රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කිඹුල් දේශපාලන ජීවිතය

දේශපාලන වාර්තා තැබීම ලේසිපාසු කටයුත්තක් නොවේ. එහෙත් රනිල් වික්‍රමසිංහට දේශපාලන වාර්තා තැබීම කජු කනවා තරම්පහසු දෙයකි. ඔහුගේ අලුත්ම දේශපාලන ලෝක වාර්තාව වන්නේ ඔහු මිට සතියකට පෙර අගමැති තනතුරට පත් වීමෙනි. ඔහු මේතනතුරට පත් වෙද්දී ඔහු නායකත්වය දරණ එක්සත් ජාතික පක්ෂයට තිබුනේ ඔහු නියෝජනය කළ මන්ත්‍රී ධූරය පමණි. එය ලබාගැනීමටත් රනිල් 2020 මහාමතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තේ චන්ද 30,000 පමණි මේ නිසා ජාතිකලැයිස්තුවෙන් පැමිණීම මෙන්ම ඔහුගේ අගමැති තනතුර බෝනස් හෙවත් ප්‍රසාද දීමනාවකි. ඔහුගේ දේශපාලන උපායන්සමවන්නේ කිඹුල් දඩයම් වලටය. කිඹුලා දඩයම කරගන්නා තෙක් ඉවසිලලෙන් මාන බලන්නේ . අවසානයේ ගොදුර තමන් දඩයම්වූ බව දැන ගන්නේ කිඹුල් කටේ දීය.  

රනිල් පැවතෙන්නේ උනන්දු සහගත දේශපාලන පරම්පරාවකිනි. ඔහුගේ පිය පාර්ශවයේ මුතුන් මිත්තෝ ගාල්ලේ බද්දේගමප්‍රදේශයෙ මුල් භූමිය කරගත්, ඉංග්‍රිසි පාලන සමයේ ඇංග්ලිකානු ක්‍රිස්තියානියට හැරුණු ප්‍රභුවරු වුහ. ඔහුගේ පිය පාර්ශවයේ සීයාලංකාවේ මුලම ස්වදේශික ඉඩම් කොමසාරිස්වරයා . ඔහුගේ මව්පාර්ශවයේ සියා ලේඛවුස් පුවපත් සමාගමේ ආරම්භකයා වූඩී.ආර්. විජේවර්ධනය. ඩී.ආර්. ගේ දෙමාපියෝ තුඩුගලගේ දොන් පිලිප් විජේවර්ධන හා හෙලේනා විගේවර්ධන වීරසිංහය. කැළණිවිහාරයේ දායකයන් වූ ඔවුහු සැදැහැවත් බෞද්ධයන් හැටියට ප්‍රකට වූහ. 19 හා 20 සියවස්වල ප්‍රභූ විවාහ චාරිත්‍ර  අනුව යමින්මොවුහු උඩරටපහතරට මුසු කරමින් අවාහවිවාහ කර ගත්තෝය

පුදුමයකට මෙන් ඩී.ආර්. ඔහුගේ දෙටු දියණිය කරකාර බැඳ දුන්නේ ඇංග්ලිකානුවෙකු හා රහසිගත සමසමාජ ව්‍යාපාරයේ මධ්‍යමකාරක සභිකයෙකු මෙන්ම ධනවතෙකු නොවූ එස්මන් වික්‍රමසිංහට . මේ ගැන යුගයේ නොයෙකුත් දේශපාලන කටකතාපැතිරුණේ . කෙසේ වෙතත් ඩී.ආර්. සිංහල බෞද්ධ ජාතිකවාදයේ සතුරෙක් විය. ඔහුගේ පුවත්පත් නිරන්තරයෙන්ම අනගාරිකධර්මපාලගෙන් මෙන්ම මහා බෝධි සමාගම නිරන්තරයෙන්ම විවේචනය කළේ . ඊට අමතරව මේ බෞද්ධ ව්‍යාපාරයේ අයවැයඉල්ලා සිටියේ . බෞද්ධයෙකු බවට හැරුණු ඔහුගේ බෑණා වු ජේ. ආර් ජයවර්ධන පවා ඔහුගේ පුවත්පත් හරහා විවේචනයකෙරුණේ . 194 ගණන්වල ජේ. ආර්. ප්‍රධාන දායකයා වූ කැළණියේ පැවති නවීන බෞද්ධ සමුළුවකට ලේක් හවුස් පත්තරෙඅඑලවඑලවා පහර දුන්නේ . මේ වර්ගයේ සමුළු එකල ලේක් හවුස් පත්තර හදුන්වා දුන්නේබෞද්ධ කානිවල්හැටියට

