පොහොට්ටු ලොක්කෝ බූලිවලට ඉන්ධන එකතු කරයි

තමන් අවුරුද්දකට ඇතිවෙන්න ඉන්ධන රැස්කරගත් බවත් එලෙසින් තවත් ඇමතිවරුන් ඉන්ධන තොග රැස් කරගෙන ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ සඳහන් කරයි.

බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමින් ඇය ප්‍රකාශ කරන්නී තමන් බූලිවලට  අවුරුද්දකට අවශ්‍ය ඉන්ධන එක් රැස් කරගත් පරිද්දෙන් තවත් ඇමැතිවරුන් කිහිප දෙනෙකුද ඉන්ධන තොග රැස් කර ඇති බව‍ය.

සාමාන්‍ය ජනතාව දෛනිකව පෝලිම් වල සිටින පසුබිමක සහ රුපියල් 2000ක පමණ සීමාවකට ඩීසල් ලබාගන්නට වෙන පසුබිමක ආණ්ඩුවේ ප්‍රබලයින් මෙලෙස ඉන්ධන රැස් කිරීම පිළිකුල් සහගත බව ප්‍රකාශ කළ යුතුය.

Social Sharing
නවතම පුවත්