ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන සිරගත කොට සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලාට ඇප දීමට විරුද්ධතාවක් නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුන්දී ඇත. රිමාන්ඩ් භාරයට පත් කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව ලබන ජනවාරි 28 වැනි දා පුත්තලම මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයෙන් පසුව ඔහු සම්බන්ධයෙන් කෙරෙන ඇප ඉල්ලීමකට විරුද්ධ නොවීමට තීරණය කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය ජනවාරි 20 දා අභියාචනාධිකරණයට දැනුම් දී ඇත. තමන් ඇප මත මුදා හරින ලෙස නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ප්රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා එම…
Read MoreTag: sri lanka police news
“අයිතිය” හෙළිදරව්වෙන් ඇහැරුණ මිරිහාන පොලීසිය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ඉන්දික කෝරළගේ මහතාගේ පුත්‍රයා වන ඉසිර කෝරළගේ සංගීත සාදයක් අවසන පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී, ඔවුන් එම සංගීත සාදයට පැමිණි කාර් රථයට අලාභ හානී කිරීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වෙත කර තිබුණ පැමිණිල්ලක් දවස් 10කට පමණ පසුව ‘අයිතිය‘ වෙබ් අඩවිය එම සිද්ධිය හෙළිදරව් කිරීමත් සමග විභාගයට ගෙන සමථයකට පත් කර ඇත. “නීතිය අතටගෙන රඟන වීරසේකර ගෝලයෝ” (https://www.aithiya.lk/12700/minister-sarath-weerasekara-abuses-the-law/)මැයෙන් දෙසැම්බර් 29 දා රාත්‍රියේ කිඹුලාවල ප්‍රදේශයේදී සිදුවූ මෙම සිදුවීම අප වාර්තා කළ පසු, ඒ වෙනතුරු ගැඹුරු නින්දක පසුවූ මිරිහාන පොලීසිය අවධිව පසුගිය ජනවාරි 12 දා දහවල් දෙපාර්ශවය පොලීසිය වෙත ගෙන්වා…
Read Moreනීතිය අතටගෙන රඟන වීරසේකර ගෝලයෝ.
අප දැන් කතා කරන්නට යන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ගැනය. නමේ හැටියට නම් මෙම අමාත්‍යාංශයෙන් කළ යුතු රාජකාරිය වන්නේ මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීමය. නීතියේ පාලනය පවත්වාගෙන යෑමය. මහජන ආරක්ෂාව භාර පොලීසිය එම රාජකාරිය නිසි පමණ ඉටුකරනවා දැයි ඇස ගසා සිට එම රාජකාරිය නිසි අයුරින් කිරීමට අවැසි මඟපෙන්වීම් එම දෙපාර්තමේන්තුවට ලබාදීම මෙම අමාත්‍යාංශය භාර රාජකාරියයි. එහෙත් මහජනයා ලෙස අප බලාපොරොත්තු වෙන එම වැඩ කොටස මේ අමාත්‍යාංශයෙන් වර්තමානයේ සිදුවෙනවාද? එය විශාල ප්‍රශ්නයක් ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ මෙම අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස සේවය කරන්නේ හිටපු හමුදා ප්‍රධානියෙක් ය. ඔහු අපි කවුරුත් දන්න රියර්…
Read Moreකාන්තා හිංසනයෙන් ගැලවීමට ආණ්ඩුවෙන් 1938 ක්‍රියාත්මක කරයි!
අඩුම වශයෙන් දිනකට ස්ත්‍රී දූෂණ හතරක් වාර්තාවන ශ්‍රී ලංකාවේ ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකතන සේවාවක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. කාන්තාවන්ට සිදුවන හිංසනයෙන් ගැලවීමට ආණ්ඩුව මෙම පියවර ප්‍රකාශයට පත් කර ඇත්තේ මහලු මවකට හෝ මහමග යාමට බැරි තත්වයක් උදාවී ඇති නිසා පොලිසිය භාර අමාත්‍යවරයා ලැජ්ජාව පල කිරීමත් සමගය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය ක්‍රියාවට නංවමින් 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකතන සේවාව හදුන්වා දීම සිදුවු බවයි. එහි සමාරම්භක වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම්…
Read MoreSDIG රන්මල් කොඩිතුවක්කු සේවයෙන් පහ කරන ලෙස ඉල්ලමින් ජනපතිට ලිපියක්.