විජේවර්ධනලා කළණි විහාරය දුටුවේ තමන්ගේ බූදලයක් හැටියටය. කැළනි විහාරයේ බිතුසිතුවම් කළ සෝලියස් මැන්දිස් අවසානසිතුවම නිම කිරීමට පෙර එළවා දමන්නේ මේ බලය නිසාය. 1927 දී පමණ විහාරාධිපති පදවියේ අනුපිළිවෙල කඩා මාපිටිගමබුද්ධරක්ඛිත කැළණි විහාරාධිපති කරන්නේ ත් මේ බලය නිසාය. මේ බලයේ උච්චතම අවස්තාව වන්නේ 1959 සැපතැම්බරයේ දීඩී.ආර්. ගේ නෑනා හෙවත් ඔහුගේ සහෝදරයාගේ බිරිඳ හා ලංකාවේ මුල්ම කැබිනට් ඇමතිවරිය වූ විමලා විජේවර්ධන සිල්වාඇගේ ප්‍රකට පෙම්වතා වූ බුද්ධරක්ඛිත සමඟ අගමැති බණ්ඩාරනායක ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් විමෙනි

විමලාවතී සිල්වා හා දොන් චාර්ල්ස් විජේවර්ධනගේ විවාහය යුගයේ තරමක් දුර්ලභ එකකි. ගොවිකුල චාර්ල්ස් මුලින්ම විවාහවූයේ කටානේ සලාගම වංශිකයන් වූ විමලාගේ වැඩිමහල් සොහොයුරිය සමඟය. ඇගේ අකල් මරණයෙන් පසු ඔහු බිරිඳගේනැගෙණිය වූ විමලා සමඟ විවාහ වූයේ . “පංසලේ පෙරළියනම් භික්ෂුවගේ දේශපාලන මදිහත්වීමේ අවශ්‍යතාවය ගැනපොතක් ලියූ චාර්ල්ස්ට සවකීය බිරිය තම නිවසේම කැළණි විහාරයේ විහාරාධිපති භික්ෂුව සමඟ යහන්ගතවෙනු දකින්නට සිදුවුනේ

රනිල් විජේවර්ධනජයවර්ධන පවුලේ දේශපාලන උරුමක්කාරයා වුවත් 1952 මහා මතිවරණයේ දී ජේ.ආර්. ජයවර්ධනට කැළනිවිහාරයේ පිං පෙට්ටිය අතට ගත් නෑනා වූ විමලා සමඟ කැළණි ආසනයට තරඟ කර ජය ගන්නට සිදු වුනේ . එහෙත් පරම්පරාවටදේශපාලන උරුමය ලබා දීමෙ දී ජේ. ආර්. මේ පවුල් ආරෝවන් අමතක කළේ . 1970 දශකයේ මැදදි බෑණා වූ රනිල් එක්සත්ජාතික පක්ෂයේ කැළණි සංවිධායකයා හැටියට පත් කලේ . 1977 මහාමතිවරණය දිනූ තැන්පටන් ඔහුගේ දේශපාලනඋපදේශකයා වුයේ රනිල්ගේ පියා වූ එස්මන්ඩ් වික්‍රමසිංහය. 1964 වෙද්දී බණ්ඩාරණායකවිජේවර්ධන ආරවුල වර්ධනය වීපුවත්පත් රජයට පවරා ගැනීමට යෝජනා මතු වෙද්දී ලේක් හවුසිය මෙහෙයවමින් සිටියේ එස්මන්ඩ් වික්‍රමසිංහය. 1964 දී ශ්‍රිලනිපආණ්ඩුව පෙරළීම පිටුපස සිටියේත් එස්මන්ඩ් මය

