හරි දේ කරන පොලිසිය වෙනුවෙන් පෙනී සිටිනවා – මහජන ආරක්ෂක ඇමති

නීතිය කඩ කරලා අත්අඩංගුවට ගන්න යන අයෙක් බිම දිගා වෙනවා නම් ඒ අවස්ථාවේදී බැටන් ප්‍රහාර නැතුව, වතුර ප්‍රහාර නැතුව, කඳුළු ගෑස් ගහන්නේ නැතුව කිසිම තුවාලයක් කරන්නෙ නැතුව උස්සගෙන ගිය පොලිස් නිලධාරීන්ට ඒ ක්‍රමය එපා නම් අත්අඩංගුවට ගන්න සුදුසු ක්‍රමය කුමක්දැයි විමසන බව  මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල  ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උද්ඝෝෂණ හා රැස්වීම් නැවැත්විය යුතුයි කියා පැහැදිලි නියෝගයක් පොලිසියට ලබා දුන් නිසා  පොලිසිය එදා උද්ඝෝෂණ නවත්තන්න කටයුතු කළ බවත් ඔවුන්ව නිරෝධනයට ගෙනිච්චෙ පොලිසියට අවශ්‍ය නිසා නොවන බවත් එසේ නිරෝධායනයට ගෙනිච්චෙ මහජන සෞඛ්‍යය සෞඛ්‍යය පරීක්ෂක වරයාගේ ලිඛිත ඉල්ලීම මත බවද අමාත්‍යවරයා පවසයි.

පොලිසිය හරි දේ කරනවා නම්, පොලිසිය හරි දේ කරලා අත්වැරැද්දක් වුණත් පොලීසිය වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් එසේම ඒ වගේ අවස්ථාවක් ආවොත් තමන්ගේ මුදලින් ඒ අයට නඩු කියන්න නොදෙන බවද ඔහු කියා සිටියි. නමුත් වරදක් කළොත් දඬුවම් කරන බවත් ඔහු අවධාරණය කර සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පානදුර ප්‍රදේශයේ අලුබෝමුල්ල, හිරණ යන නව පොලිස් ස්ථාන විවෘත කිරීමේ උත්සවයේ දී පැවසීය.

-ශානි-

Social Sharing
නවතම