රත්නපුර – කිරිඇල්ල ප්‍රධාන මාර්ගයේදී කළහකාරී ලෙස හැසිරුණු එවකට සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා මේ වන විට ස්ථාන මාරු ලබා සිටින්නේ වෛද්‍ය සේවා සහ සුබසාධන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසිනි. ඔහුගේ ස්ථාන මාරුවට හේතු වූයේ ප්‍රධාන මාර්ගයේදී වාහනයක් පදවාගෙන ගිය ව්‍යාපාරිකයෙකුව අනීතිකව අත්අඩංගුවට ගෙන වදහිංසා පැමිණවීමේ සිද්ධියකි. ඔහුගේ ස්ථාන මාරුවෙන් එම සිදුවීම පොලිස් දෙපාර්තමේන්තුවෙන් යටපත් කලද වින්දිත ව්‍යාපාරිකයා ඔහුගේ නීතිඥවරු මාර්ගයෙන් දීර්ඝ ලිපියක් ජනාධිපති, අගමැති හා පොලිස්පතිවරයාට යවා ඇත. පසුගිය ඔක්තෝබර් 25 දින සිය වාහනය පදවා ගෙන යමින් සිටියද පහර දී අනීතිකව අත්අඩංගුවට ගන්නා ලද මිශාර…
Read Moreපොලිස් ප්රචණ්ඩත්වය ඉහළ යන්නේ නිලධාරීන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය නිසාද?
අද (01) මාධ්‍ය රැසකින් වාර්තා කර තිබුණේ මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් 37 දෙනෙක් බස්නාහිර පළාත තුළ සක්‍රීය රාජකාරියේ යෙදී සිටින බවය. මේ බව අනාරණය වී තිබුණේ පොලිස් මූලස්ථානය කළ සමීක්ෂණයකිනි. එම ප්‍රවෘත්තියට අනුව එම නිලධාරීන් අතරින් විසි අට දෙනකුම (28) කොළඹ පොලිස් බල ප්‍රදේශය තුළ රාජකාරී කරන අයය. මේ ආකාරයට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින සෙසු පළාත්වල පොලිස් නිලධාරීන් සෙවීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ සියලු පොලිස් නිලධාරීන් හඳුනා ගැනීමට පොලිසිය වැඩ පිළිවෙලක් යොදා ඇති බවද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු…
Read Moreශ්‍රි ලංකා පොලිසියේ හැසිරීම නිසා ස්කොට්ලන්ත පුහුණුව අහිමි වේ !
වසර ගණනාවක් පුරා ස්කොට්ලන්ත පොලිසිය විසින් මෙරට පොලිසියට ලබා දුන් පුහුණුව අත්හිටුවීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන ඇත. ඒ් ශ්‍රි ලංකා පොලිසිය විසින් ජනතාවට සිදු කරන වදහිංසා දිනෙන් දිනම ඉහළ යාම සැලකිල්ලට ගනිමිනි. 2007 සිට ස්කොට්ලන්ත පොලිසිය අඛණ්ඩව පාහේ ශ්‍රී ලාංකික නිලධාරීන් පුහුණු කර ඇත. 2012 වසරේ සිට පුහුණුව ලබා දීම සඳහා පොලිස් නිලධාරින් හෝ පොලිස් නිලධාරින් වෙන වෙනම 90 ක් පමණ යොදවා තිබේ. ස්කොට්ලන්තය ශ්‍රී ලංකා පොලිසියේ පුහුණුව අත්හිටුවීමට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර සත්‍ය හා යුක්ති ව්‍යාපෘතිය (අයිටීජේපී) බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටියේ ශ්‍රි ලංකා පොලිසියේ වදහිංසා වාර්තා සටහන් කර සිය පුහුණු…
Read Moreප්‍රජාව එක්ක ගනුදෙනු කරන හැටි මහජන ආරක්ෂක ඇමති පොලීසියට කියා දිය යුතුයි!