එස්මන්ඩ්ගේ දේශපාලනය පැමිණි රනිල් පුතාට 1977 බියගම ආසනය ජයගත් වහාම නියොජ්‍ය විදේශ ඇමති ධූරය ලැබුනේ .  1978 වෙද්දී  රනිල් විධායක ජනාධිපති හැටියට තමන්ම ඔටුණු පළඳවාගත් මාමාගේ ආණ්ඩුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂාඇමතිකම ලබෙන්නේ . මේ නිසා රනිල් ලංකාවේ ලාබාලම කැබිනට් ඇමතිවරයා හැටියට වාර්තාවක් තබන්නේ . 1980 වෙද්දීඔහුට අධ්‍යාපන ඇමතිකමද  ලබෙන්නේ . උතුරේ හා දකුණේ තරුණ නැඟීටීම් සිදුවන්නේ රනිල් මේ අගනා ඇමති තනතුරු දරමින්සිටිද්දීය. ඔහු එයට විසදුමක් හැටියට තරුණ නැඟිටීම් මැඩීමටජාතික ආරක්ෂක බලකායනමින් අතුරු හමුදාවක් තැනුවේ . ඔහුගේ එකල කිඹුල් දේශපාලනයේ සාම කතාවලට තැනක් නොතිබුනේ

ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණි දිසානායක වැනි එජාපයේ පළමුපෙල නායකයන් ප්‍රේමදාස පාලනය සමඟ ගැටෙද්දී රනිල්දේශපාලන පැවැත්ම වෙනුවෙන් කිඹුල් නියාය අනුගමනය කළේ . ප්‍රේමදාසවාදය ගෙඩිය පිටින්ම ගිල්ලේ . මේ නිසා ඔහුටප්‍රේමදාස පාලනයේ බරපතල ඇමති තනතුරක් ලැබුනේ . වසර දෙකක් ඇතුලත [93 -94] කොටි සංවිධානය එජාපයේ ප්‍රබලයන්සිල්ලන්ම මහමඟ මරා දැමුණු පසු රනිල්ට ඉබේම ලයිස්තුවේ උඩට ආවේ . ඩී.බී. විජේතුංග ගෙදර යද්දී ඔහුට එජාපයේනායකත්වය ඔහුට පැවරුනේ . එතැන් පටන් එජාපයේ අනභියෝගී නායකයා වූයේ රනිල් .

 

පක්ෂයේ බලය පවුලේ උරුමයක් හැටියට පැමිණියත් ඔහුට බියගම ආසනය 1977 පසු කිසිම විටක ජය ගැනීමට නොහැකි විය. බියගම ආසනයේ මාකොළ බටලන්දේ පිහිටි පැරණි යූරියා කම්හලේ නිල නිවාස ඔහුගේ දේශපාලන කඳවුර මෙන්ම පෑලියගොඩපොලිස් දිස්ත්‍රික්කයේ නිල නොවන මූලස්තානය වන්නේත් මේ හේතුව නිසාය. ඔහුට මේ වන විට පොලිස් කොස්තාපල්වරයෙක්හැටියට පොලිසියට එකතු වී දේශපාලකයන්ගේ ඕනෑම පක්කලි වැඩක් කඩිනමින් ඉටු කර දෙන ඩග්ලස් පීරීස් හමුවන්නේ . ඩග්ලස් පිරීස් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් දක්වා ඉහළ නඟින්නේ රනිල් වික්‍රමසිංහගේ පිහිටෙන් . රනිල්ට චන්දයෙන් ජය ගතනොහැකි බියගම ආසනය කඩුවේ බලයෙන් ජය ගැනීමේ බටලන්ද වධකාගාර ව්‍යාපෘතිය දියත්වන්නේ මේ යුගයේ . රනිල්ටවුවමනා වූයේ බියගම ආසනයේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ එජාපයට පහසු දේශපාලනයක් නොදෙන සතුරන් මැඩීමය. ඩග්ලස් පිරීස්කලේ ලොක්කාගේ නියෝගය ක්‍රියාවට යොදන අතරේ තරුණයන් අත් අඩංගුවට ගෙන නිදහස් කිරීමට පොලිස් කප්පම් ගැනීමය. 1988/89 යුගයේ මේ දෙකම අපුරුවට ක්‍රියාවට නැඟුනේ . විශ්මයජනක ලෙස රටේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේපුත්ගලික ආරක්ෂකයා වි සිටියේ ඌරගහ කරන්දෙනිය] ප්‍රදේශයේ ප්‍රකට කුලී මිනීමරුවෙකු වූ රසේන්ද්රය. 1994 දී අපමඩකලපුවේ සිටිද්දී ඩග්ලස් පිරිස්ගේ නිල කාර්යාලයේ දීත් අපට රසේන්ද්ර මුණ ගැසුනේ

