SDIG රන්මල් කොඩිතුවක්කු සේවයෙන් පහ කරන ලෙස ඉල්ලමින් ජනපතිට ලිපියක්.

රත්නපුර – කිරිඇල්ල ප්‍රධාන මාර්ගයේදී කළහකාරී ලෙස හැසිරුණු එවකට සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා මේ වන විට ස්ථාන මාරු ලබා සිටින්නේ වෛද්‍ය සේවා සහ සුබසාධන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසිනි.

ඔහුගේ ස්ථාන මාරුවට හේතු වූයේ ප්‍රධාන මාර්ගයේදී වාහනයක් පදවාගෙන ගිය ව්‍යාපාරිකයෙකුව අනීතිකව අත්අඩංගුවට ගෙන වදහිංසා පැමිණවීමේ සිද්ධියකි.

ඔහුගේ ස්ථාන මාරුවෙන් එම සිදුවීම පොලිස් දෙපාර්තමේන්තුවෙන් යටපත් කලද වින්දිත ව්‍යාපාරිකයා ඔහුගේ නීතිඥවරු මාර්ගයෙන් දීර්ඝ ලිපියක් ජනාධිපති, අගමැති හා පොලිස්පතිවරයාට යවා ඇත.

පසුගිය ඔක්තෝබර් 25 දින සිය වාහනය පදවා ගෙන යමින් සිටියද පහර දී අනීතිකව අත්අඩංගුවට ගන්නා ලද මිශාර රණසිංහ මහතාට වධහිංසා පමුණුවා ලිංගික අඩම්තේට්ටම් කොට මානසික වධහිංසා පැමිණ වී යැයි සබරගමුව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට  විරුද්ධව චෝදනා එල්ල කරමිනි.

මිශාර රණසිංහ වෙනුවෙන් පෙනී සිටින නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥ සමාගම විසින්  ජනාධිපතිවරයාට පිටු 06 කින් සමන්විතව යවන ලද සවිස්තරාත්මක ලිපියක් මගින් මෙම වධහිංසා මෙන්ම ලිංගික අතරවර ගැන තොරතුරු අඩංගු වේ.

එම ලිපිය කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිසි පියවර ගන්නා තුරු රන්මල් කොඩිතුවක්කු පොලිස් සේවයෙන් ඉවත් කරන ලෙසයි.

එම ලිපිය අද මාධ්‍ය වෙත ද ලබා දී තිබේ.

ශ්‍රි ලංකා බ්‍රීප් වෙඩ් අඩවිය මේ පිලිබඳව වාර්තා කර ඇත්තේ   මාර්ගයේ සිද්ධියෙන් පසු කිරිඇල්ල පොලිස් ස්ථානයට ගෙන යන ලද රණසිංහගෙන් ප්‍රකාශයක් ලබා ගන්නවා වෙනුවට ස්ථානභාර නිලධාරියාගේ කාමරයට යාබද කාමරයට දමා එහි විදුලි ආලෝකය විසන්ධි කර පොලිස් නිලධාරීන් ගණනාවක් විසින් ඔහුට පහර දෙන්නට පටන් ගෙන තිබෙන බවය.

ඉන්පසු නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සිය නිල කබාය ගලවා රණසිංහට පහර දෙන්නට පටන් ගත්තේය. සිය ඇදුම් ගලවන ලෙස රණසිංහ බල කළ කොඩිතුවක්කු ඔහුට නිරුවතින් දණ ගැසීමට බල කර තිබේ‍.

මේ අවස්ථාවෙහි රණසිංහගේ ගෙලට, නිකටට සහ බඩට පහර දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුගේ ගෙල මත සිය බූට්ස් සපත්තු තබා තද කර තිබේ. මේ අවස්ථාවෙහි රණසිංහට කිසිවක් නොපෙනී ගොස් ඇත.

රණසිංහගේ වෘෂණ කෝෂ මිරිකා ඇද ගනිමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුට පහර දී ඇත්තේ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඉදිරිපිටදීය.

සිය ජංගම දුරකථනයෙන් රණසිංගේ නිරුවත් පින්තූර ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා එවා සමාජ ජාල හරහා වයිරල් කර ඔහු නින්දාවට පත් කරන බවට තර්ජනය කර තිබේ.

