අද (4) උදෑසන පාර්ලිමේන්තු පිවිසුම අසල උද්ඝෝෂණයේ නිරතව සිටියදී පොලිස් පැහැරගැනීමට ලක්ව මහරගම පොලීසිය වෙත ගෙන ගිය විරෝධතාකරුවන් 13 දෙනාට පොලිස් ඇප ලබාදීම එම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දැනගන්නට ලැබේ. මෙම පොලිස් තීරණයත් සමග මහරගම පොලීසිය ඉදිරියට පැමිණි විශාල පිරිසක් ප.ව 3 වෙනවිටත් විරෝධතා දක්වමින් තිබෙයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයද මෙම අත්අඩංගුවට ගැනීම විවේචනය කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබූ අතර එහිදී ඔවුන් පොලිස්පතිතුමාගෙන් ඇතුලු අදාළ පාර්ශවයන් වෙතින් මේ සඳහා මැදිහත්වීමක් අපේක්ෂා කරයි.
Read MoreTag: protests in sri lanka
|ඔහු වෙනුවෙන් පිළිමයක් නෙලීමට නියමිත නැත |
ඊයෙ වන විට දවස් තුනක් නිරාහාරව අරලිය ගහ මන්දිරය ඉදිරිපිට උපවාසයක නිරත වෙන විමල් අයියා ගැන නො ලියා සිටීමට නො හැකි වන්නේ ඔහු මාගේ මිතුරෙකු වන නිසා ම පමණක් නො ව අරගලය තුළ ඔහු වෙනුවෙන් පිළිමයක් නෙලීමට නියමිත නො මැති නිසා ය. පෙරේදා දිනයේ ඔහුව බැලීමට අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට (මයිනාගෝගම) යන විට ඔහු සිටියේ ඔහුගේ උපවාසයේ දෙවෙන දිනයේ ය. “අයියා උපවාසෙ කවදද ඉවර කරන්නෙ? “ඇසූ විට ඔහු ඉතාමත් ශක්තිමත්ව පැවසුවේ “ජයග්‍රහණය එහෙම නැත්නම් මරණය” කියාය. “මැරෙනකං මේක මම කරනවා මල්ලි”. “මට සල්ලි නෑ. මට ලොකු සිවිල් බලයකුත් නැහැ.” “මට…
Read Moreඅප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (03 කොටස)
බිත්තර නොබිඳ ඔම්ලට් දැමීමේ දේශපාලනය අප්‍රේල් නැගිටීම් ගැන කතාබස්වලදී බොහෝදෙනා වටිනාකමක් දෙන අදහසක් වන්නේ ‘අප නොදැන සිදුවිය හැකි නොදන්නා සිදුවීම’ යි. “අපි නොහිතන දෙයක් වෙන්න පුලුවන්නෙ” නම් බලාපොරොත්තු සහගත එළඹුමයි. එහි හරය වන්නේ නොදන්නා අනෙකෙක් විසින් නොදන්නා දේශපාලනයක් සිදුකිරීමට ඇති ඉඩයි. මේ අහම්බයට ඇති ඉඩ දේශපාලනයේදී අප ස්ථානගත කල යුත්තේ කෙළෙසද? දේශපාලනය යනුම මැදිහත්වීමකි. දේශපාලනය නිශ්ක්‍රීය පැවැත්මක් නොව සක්‍රිය පැවැත්මකි. නමුත් ඓතිහාසිකව දේශපාලනය අපට උගන්වා ඇත්තේ මේ සක්රියත්වය යනු ‘සර්වබලධාරි’ පැවැත්මක් ද නොවනා බවයි. එය ඕනෑම දේශපාලන සංවිධානයවීමකට අදාල මගහැරිය නොහැකි අඩංගුවකි. ඉතා ශක්තිමත් ලෙස පෙනෙනා දේශපාලන අධිකාරියකට එරෙහිව වුව…
Read MoreSSP කීර්තිරත්න අත්අඩංගුවට..!
රඹුක්කන ප්‍රදේශයේ පැවති සාමකාමී විරෝධතාවයකට වෙඩිතැබීමට අණදුන් කෑගල්ල ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න CIDය අද (28) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට අමතරව මෙම වෙඩි තැබීම සුදුකළා යැයි කියන පොලිස් නිළධාරීන් 03ක් ද අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය අප්‍රේල් 19 දා කෑගල්ල පොලිසියෙන් පැමිණි පොලිස් නිළධාරීන් කණ්ඩායමක් මෙම වෙඩිතැබීම සිදුකළ බවට ප්‍රකාශ වෙන අතර එම වෙඩි තැබීම නිසා 41 හැවිරිදි පුද්ගලයෙක් මරණයට පත්විය. තවත් 29 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නියෝග ලබාදෙමින් කැගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ප්‍රකාශ කළේ මෙය මනුෂ්‍ය ඝාතනයක් බවයි. ඒ අනුව…
Read Moreරඹුක්කන චමින්ද ලක්ෂාන්ගේ මරණය ඝාතනයක්
රඹුක්කන ඝාතකයන් අත්අඩංගුට ගැනීමට නියෝගයක්
ඉන්ධන ඉල්ලා රඹුක්කන ජනතාව විරෝධතා දැක්වීමේදී එම විරෝධතාවයට වෙඩි තියන්නට අණ දුන් කෑගල්ල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න සහ එම අණ ක්‍රියාත්මක කළ පොලිස් නිළධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි, කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න අද (27) පොලිස්පතිවරයාට නියෝග කර ඇත. පසුගිය 19 වැනි දින උදෑසන 1.30 පමණ සිට රඹුක්කන නගරයේ උණුසුම් තත්ත්වයක් පැවතී ඇති අතර සවස 4ට පමණ එම ස්ථානයට පැමිණි කෑගල්ල කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා උද්ඝෝෂයකන්ට වෙඩි තැබීමට අණ දී ඇති අතර එහිදී වෙඩි තැබීමෙන් චමින්ද ලක්ෂාන් නැමැත්තා මරණයට පත්විය. මෙහිදී පුද්ගලයින් 27 දෙනෙක් තුවාල…
Read Moreඅරාබි වසන්ත ලෙස නම් පටබැඳුනු ඉන්දික සුබසිංහගේ කථාව.