අපපිරිසිදු මහත්වරුන්ගේ බටලන්ද වධකාගාරයලියා එවකටරාවයප්‍රධාන කතුවරයා වු වික්ටර් අයිවන් දුන් විට ලිපිය සතිකීපයක් රස්තියාදු වෙමින් තිබුනේ . වන විටත්කමල් අද්දර ආරච්චීගේ දැරියක් දුෂණය කර පහල උසාවියෙන්ම නිදහස්කිරීමේ ගවේෂණය කරමින් සිටි නිසා ‘’බටලන්ද කතාවපත්තරයට ගැනීම කේවල් කිරීම  පහසු විය. එහෙත් පිටු සකසන දිනයේමෙබදු ලිපියක් එන බව රනිල්පත්තර ඔත්තුකරුවන්හරහා දැන ගත්තේ . එය බදාදා දිනයකි. පත්තරය මුද්රණය වන්නේබ්‍රහස්පතින්දා රාත්‍රියටය. රාවය කාර්යාලයට පැමිණි අපට සමන් ආතාවුද හෙට්ටි ගෙන් පණිවිඩයක් තිබුනේ . ‘ලොක්කට උඹටකතා කරන්න ඕන ලූ..!’ 

වනවිටත් අපට එදිනම හන්දෑවේ චන්ද්රිකා කුමාරතුංග හමුවීමට පණිවිඩයක් තිබුනේ . සනත් ගුණතිලක හරහා පැමිණි එමපණිවිඩය අනුව චන්ද්රිකාගේ ආරක්ෂක ප්‍රධානියා වූ නිහාල් කරුණාරත්නගේ නිල රියෙන් නිල සටහන් නැතිව හමුව සංවිධානය වීතිබුනේ . එදින චන්ද්රිකා හමුවී පැමින පසුදා මම සමන්ට කතා කලෙමි. ‘මචං දැන් ලොක්කට උඹ හමුවෙන්න ඕන නෑ’ 

අප චන්දිකා හමුවූ බව රනිල්ට දැනුම් දෙන්නට දැන සිටියේ සනත් ගුනතිලක හා නිහාල් කරුණාරත්න පමණි. දිත්ව ඔත්තුකරුවන්දේශපාලකයන් ලඟ බහුල බව අපට තහවුරු වූයේ එදාය

බටලන්ද වධකාගාරය ගැන පරීක්ෂන පැවත්වීමට රහස් පොලිසියට කට උත්තරයක් දෙන්නැයි චන්දිරිකා කීවාය. අපෙන් කටඋත්තරය ගත් එවකට රහස් පොලිස් ලොක්කා වූ ගුණතිලක කෙනෙක් මගෙන් ප්‍රශ්න ඇසුවේ මම බටලන්දේ ඝාතකයෙක්ව සිටිආකාරයටය. බටලන්ද කොමිසමට සාක්කි දෙන්නට මගේ වියදමෙන් ලන්ඩනයේ සිට කොළඹ පැමිණි අපට මුහුණ දීමට සිදු වූයේ එම ඉරණම . චන්දිරාකා ඕනෑ වී තිබුනේ තමන්ගේ වාර දෙක දිනා ගන්නට ප්‍රධාන තරඟකරු කලකට අඩපන කර දැමීමය. දේශපාලන ක්‍රීඩාවේ හැටි එහෙමය

