අවශ්‍යම බඩු එන එක නවතියි..?

මෙරටේ පරිභෝජනයට අවශ්‍යම බඩු ආනයනයන් නවතින ලකුණු පහළ වී ඇති බව දැනගන්නට ලැබේ.

ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ මෙරටට අත්‍යාවශ්‍ය බඩු නැව්ගත කිරීම එම භාණ්ඩ ආනයනය කරන රටවල සැපයුම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කරමින් ඇති බවයි. මේ අනුව ඉදිරි කාලයේදී පිටරටවලින් ගෙන්වනු ලබන ආහාර ද්‍රව්‍ය වැනි බොහෝ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් නිර්මානය වෙනු ඇත.

පසුගිය කාලයේ ආනයනය කළ භාණ්ඩ සඳහා විවුර්ත කළ ණයවර ලිපිවලට අදාළ ගෙවීම් එන්න එන්නම ප්‍රමාදවීම මෙම තත්ත්වයට හේතුව බව එම සංගමය ප්‍රකාශ කරයි.

ඒ අනුව ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ආදී බොහෝ රටවලින් අත්‍යාවශ්‍ය භාණ්ඩ නෞකා නොපැමිණෙන තත්ත්වයක් උදාවිය හැකි අතර මේවනවිටත් අත්‍යාවශ්‍ය භාණ්ඩ පිරවූ බහාළුම් 3000ක් පමණ වරායේ සිරවී ඇතැයිද වාර්තා වෙයි.

Social Sharing
නවතම පුවත්