2026 වසරේත් මෙරට 22%ක් දරිද්‍රතා මට්ටමෙන් පහළ ඇයි?

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්ත සමග කළ සංවාදයක් ඇසුවත් සකස් කළ ලිපියකි.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු යම් ස්ථායිතාවක් ලබාගෙන ඇති බව පෙනුණත්, එහි ප්‍රතිලාභ ජනතාවගේ දෛනික ජිවිතයට සම්පුර්ණයෙන්ම හලා නොයෑම අද රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. විශේෂයෙන්ම 2026 වන විටත් ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් දරිද්‍රතාවට යටත් වී සිටීම. ආර්ථික වර්ධනය හා සමාජ ආරක්ෂණ අතර ඇති හිඩැස නැවතත් ප්‍රශ්නයට ලක් කරයි. World Bank පුරෝකථන අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය 2024 දී සියයට 24.9 සිට 2025 දී සියයට 22.4 දක්වා අඩු වීමට අපේක්ෂා කළත්, එය තවමත් 2019 මට්ටමට වඩා දෙගුණයකට ආසන්නව ඉහළ මට්ටමක පවතින බව වාර්තා කර ඇත.

ආර්ථිකය යම් තරමින් ස්ථායී වෙමින් තිබියදීත්, දරිද්‍රතාව තවමත් ඉහළ මට්ටමක පවතින්නේ ඇයි?

ආර්ථික ස්ථායිතාව සහ ජනතාවගේ ජිවන තත්වය අතර කාල පරතරයක් තිබෙනවා. විදේශ විනිමය සංචිතවැඩිවීම, උද්ධමනය අඩු වීම, සංචාරක ආදායම් සහ විදේශ මුදල් ගලා ඒම් වර්ධනය වීම වැනි Macroeconomic Indicators යහපත් වුවද, ඒවා ගෘහස්ථ ආදායම, රැකියා, ආහාර මිල, සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් වැනි ජනතාවට දැනෙන ක් ක්ෂේත්‍ර වලට ඉක්මනින් පරිවර්තනය වන්නේ නැහැ. අර්බුද සමයේදී බොහෝ පවුල්වල ඉතුරුම් අවසන් වුණා. ණය බර වැඩි වුණා. ආදායම් අඩු වුණා දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, පෝෂණය වැනි ක්ෂේත්‍ර වල බලපෑම් දිගු කාලීනව පවතිනවා. ඒ නිසා, ආර්ථිකය පත්‍රිකාවල ස්ථායී වුවත්, ගෙදර මුළුතැන්ගෙයි තත්වය තවමත් අස්ථාවරයි.

“දරිද්‍රතාව සියයට 22” කියන සංඛ්‍යාව අපට කියන්නේ කුමක්ද?

එය සංඛ්‍යාවක් පමණක් නොවෙයි. එයින් අදහස් වන්නේ රටේ ජනගහනයෙන් පස්දෙනකුගෙන් එක් අයකුට වඩා වැඩි පිරිසක් තවමත් අවම ජීවන අවශ්‍යතා සපුරා ගැනීමට අපහසු තත්වයක සිටින බවයි. තවත් වැදගත් කරුණක් වන්නේ දරිද්‍රතා රේඛාවට ඉහළින් සිටින පිරිසක් ද ඉතා අවදානම් තත්වයක සිටීමයි. World Bank සඳහන් කළ පරිදි, ජනගහනයෙන් තවත් සියයට 10ක් පමණ දරිද්‍රතාවට ආසන්න අවදානම් තත්වයක ජීවත් වේ.
ඒ අනුව ප්‍රශ්නය වන්නේ දරිද්‍රයන් පමණක් නොව, දරිද්‍රතාවට වැටීමට ඉතා ආසන්න පිරිසද ආරක්ෂා කරන්නේ කෙසේද යන්නයි.

ආහාර මිල සහ දරිද්‍රතාව අතර සම්බන්ධය කුමක්ද?