ජේ.ආර්. ජයවර්ධන රාජ්‍ය ඇමතිව සිටි සමයේ [1965 -70] කලක් රාජ්‍ය ලේඛනාගාරයේ ප්‍රධානියාව සිටි පවුලස් ලවා ලියවූතුඩුගල පවුලනම් පොතට අනුව තුඩුගල විජේවර්ධන පවුල සීතාවක රාජසිංහ පරපුරෙන් පැවතෙන්නන් . එයට පවුලස් ඉතිහාසසාක්ෂි ඉදිරිපත් නොකරන්නේ . එහෙත් තුටුගලවිජේවර්ධන පවුල් මේ විශ්වාසයේ සිටින බව පෙනෙන්නේ එම පවුලේසාමාජිකයන්ට ඇති දේශපාලන බල කාමය දකින විටය. උපාලි විජේවර්ධන ආකාලයේ නොමැරෙන්නට ජේ. ආර්. ගෙන් පසු එජාපනායකයා වන්නේ ඔහුය. ප්‍රේමදාසගෙන් පසු නැවත විජේවර්ධන පවුලට මාරු වූ එජාප නායකත්වයේ මීලඟ උරුමක්කාරයා රුවන්විජේවර්ධනය.

 සමහර විට ලේක් හවුසිය රජයට පවරා ගනිමෙන් ලත් අත්දැකීම නිසා විජේවර්ධනලා දැන් දේශපාලන ක්‍රිඩාවේ යෙදෙන්නේවේගවත් පන්දු වලට ලෑලි අල්ලමින් . රුවන් විජේවර්ධන දේශපාලන වශයෙන් තහවුරුවී එජාප නායකත්වයට ලංවෙන  තෙක්රනිල් දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නේ . කිඹුලෙකු සේම ඔහු දේශපාලන විලෝපීයෙකි. ඔහුට ඔනෑම පක්ෂයක දේශපාලනයක්ගෙඩිය පිටින් ගිල දමා දිරවා ගන්නට පුළුවන. යෙදෙන්නට පුළුවන. ඔහු මිට සතියකට පෙර අගමැතිකම බාරගෙන රාජපක්ෂලාගේදේශපාලනය කරමින් සිටින්නේ

අර්ථයෙන් ගත් විට බංකර්ගතවූ රාජපක්ෂ  දේශපාලනය යලිත් එලියට ගත්තේ රනිල් . දේශපාලකයන්ගේ ඉතිරි වූ ගෙවල් බේරාගත්තේ රනිල් . රට පුරා ඇවිලුනු රාජපක්ෂ විරෝධය තාවකලිකව සමනය කලේත් රනිල්

පුදුමය නම් ලංකාවේ අගමැතිකම හතර වාරයක් දැරූ, කැබිනට් ඇමති පදවි අවුරුදු 13 දැරූ ඊට අමතරව අගමැතිකම වසර10කට ආසන්න කාලයක් දරු රනිල් වික්‍රමසිංහ, මේ අර්බුද්ධයේ කොටස්කාරයෙකු වන රනිල් වික්‍රමසිංහවැඩ්ඩෙකුහා රටබේරා ගත හැකි වීරයා හටියට ලංකාවේ එක් සමාජ ස්ථරයක් විශ්වාස කිරීමය. පවුල් ඥාති හා ගජමිතුරු දේශපාලනයෙන් රනිල්වික්‍රමසිංහ තෙවැනි තැනට වැටෙන්නේ රාජපක්ෂලා හා බණ්ඩාරනායකලා ඔහුට ඉදිරියෙන් සිටින නිසාය. රනිල් වික්‍රමසිංහගේකිඹුල් දේශපාලන බල කුසගින්න පවතින තෙක් අවසන් නොවනු ඇත

නන්දන වීරරත්න

19/05/2022

Social Sharing
නවතම විශේෂාංග