මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනිතැබීම්, පොදු දේපල පනතට අයිති ද?

පසුගිය මැයි මස 9 වනදා ගෝල්ෆේස් පිටියේ සිටි සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමෙන් ආරම්භ වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලඅවසානය සටහන් වූයේ බොහොමයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික නිවාසවලට ජනතාව හානි කිරීමෙනි.එම හානිකිරීම්සහ ගිනිතැබීම් සම්බන්ධව සැකකරුවන් මේ වන විට අධිකරණය ඉදිරියට පමුණුවන බව පෙනෙන්නට ඇත.මෙම සැකකරුවන්ටඑරෙහිව කරුණු වාර්තා කිරීමේදී 1988 අංක76 දරණ පනතින් සහ 1999 අංක 28 දරණ පනතින් සංශෝධනය වූ 1982 අංක12 දරණ පොදු දේපල පනත යටතේ කරුණු වාර්තා කළ හැකිද යන්න සාකච්ඡා කිරීම මෙම ලියමනේ පරමාර්ථය යි.

 

පොදු දේපල පනත යටතේ අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවක ඇප ලබා දිය හැක්කේ කුමන තත්වයන් යටතේ යන්න08 වන වගන්තියේ දක්වා ඇත.එම වගන්තිය කෙරෙහි පළමුව අවධානය යොමු කර බලමු.

08.(1) මේ පනත යටතේවරදක් සිදු කර ඇති බවට හෝ වරදක් සිදු කිරීමෙහිලා සම්බන්ධ වූ බවට නැතහොත් වරදක් සිදුකිරීමෙහිලා සම්බන්ධ වී යයි සැක කරනු ලබන බවට වූ චෝදනාවක් මත යම් තැනැත්තකු යම් අධිකරණයකට භාර වන්නා වූ හෝනැතහොත්  සිරභාරයට ගනු ලැබ යම් අධිකරණයක් වෙත ඉදිරිපත් කරනු ලබන්නා වූ අවස්ථාවක ඇප සම්බන්ධයෙන් 1979 අංක15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ විධිවිධාන අදාල විය යුතුය.

එසේ වුවද වරද සිදු කරන ලද්දේ යම් වස්තුවක් සම්බන්ධයෙන් විෂය වස්තුවෙහි වටිනාකම රුපියල් විසිපන්දහසක් ඉක්මවනබවට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිලයට පහත් නොවන නිලයකට අයත් රාජ්‍ය නිවේදිත නිලධාරියෙකු විසින් සහතිකකරනු ලබන අවස්ථාවක නඩු විභාගය අවසන් කරනු ලබන තෙක් තැනැත්තා  රිමාන්ඩ් භාරයෙහි තබා ගනු ලැබියයුතුය.අසාමාන්‍ය අවස්ථාවලදී ඇප පිට මුදාහැරීමට හේතු සටහන්  කිරීමෙන් පසුව තැනැත්තා ඇප පිට මුදාහැරීමටඅධිකරණයට බලය තිබිය යුතුය.

ඉහත වගන්තිය අනූව පොදු දේපල පනත යටතේ වන සැකකරුවෙකුට ඇප ලබා දිය හැක්කේ සැකකරු හා නඩුව සම්බන්ධවඉදිරිපත් කරනු ලබන සුවිශේෂී කරුණු මත පමණි.එම සුවිශේෂී කරුණු මොනවාද යන්න පනතේ දක්වා නොමැති අතර ඉහළඅධිකරණ විටින් විට ලබා දුන් තීරණ මගින් යම් තාක් දුරකට දක්වා ඇත.පොලිසිය විසින් මෙම පනත හරහා සැකකරුවන්ටඑරෙහිව චෝදනා ගෙන ඒමට බොහෝවිට බලපාන හේතුවක් වන්නේ සැකකරුවන්ට ඇප ලබාගැනීමට දුෂ්කර තත්වයක් පැවතීමයි.

පොදු දේපල පනතේ දක්වා ඇති වැරදි මොනවාද  යන්න මීළඟට සොයා බලමු.පනතේ 02 වගන්තිය  මගින් පොදු දේපලකට කරනඅනර්ථය,03 වගන්තිය මගින් පොදු දේපලක් සොරකම් කිරීම,04 වගන්තිය මගින් පොදුදේපලක් කොල්ලකෑම සහ 05 වගන්තියමගින් පොදු දේපල සම්බන්ධව වංක ව්‍යපහරණය,සාපරාධී විශ්වාසය කඩ කිරීම,ව්‍යාජ ලේඛන සෑදීම,ගිණුම් වරදවා පෙන්වීම සහසොරබඩු ළඟ තබාගැනීම යන ඒවා වැරදි ලෙස දක්වා ඇත.මෙම වැරදි අතරින් වංක ව්‍යපහරණය සහ ගිණුම් වරදවා පෙන්වීමයන වැරදි හැර සෙසු සියලු වැරදි දණ්ඩ නීති සංග්‍රහයේ සදහන් වැරදි වේ.නමුත් මෙම පනතේ වැරදි දණ්ඩ නීති සංග්‍රහයේවැරදිවල උග්‍රකාරක අවස්ථාවක් (Aggravated Form) හෙවත් වැඩි දඬුවමක් නියම කරන ලද අවස්ථාවකි. අනූව ඉහතවරදක් සදහා වසර 01 සිට 20 දක්වා සිර දඬුවම් සහ රුපියල් දහසක දඩයකින් හෝ අපරාධයට ලක් වූ දේපලෙහි වටිනාකමමෙන් තුන් ගුණයක දඩයක් යන දෙකෙන් වැඩි වටිනාකම ඇති මුදල දඩයක් ලෙස නියම කිරීමට අධිකරණයට බලය ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුද්ගලික නිවසක් මෙම පනත යටතට අයත් වනවාද යන්න මදක් විමසා බලමු. සදහාපොදුදේපලයන්න අර්ථනිරූපණය කොට ඇති අර්ථනිරූපණ වගන්තිය වන 12 වන වගන්තිය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

12. “පොදු දේපලයන්නෙන්, ආණ්ඩුවේ දේපල යම් දෙපාර්තමේන්තුක,ව්‍යවස්ථාපිත මණ්ඩලක,රාජ්‍යසංස්ථාවක,බැංකුවක,සමූපකාර සමිතියක හෝ සමූපකාර සංගමයක දේපළ අදහස් වේ.

නීතීඥ සාරංග වාදසිංහ

Social Sharing
නවතම විශේෂාංග