ආහාර වියදම අඩු ආදායම් ලබන පවුල්වල ජිවිතයේ විශාල කොටසක් අල්ලා ගන්නවා. වැඩි ආදායම් ලබන පවුලකට ආහාර මිල ඉහළ යාම අපහසුතාවක් වුවත්, අඩු ආදායම් පවුලකට එය අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමන් වියදම්, නිවාස වියදම් සියල්ලටම බලපාන අර්බුදයක් බවට පත් වෙනවා.
World Bank වාර්තාව අනුව. අඩු ආදායම් පවුල් ආහාර සඳහා වෙන් කරන වියදම් කොටස, වැඩි ආදායම් පවුල් වලට
වඩා සැලකිය යුතු ලෙස වැඩි බවත්, Food Insecurity තවමත් අභියෝගයක් බවත් සඳහන් වේ.
සහ එබැවින් ආර්ථික ප්‍රතිසංස්කරණය ගැන කතා කිරීමේදී ආහාර මිල, පෝෂණය, ගෘහස්ථ ආදායම් දරුවන්ගේ සෞඛ්‍ය තත්වය එකට බැලිය යුතුයි.

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) වැනි ආයතනයක කාර්යභාරය මේ තත්වයේදී වැදගත් වන්නේ ඇයි?

CEPA වැනි පරේක්ෂණ ආයතන දරිද්‍රතාව සංඛ්‍යාවක් ලෙස පමණක් නොව, මිනිසුන්ගේ ජිවිත අත්දැකීම් ලෙසත් විග්‍රහ කරයි. CEPA විසින් පරේක්ෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, සමාජ ක්‍රියාකාරීන් සහ විවිධ සමාජ -ආර්ථික පසුබිම්වල ජනතාව සමඟ දරිද්‍රතාව හා අසමානතාව පිළිබඳ අදහස් ගොනු කිරීමේ වැඩ සටහන් කර ඇති බව CEPA ප්‍රකාශන වල දක්වා ඇත.

ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී එක අමතක වුවහොත්, ආධාර වැඩසටහන් සහ ආර්ථික සැලසුම් දෙකම ඉලක්කය මඟ හැරිය හැකියි. ඒ නිසා දත්ත, ක්ෂේත්‍ර අත්දැකීම් සහ ප්‍රතිපත්ති අතර පාලමක් තැනීම CEPA වැනි ආයතනවල වැදගත් කාර්ය භාරයකි.

එය සංඛ්‍යාවක් පමණක් නොවෙයි. එයින් අදහස් වන්නේ රටේ ජනගහනයෙන් පස්දෙනකුගෙන් එක් අයකුට වඩා වැඩි පිරිසක් තවමත් අවම ජීවන අවශ්‍යතා සපුරා ගැනීමට අපහසු තත්වයක සිටින බවයි. තවත් වැදගත් කරුණක් වන්නේ දරිද්‍රතා රේඛාවට ඉහළින් සිටින පිරිසක් ද ඉතා අවදානම් තත්වයක සිටීමයි. World Bank සඳහන් කළ පරිදි, ජනගහනයෙන් තවත් සියයට 10ක් පමණ දරිද්‍රතාවට ආසන්න අවදානම් තත්වයක ජීවත් වේ.

ඒ අනුව ප්‍රශ්නය වන්නේ දරිද්‍රයන් පමණක් නොව, දරිද්‍රතාවට වැටීමට ඉතා ආසන්න පිරිසද ආරක්ෂා කරන්නේ කෙසේද යන්නයි.

ආහාර මිල සහ දරිද්‍රතාව අතර සම්බන්ධය කුමක්ද?

ආහාර වියදම අඩු ආදායම් ලබන පවුල්වල ජිවිතයේ විශාල කොටසක් අල්ලා ගන්නවා. වැඩි ආදායම් ලබන පවුලකට ආහාර මිල ඉහළ යාම අපහසුතාවක් වුවත්, අඩු ආදායම් පවුලකට එය අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමන් වියදම්, නිවාස වියදම් සියල්ලටම බලපාන අර්බුදයක් බවට පත් වෙනවා.
World Bank වාර්තාව අනුව. අඩු ආදායම් පවුල් ආහාර සඳහා වෙන් කරන වියදම් කොටස, වැඩි ආදායම් පවුල් වලට වඩා සැලකිය යුතු ලෙස වැඩි බවත්, Food Insecurity තවමත් අභියෝගයක් බවත් සඳහන් වේ. සහ එබැවින් ආර්ථික ප්‍රතිසංස්කරණය ගැන කතා කිරීමේදී ආහාර මිල, පෝෂණය, ගෘහස්ථ ආදායම් දරුවන්ගේ සෞඛ්‍ය තත්වය එකට බැලිය යුතුයි.

