෙනෙක්ට හිතාගන්න බැරි දේවල් ගොඩක් තියනවා. මං උපරිම සරලව අදහසක් ගන්න දේවල් ටිකක් කියන්නම් කෙටියෙන්. මළල ක්‍රීඩාවෙන් අවම ජාතික මට්ටමට ආව කෙනෙක්ට මේ ගැන අදහසක් තිබුනත් ගොඩක් අයට මේ දේ ගැන අදහසක් නෑ (ලංකාවේ සමහර බලධාරීන් ඇතුලුව ) ඒ නිසා මේ ක්‍රීඩාවට ආදරේ කරන අයට වගේම බලධාරීන්ට මේ ගැන ප්‍රායෝගිකව අදහසක් ගන්න මං මේ කියන දේ කරන්න පුලුවන් තැනක නම් ඉන්නේ උත්සාහ කරන්න.
මේ තරගයේ දුර මීටර් 100. මේ දුර තත්පර 10 කින් දුවලා ඉවර කරනවා. ළඟ තියන ඔරලෝසුවේ තත්පර 10ක් ගනන් කරන්න. ඒ එක්කම හිතන්න මීටර් 100ක දුරත්. ඒ කියන්නේ අපි තත්පරකට මීටර් 10ක දුරක් දුවනවා. දැන් තමන් ඉන්න තැන මිටර් 10ක් ලකුණු කරගෙන ඒ ලක්ෂ දෙක අතර තත්පරයක් ඇතුලත දුවන විදිහ ගැන කල්පනා කරන්න. ඕනි නම් උත්සාහ කරලා බලන්නත් පුලුවන්.
දැන් ඊළඟ කාරණය, තරගේ ආරම්භයේ ඉඳලා හැම මීටර් 10ම තත්පරයකින් දුවන්න බෑ. උපරිම වේගයක් ගන්න යම්කිසි දුරක් යනවා. (උදා – වාහනයයක්, ප්ලේන් එකක්)
Q – එහෙනම් කොහොමද තත්පර 10කින් මීටර් 100ක් දුවන්නේ ?
A – උපරිම වේගය ලබාගන්න ගමන් ඒ වේගය තුළ අපි හැම මීටර් 10ක් ම තත්පරයකට අඩුවෙන් දුවනවා. ඒ කියන්නේ මීටර් 10ක් තත්පර 0.87 / 0.88 / 0.90 / 0.91 වගේ. දැනට ලෝකේ තරගාවලියක වාර්තා වෙලා තියන අඩුම කාලයේ වාර්තාව තියෙන්නේ උසේන් බෝල්ට් ට. ඒ මීටර් 10 තත්පර 0.81 ක් තුල අවසන් කරලා.
දැන් බලමු Records ටික
ලෝක වාර්තාව – තත් 9.58 – උසේන් බෝල්ට් 2009
යුරෝපා වාර්තාව – තත් 9.80 – මාශල් ජේකොබ් 2021
අෆ්‍රිකානු වාර්තාව – තත්. 9.77 – ඔමයියලා 2021
ඇමරිකානු කලාපීය වාර්තාව – තත් 9.69 – ටයිසන් ගේ 2009
ආසියානු වාර්තාව – තත් 9.82 – සූ බින්ග්ටන් 2021
දකුණු ආසියානු වාර්තාව – තත් 10.06 – යුපුන් අබේකෝන් 2022
පොඩි අදහසක් ගන්න පුලුවන්ද දැන් මේක ගැන. මේක ලේසි නෑ. මං එහෙම කියන්නේ මම උසේන් බෝල්ට්ගේ වාර්තාවට ඉතා ළඟයි කියලා ගොඩක් අය කතාකරන නිසා. ඔව් තත්පර බිංදුවයි දශම හතරයි අටක් (0.48 sec ) තමයි. ඒක ලේසි දෙයක් නෙමෙයි කියලා දැන් අවබෝධ වෙනවා ඇති. අනිත් කාරණය, උසේන් බෝල්ට් සහ ටයිසන් ගේ අරුනහ අනිත් හැමෝම මේ වෙලේ මං එක්ක තරග කරනවා. ඉතින් ඒ අයත් එක්ක එක රේස් එකක හිටගන්නවා කියන්නෙත් ජීවිතේ ලබන ලොකු ජයග්‍රහණයක්. කැපවීමෙන් ලබාගත්තු ජයග්‍රහණයක්.
