බෙහෙත් ගෙන්වීම නතර වෙයි ?

පවත්නා ඩොලර් අර්බූදය සමග අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය ද නතරවෙනු ඇති බව ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය ප්‍රකාශ කර ඇතැයි මාධ්‍ය වාර්තා පළවේ.

එම වාර්ථාවන් ප්‍රකාශ කරන්නේ, ඖෂධ ආනයනය කිරීම සඳහා අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් මිලියන 25 ක මුදලක් මාසිකව ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපොහොසත් වන්නේ නම් ඖෂධ ආනයනය නතර වනු ඇති බවය.

තත්ත්වය මෙසේ තිබියදී පෞද්ගලික ඔසුහල් හිමියන්ගේ සංගමය සභාපති චන්දික ගන්කන්ද ප්‍රකාශ කරන්නේ මෙම බෙහෙත් ගෙන්වීම සඳහා අවශ්‍ය ඩොලර් ලබාගැනීමට මහබැංකු අධිපතිවරයා සමග සාකච්ඡා පවත්වා සති දෙයක් ගතවී ඇතැත් තවමත් අවශ්‍ය ණයවර ලිපි නිකුත් කර නැති බවයි. මේ සමග රටතුළ ඖෂධ හිඟයක් නිර්මානය වී ඇතැයි ප්‍රකාශ කරන ඒ මහතා එම තත්ත්වය ඉදිරියේදි තවත් උත්සන්න වෙනු ඇතැයි ප්‍රකාශ කරයි.

මේ තත්ත්වය තුළ ඉදිරියේදී ඖෂධ මිල ඉහළ යෑම මෙන්ම, රජයේ බෙහෙත් ශාලාවල බෙහෙත් හිඟ විය හැකි යැයිද එම බෙහෙත් ජනතාවට මුදල් ගෙව පුද්ගලික අංශයෙන් ගන්නට සිදුවෙනු ඇතැයිද දැනගන්නට ලැබේ.

Social Sharing
නවතම පුවත්