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) වැනි ආයතනයක කාර්යභාරය මේ තත්වයේදී වැදගත් වන්නේ ඇයි?

CEPA වැනි පරේක්ෂණ ආයතන දරිද්‍රතාව සංඛ්‍යාවක් ලෙස පමණක් නොව, මිනිසුන්ගේ ජිවිත අත්දැකීම් ලෙසත් විග්‍රහ කරයි. CEPA විසින් පරේක්ෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, සමාජ ක්‍රියාකාරීන් සහ විවිධ සමාජ -ආර්ථික පසුබිම්වල ජනතාව සමඟ දරිද්‍රතාව හා අසමානතාව පිළිබඳ අදහස් ගොනු කිරීමේ වැඩ සටහන් කර ඇති බව CEPA ප්‍රකාශන වල දක්වා ඇත. ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී එක අමතක වුවහොත්, ආධාර වැඩසටහන් සහ ආර්ථික සැලසුම් දෙකම ඉලක්කය මඟ හැරිය හැකියි. ඒ නිසා දත්ත, ක්ෂේත්‍ර අත්දැකීම් සහ ප්‍රතිපත්ති අතර පාලමක් තැනීම CEPA වැනි ආයතනවල වැදගත් කාර්ය භාරයකි.

එය සංඛ්‍යාවක් පමණක් නොවෙයි. එයින් අදහස් වන්නේ රටේ ජනගහනයෙන් පස්දෙනකුගෙන් එක් අයකුට වඩා වැඩි පිරිසක් තවමත් අවම ජීවන අවශ්‍යතා සපුරා ගැනීමට අපහසු තත්වයක සිටින බවයි. තවත් වැදගත් කරුණක් වන්නේ දරිද්‍රතා රේඛාවට ඉහළින් සිටින පිරිසක් ද ඉතා අවදානම් තත්වයක සිටීමයි. World Bank සඳහන් කළ පරිදි, ජනගහනයෙන් තවත් සියයට 10ක් පමණ දරිද්‍රතාවට ආසන්න අවදානම් තත්වයක ජීවත් වේ. ඒ අනුව ප්‍රශ්නය වන්නේ දරිද්‍රයන් පමණක් නොව, දරිද්‍රතාවට වැටීමට ඉතා ආසන්න පිරිසද ආරක්ෂා කරන්නේ කෙසේද යන්නයි.

ආහාර මිල සහ දරිද්‍රතාව අතර සම්බන්ධය කුමක්ද?

ආහාර වියදම අඩු ආදායම් ලබන පවුල්වල ජිවිතයේ විශාල කොටසක් අල්ලා ගන්නවා. වැඩි ආදායම් ලබන පවුලකට ආහාර මිල ඉහළ යාම අපහසුතාවක් වුවත්, අඩු ආදායම් පවුලකට එය අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමන් වියදම්, නිවාස වියදම් සියල්ලටම බලපාන අර්බුදයක් බවට පත් වෙනවා. World Bank වාර්තාව අනුව. අඩු ආදායම් පවුල් ආහාර සඳහා වෙන් කරන වියදම් කොටස, වැඩි ආදායම් පවුල් වලට වඩා සැලකිය යුතු ලෙස වැඩි බවත්, Food Insecurity තවමත් අභියෝගයක් බවත් සඳහන් වේ. සහ එබැවින් ආර්ථික ප්‍රතිසංස්කරණය ගැන කතා කිරීමේදී ආහාර මිල, පෝෂණය, ගෘහස්ථ ආදායම් දරුවන්ගේ සෞඛ්‍ය තත්වය එකට බැලිය යුතුයි.

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) වැනි ආයතනයක කාර්යභාරය මේ තත්වයේදී වැදගත් වන්නේ ඇයි?