අනතුරුව නිරුවතින් සිටි රණසිංහගේ පස්සා පැත්ත තමා ළඟට ඇද තද කර ගත් මෙම නියෝජ්‍ය පොලිස්පතිවර රන්මල් කොඩිතුවක්කු “ මම තොගේ පුකේ අරිනවා” යැයි  බිය ගන්වා තිබේ. ඒ අවස්ථාවෙහිදී ද ඔහුගෙන් මත්පැන් ගඳ වහනය වී ඇත.

මේ වන විට පවුලේ අය පොලිස් ස්ථානයට පැමිණ පිටත සිටි අතර රණසිංහ සමඟ කතා කිරීමට අවසර ඉල්ලා සිටි ඔහුගේ සහෝදරයාට ඉඩක් දී නැත.

කිරිඇල්ල පෙලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයා නියෝජ්‍ය පොලිස්පතිගෙන් සමාව ගන්නා ලෙස රණසිංහට බල කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් ස්ථානයෙන් ගිය පසු රණසිංහ සිර මැදිරියකට දමා එහි සිටි අන් සියලු සැකකරුවන්ට ඇප දී නිදහස් කර යවා ඇත.

මේ අතර දරුණු ලෙස පහර දී සිටි රණසිංහට ඇදුම් අන්දවා පොලිස් ජීප් රථයකට නංවා කොහේ හෝ ගෙන යාමට මේ අවස්ථාවේදී  සිවිල් ඇදුමින් සැරසුණූ පොලිස් නිලධාරීන් පිරිසක් උත්සාහ කොට තිබේ. නීතිඥ සමාගමේ ලිපියට අනුව එම උත්සාහය වැළකී ගොස් ඇත්තේ පවුලේ අය ජීප් රථය පසු පසින් යෑමට සූදානම් වූ නිසාය.

ඔහුගේ නීතිඥවරයාගේ මැදිහත් වීම මත රාත්‍රී 11.30 ට පමණ කෙටි ප්‍රකාශයක් ලබා ගෙන රණසිංහ කිරිඇල්ල ග්‍රාමීය රෝහලේ වෛදවරයකු වෙත ඉදිරිපත් කර තිබේ. ඔහුට කර තිබූ පහර දීම් පිළිබඳව රෝහලේ වෛද්‍යවරයා වෛද්‍ය නීති වාර්තාවක්ද පුරවා තිබු බව ශ්‍රි ලංකා බ්‍රීප් වෙඩ් අඩඩිය සඳහන් කර ඇත.

පසුදා දවල් 12.30ට ඔහු නිදහස් කරන ලද්දේ පොලීසිය විසින් ලියන ලද ප්‍රකාශයකට අත්සන් ගෙන, කිසිදු රෝහලකට නොයන බවට සහ කිසිදු නීතිමය පියවරක් නොගන්නා බවට පොරොන්දු කරවා ගෙනය.

මෙයට පෙරද මහමඟදී රන්මල් කොඩිතුවක්කු රියදුරන් දෙදෙනෙකුට පහර දී ඇති බවටද වාර්තා වේ.

නිදහස් වී පැමිණි මිශාර රණසිංහට නියෝජ්‍ය පොලිස්පති රනමල් කොඩිතුවක්කු සහ ඔහුගේ හිතවතුන් දිගින් දිගටම දුරකථන ඇමතුම් දෙමින් සාමදානයට බල කරන බැවින් ඔහු සහ පවුලේ උදවිය ජීවත්වන්නේ බියෙන් බවද එම ලිපියෙහි වැඩිදුරටත්  සදහන් කර ඇත.

 

DIG Ranmal Kodithuwakku Neelakandan & Neelakandan DIG Ranmal Kodithuwakku Neelakandan & NeelakandanDIG Ranmal Kodithuwakku Neelakandan & NeelakandanDIG Ranmal Kodithuwakku Neelakandan & NeelakandanDIG Ranmal Kodithuwakku Neelakandan & NeelakandanDIG Ranmal Kodithuwakku Neelakandan & NeelakandanDIG Ranmal Kodithuwakku Neelakandan & NeelakandanDIG Ranmal Kodithuwakku Neelakandan & Neelakandan

 

Social Sharing
නවතම