පොලීසිය තියෙන්නේ මිනිස්සුන්ට හිංසා කිරීමට නොව මිනිස්සුන්ගේ ආරක්ෂාවට බවත් පොලීසිය ගැන ඒ තියෙන විශ්වාසය කඩා වැටීම අතිශයින්ම භයානක තත්වයක් බව ප්රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ මෙහෙයුම් කමිටු සාමාජිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. පොලීසිය අපිව ආරක්ෂා කරන්න සිටින අතර අපේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙන තැන පොලීසිය බවද එහි ළමා හා කාන්තා ඒකකයක් වෙනම ඇත්තේද එතැනට යන ස්ත්‍රීන් හෝ ළමයින් ගේ ආරක්ෂාව තහවුරු කිරිම පිණිස බවද ඇය අවධාරණය කරයි. නමුත් ඒ තුළ ඉන්න නිලධාරීන් මේ ආකාරයට හැසිරෙනකොට පොලීසිය සහ ඒ ආයතන පද්ධතිය පිළිබඳව ජනතාව තුළ කිසිදු විශ්වාසයක් ඇති නොවන අතර පොලීසිය…
Read Moreහරි දේ කරන පොලිසිය වෙනුවෙන් පෙනී සිටිනවා – මහජන ආරක්ෂක ඇමති
නීතිය කඩ කරලා අත්අඩංගුවට ගන්න යන අයෙක් බිම දිගා වෙනවා නම් ඒ අවස්ථාවේදී බැටන් ප්‍රහාර නැතුව, වතුර ප්‍රහාර නැතුව, කඳුළු ගෑස් ගහන්නේ නැතුව කිසිම තුවාලයක් කරන්නෙ නැතුව උස්සගෙන ගිය පොලිස් නිලධාරීන්ට ඒ ක්‍රමය එපා නම් අත්අඩංගුවට ගන්න සුදුසු ක්‍රමය කුමක්දැයි විමසන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා උද්ඝෝෂණ හා රැස්වීම් නැවැත්විය යුතුයි කියා පැහැදිලි නියෝගයක් පොලිසියට ලබා දුන් නිසා පොලිසිය එදා උද්ඝෝෂණ නවත්තන්න කටයුතු කළ බවත් ඔවුන්ව නිරෝධනයට ගෙනිච්චෙ පොලිසියට අවශ්‍ය නිසා නොවන බවත් එසේ නිරෝධායනයට ගෙනිච්චෙ මහජන සෞඛ්‍යය සෞඛ්‍යය පරීක්ෂක…
Read Moreකුමන වේශයකින් ආවත් කොතලාවල පනත පරාජය කළ යුතුය! – අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය
උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, සයිටම් ආයතනය සහ කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය යනු එකම වර්ගයේ ආයතන තුනක් නොව, වර්ග තුනක ආයතන තුනකි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, පෞද්ගලික කියා කීවාට රජයට අයත් එකකි. එය අනෙක් වෛද්‍ය පීඨයන් ගෙන් වෙනස් වූයේ ඊට ඇතුළත් වීමට ගාස්තුවක් ගෙවීමට සිදුවීමත් එමෙන්ම කුසලතා අනුපිළිවෙලින් පිට පැන එයට සිසුන් බඳවා ගැනීමත් ය. එහිදී වඩාත් ම බැරෑරුම් ගැටලුව වූයේ එම වෛද්‍ය පීඨයෙන් ලබා දුන් අධ්‍යාපනයෙහි ගුණාත්මකභාවයට වඩා එමගින් සමාජ සාධාරණත්වය පිළිබඳ ගැටලු ඇති කරලීමය. සයිටම් ආයතනය යනු පෞද්ගලික ආයතනයකි. එනම් එය ව්‍යාපාරිකයකුට අයත් ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් ම පවත්වාගෙන ගිය…
Read More