CEPA වැනි පරේක්ෂණ ආයතන දරිද්‍රතාව සංඛ්‍යාවක් ලෙස පමණක් නොව, මිනිසුන්ගේ ජිවිත අත්දැකීම් ලෙසත් විග්‍රහ කරයි. CEPA විසින් පරේක්ෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, සමාජ ක්‍රියාකාරීන් සහ විවිධ සමාජ -ආර්ථික පසුබිම්වල ජනතාව සමඟ දරිද්‍රතාව හා අසමානතාව පිළිබඳ අදහස් ගොනු කිරීමේ වැඩ සටහන් කර ඇති බව CEPA ප්‍රකාශන වල දක්වා ඇත. ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී එක අමතක වුවහොත්, ආධාර වැඩසටහන් සහ ආර්ථික සැලසුම් දෙකම ඉලක්කය මඟ හැරිය හැකියි. ඒ නිසා දත්ත, ක්ෂේත්‍ර අත්දැකීම් සහ ප්‍රතිපත්ති අතර පාලමක් තැනීම CEPA වැනි ආයතනවල වැදගත් කාර්ය භාරයකි.

කෙසේ පවත්වාගත යුතුද?

සමාජ ආරක්ෂණය වියදමක් ලෙස පමණක් නොව, ආයෝජනයක් ලෙස බැලිය යුතුයි. දරුවකුගේ පෝෂණය අඩු වීම අධ්‍යාපන අනාගතයේ ප්‍රතිඵල වලට සහ රැකියා හැකියාවට බලපානවා. ගෘහස්ථ ආදායම කඩා වැටීම, ණය බර වැඩි වීම සහ සෞඛ්‍ය වියදම් වැඩි වීම පවුලක් පරම්පරා ගණනාවකට දරිද්‍රතාවේ රඳවා තබා ගත හැකියි.
එබැවින් Fiscal Discipline අවශ්‍ය වුවත්, එය ජනතාවගේ මූලික අවශ්‍යතා කප්පාදු කිරීමක් බවට පත් නොවිය යුතුයි. ප්‍රතිසංස්කරණ මිනිසුන්ගේ ජීවිත වලට ගැළපෙන ලෙස නිර්මාණය කළ යුතුයි.

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ වසර 25 ක (CEPA) අත්දැකීම් සමඟින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රධාන පාඩම කුමක්ද?

දරිද්‍රතාව යනු ආදායම අඩු වීම පමණක් නොවෙයි. එය අධ්‍යාපනය, සෞඛ්‍යය, පෝෂණය, නිවාස, ජීවනෝපාය, සමාජ ආරක්ෂාව සහ Dignity යන සියල්ල සමඟ බැඳුණු තත්වයකි. ඒ නිසා දරිද්‍රතාව අවම කිරීම සඳහා එක් අමාත්‍යාංශයකට හෝ එක් ආධාර වැඩසටහනකට පමණක් සීමා වූ විසඳුම් ප්‍රමාණවත් නැහැ. අවශ්‍ය වන්නේ සාක්ෂි මත පදනම් වූ, ජනතාවට ළඟා වන, දිගු කාලීන, සහ දේශපාලන වෙනස් ස්වීම් වලින් නොකැඩෙන ප්‍රතිපත්ති රාමුවකි.

ශ්‍රී ලංකාව අර්බුදයෙන් පසු යම් ආර්ථික ස්ථායීතාවක් ලබා තිබුණත්, එය සාර්ථක බවට සැලකිය හැක්කේ දරිද්‍රතාව සැලකිය යුතු ලෙස අඩු වූ විට පමණි. 2026 දීත් ජනතාවගෙන් සියයට 22 ක් දරිද්‍රතාවට යටත්ව සිටීම, වර්ධනයේ ප්‍රතිලාභ සමාජයේ පහළ ස්ථර වෙතගලා යෑමේ අඩුපාඩුවක් පෙන්වයි.

ආර්ථික වර්ධනය, සමාජ ආරක්ෂණය. ආදායම් උත්පාදනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම එකට ගෙන යන වැඩපිළිවෙළක් නොමැතිව, ශ්‍රී ලංකාවට දරිද්‍රතාව සංඛ්‍යාවෙන් අඩු කරගත හැකි වුවද, ජනතාවගේ ජීවන තතත්වය සැබෑ ලෙස ඉහළ නැංවීම දුෂ්කර වනු ඇත.

උපුටා ගැනීම ඉරිදා ලංකාදීප

Social Sharing
ආර්ථික පුවත්