රඹුක්කන සිද්ධියේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට ලක්වූ පුද්ගලයින් වෙනුවෙන් නීති ආධාර ලබා දීම වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකතුව, ජනමාධ්‍යවේදීන් සහ නීතීඥයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පසුගිය අප්‍රේල් 23 වන දින රඹුක්කන ප්‍රදේශයට ගොස් පීඩාවට පත් වින්දිතයින් ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මුණගැසීම සිදුවිය. එහිදී ජනමාධ්‍ය තුළින් මෙතෙක් අසන්නට නොලැබුනු තොරතුරු කිහිපයක් රඹුක්කන සිද්ධියේ ඉන්ධන බවුසරය ගිනිතැබීමට තැත්කලායැයි කියන අරාබි වසන්ත ලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ නම් පටබැදී ඇති ඉන්දික සුබසිංහ නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් දැන්ගැන්මට ලැබුනි. මෙහිදී ඔහුගේ මව, පියා, පවුලේ ඥාතීන් ඇතුළු අසල්වාසින් පවසා සිටියේ ඉන්දික රඹුක්කන පොලේ…
Read Moreරතුපස්වල මුද්‍රාව දැන් රඹුක්කනට ඇවිත්?
මහජනතාව නිරායුධව මහපාරට පැමිණි දා සිට ගෝඨාභය රාජපක්ෂ ගැන ආණ්ඩුවේ ඉහළ පෙළේ ක්‍රියාධරයන් පෞද්ගලික සාකච්ඡාවලදී අප සමග කියා ඇති කතා ගණනාවක් තිබේ. ඒවායින් එක කරුණක් හැරුණු විට, අන් සියල්ල ඔහු පිළිබඳ විවේචනයන් ය. ආණ්ඩුවේ මෙකී නායකයෝ ඒ විවේචන කිසිවක් ප්‍රසිද්ධියේ නොකියති. ගෝඨාභය රාජපක්ෂට 69 ලක්ෂයක ජනවරමක් තවදුරටත් නොමැති බව අපට වැටහී ගියේ එවැනි නායකයන්ගේ පෞද්ගලික විවේචන ඇසීමෙනි. මහපාරට පැමිණ මේ මොහොතේ ජනතාව නඟන උද්ඝෝෂණ රාශියත් එම විවේචනයන්ට එකතු කළ විට, පොහොට්ටුවේ ඊනියා 69 ලක්ෂයේ ජනවරම සහසුද්දෙන් සේදී ගොස් ඇති බව සක්සුදක් සේ පැහැදිලියි. කෙසේ වෙතත්, ආණ්ඩුවේ ඉහත කී නායකයන් එක…
Read Moreරඹුක්කන සිද්ධියේදී පොලීසියේ හැසිරීම නීත්‍යානුකූලද?
නැවතත් තෙල් මිල වැඩි කිරීමට එරෙහි ව, පසුගිය 19 වන අඟහරුවාදා දින රඹුක්කන දී විරෝධතා දැක්වූ දහස් ගනනක ජනයාට වෙඩි තැබූ පොලීසිය, එක් පුද්ගලයෙකු මරා දමා 27 දෙනෙකුට පමන තුවාල සිදු කල අතර, ඉන් කිහිප දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා සිටිති. අනෙක් ප්‍රදේශවල මෙන් ම, පෙට්‍රල් හා ඩීසල් නොලබා, රඹුක්කන ඉන්ධන බෙදාහැරීමේ ස්ථානයේ ද දහස් ගනනක් මහජනයා පසුගිය දවස් තුන තිස්සේ පෝලිම්වල බලා සිට ඇත. සඳුදා රාත්‍රීයේ දී පෙට්‍රල් බවුසරයක් ඉන්ධන පොලට ලඟා විය. ඊයේ බෙදාහැරීම ආරම්භ කල විට, තමන් දවස් ගනනක් තිස්සේ බලා සිටි නිසා, ඉන්ධන කලින් මිලට ම…
Read Moreප්රචණ්ඩත්වය මතු කරන රජයේ කුමන්ත්‍රණ පරාජය කරමු!
විදේශගත ශ්‍රී ලාංකික සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ මතුවී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව නිකුත් කර ඇත. එම නිවේදනය පහතින්… සාමය හා ආරක්ෂාව කඩ කොට ප්රචණ්ඩත්වය මතු කරන්නට රජය හා නිලධරය දරන කුමන්ත්‍රණ පරාජයට පත් කරමු! සාමකාමී ලෙස උද්ඝෝෂණය කරමින් සිටි තරුණ පිරිසකට රඹුක්කන දී වෙඩිතබා කිහිප දෙනෙකු ඝාතනය කර, බොහෝ පිරිසකට තුවාල සිදු කොට කලහකාරී හා ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇති කරන්නට කරන ලද කුමන්ත්රනය විදේශවල සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අප සියළු දෙනා විසින් මහත් පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතු වේ. රජයේ දූෂණය හා අකාර්යක්ෂම පාලනය නිසා හට ගෙන තිබෙන ජනතා විරෝධයට…
Read More