මේ දේ එක පාර අවුරුද්දකින් කරන්න බෑ. මේක process එකක්. කැපවීමෙන් අත් නොහැර අවුරුදු ගානක මහන්සියෙන් ලබාගන්න ඕනි දෙයක්.
ඒක මම අවුරුද්දක් ඇතුලත වාර්තා කරපු හොදම කාලයන් එක්ක සසඳලා බලන්න පුලුවන්.
2015 – තත් 10.58
2016 – තත් 10.52
2017 – තත් 10.49
2018 – තත් 10.31
2019 – තත් 10.44
2020 – තත් 10.16
2021 – තත් 10.15
2022 – මේ දක්වා තත් 10.06
මේ දේ තව කොච්චර අමාරුද කියලා තව විදිහකට කියන්නම්. එදා මෙදා තුළ මේ ලොකේ දැනට මීටර් 100ක් තත්පර 9.60ට වඩා අඩුවෙන් දුවලා තියෙන්නේ එක්කෙනයි. 9.70ට වඩා අඩුවෙන් දුවලා තියෙන්නේ දෙන්නයි. ආසියාවේ තත්පර 9.90ට වඩා අඩුවෙන් දුවලා තියෙන්නේ එක්කෙනෙයි. දකුණු ආසියාවේ තත්පර 10.20ට වඩා අඩුවෙන් දුවලා තියෙන්නේ එක්කෙනයි. මුලු ආසියාවෙම මේ දක්වා තත්පර 10ට වඩා අඩුවෙන් දුවලා තියෙන්නේ 9 දෙනෙක් විතරයි.
බිලියන කීයක් මේ මොහොතේ ජීවත් වෙනවද ? බිලියන කීයක් මේ වෙද්දී මැරිලා තියනවද ? දුවන එක මෙච්චර ලේසී නම් එහෙනම් ඇයි මේ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි මේ Limits pass කරලා තියෙන්නේ ? ඒක ඒ තරම් අමාරුයි. මේවා Projects. ඒ ඒ රටවල් තමන්ගේ Athlete ලව අවුරුදු ගානක් තිස්සේ ට්‍රේනින් කරවන්නේ එහෙම ප්‍රොජෙක්ට්ස් වලින් Medals ගන්න, Targets Achieve කරන්න තමයි. ලංකාවෙන් ලැබෙන සහයෝගය කියන්න ගියොත් මේ කතාවේ වටිනාකම නැතුව යනවා. ඒ නිසා ඒක අනාගතයට.
මළල ක්‍රීඩාවේ මැජික් නම්බර්ස් කියලා ජාතියක් තියනවා. මං ටිකක් කියනම් ඒවගෙන්. මේවා ක්‍රීඩකයින්ගේ හීන. මේවා Achieve කරන අයට තමයි අපේ භාශාවෙන් කිවුවොත් සුපිරි ඩයල් කියලා කියන්නේ. ඒ කියන්නේ කරන්න ගොඩක්ම අමාරු හැබැයි කරන්න පුලුවන් පිරිසකුත් ඉන්නවා. අනිත් දක්ෂතා කුණු කූඩෙට නෙමෙයි. නමුත් මේවා ඒ තරම්ම අමාරුයි.
Men’s :-
100 M – 9.99
200 M – 19.99
400 M – 43.99
Long jump – Over 8.50 m
Triple Jump – Over 18 m
හොයලා බලන්න මේවා Achieve කරලා තියෙන්නේ කවුද ? කීදෙනෙක් ද කියලා. බොහොම සුලු පිරිසක් කියලා ඔයාලට පෙනෙයි. ශක්තිමත් ජාන සහ උත්පත්ති හැකියාවන් තියන ක්‍රීඩකයින් ගොඩක් අතරින් බොහොම ටික දෙනෙක් ඒ ඒ ඉසව් වලින් Boundary Lines පාස් කරලා තියනවා කියලා පෙනේවි.
