හෙට සිට යලිත් පාසල් නිවාඩු

හෙට (04) සිට ජූලි 08 වැනිදා දක්වා දිවයින පුරා සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩුසතියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එය අධ්‍යාපන නිලධාරීන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමග තාක්ෂණය ඔස්සේ අදපෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ගත් තීරණයකට අනුවය.

පසුගිය සති දෙක පාසල් වලට විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා සිසුන්ගේ පැමිණීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුවමෙම තීරණය ගෙන තිබේ.

එම සතිය තුළ අහිමි වන පාසල් කාලය ඉදිරි පාසල් නිවාඩු වාරයේදී ආවරණය කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Social Sharing
නවතම