මේ ඉසව්වේ අපි විනාඩි ගැන කතා කරන්නේ නෑ. තත්පර ගැන අදාලත් නෑ. ෆයිට් එක තියෙන්නේ තත්පරනුත් කොටස් එක්ක. මෝටර් රේස් බලලා තියනවා නම් දන්නවා ඇති කාලයන් පෙන්නන්නේ දශමස්තාන 3කට. ඒ කියන්නේ තත්පරේ කොටස් 3කට කඩලා. (0.000 sec ) ඒ ඇයි ? හේතුව තමයි ඒක ගොඩක් වේගවත් නිසා. අපේ තරගවලත් ප්‍රතිපල දෙන්නේ ඒ විදිහට. මොකද තරගය ගොඩක් වේගවත්. තත්පර දශම බින්දුවයි බින්දුවයි එකත් තරගයේ ජයග්‍රහණයට වටින්නේ ඒ නිසා.
අනිත් කාරණය දුවන දුවන හැම Race එකකම පුද්ගලික හොඳම කාලය වාර්තා කරන්න බෑ. අපි ප්‍රෝගෑම් කරපු මැෂින් නෙමෙයි. එහෙම කරන්න පුලුවන් නම් 2009 තියපු වාර්තාව උසේන් බොල්ට් ට 2017 වෙනකනුත් අලුත් කරන්න බැරි වෙන්න විදිහක් නෑ. ඒ වගේම ඒ දවසේ ක්‍රීඩකයෙක් වාර්තා කරන කාලයට බලපෑමක් කරන්න පුලුවන් කාරනා ගොඩක් තියනවා.
⚫️ සුළඟ
සුළඟ ගණනය කරන්නේ තත්පරකට මීටර් වලින්. තරගය තියන දිශාවට සුළඟ විසින් එල්ල කරන බලපෑම Positive wind සහ Negative Wind විදිහට සලකනවා. Positive wind වලින් අපිට ධාවනයට උදව් කරනවා වගේම ඒක +2.0 MS-1 ට වඩා වැඩි වුණොත් එය වාර්තාවක් විදිහට ගණනය කරන්නේ නෑ. Negative wind වලින් ධාවනයට බාධා කරනවා. එය (- wind ) විදිහට පෙන්නවනවා. ඒක වැඩි වන තරමට දුවන්න තියන බාධාව වැඩි කරවනවා.
⚫️ ධාවන පථය
ලෝකේ විවිධ ධාවන පථ තියනවා. Hard / Soft / low bouncing / High Bouncing / High Reactive / low reactive / chip track / mondo track / New track / Old track විදිහට ධාවන පථ වර්ග සහ ඒ ඒ පථවලට අනුරූප ලක්ෂණ තියනවා. ඒක ගැන හොඳ අවබෝධයකින් තරග කරන්න සිද්ධ වෙනවා.
⚫️ දේශගුණය සහ කාලගුණය (සීත / රස්නය / වාතයේ ආද්‍රතාවය / වාතයේ ඝණත්වය )
⚫️ ධාවන පථය මුහුදු මට්ටමේ සිට පිහිටන උස
⚫️ තරග කරන ප්‍රතිවාදීන්
⚫️ශරීරයේ මාංශ පේශී වල නිරෝගිමත්භාවය
⚫️මානසික සෞඛ්‍ය මට්ටම
⚫️තරගයට කලින් තියන මානසික තත්වය
⚫️කරපු පුහුණුවීම් වල ඇති ධාරිතාව
⚫️ලබපු පුහුණුවීම් ගැන තියන Positive Feeling එක
⚫️අත්දැකීම්
⚫️තරගාවලින් ලැබූ ඇත්දැකීම්
⚫️වාසනාව (මම වාසනාවට වඩා පුහුණුවීම් විශ්වාස කරන කෙනෙක්. ඒත් දවසේ වාසනාව කියන දේ බලපාන වෙලාවල් තියනවා)
මේ වගේ ගොඩක් දේවල් තියනවා. මේ පොඩි කාරණා ටිකක් විතරයි. මේ වෙනස් කරන්න පුලුවන් සහ වෙනස් කල නොහැකි දේවල්. මේ වගේ දේවල් ගොඩක් මැද තමයි ක්‍රීඩකයක්ගේ කාලය මීටර්100ක් අවසානයට සටහන් වෙන්නේ. ඉතින් මේ මූලික කරුණු කිහිපයක් විතරයි. මං හිතනවා මේ කරුණු ප්‍රමාණවත් ඇයි මීටර් 100 මේ තරම් ජනප්‍රිය ඒ වගේම අමාරු කියලා.
https://fb.watch/e1sTzRzfeQ/
– යුපුන් අබේකෝන් –