රට පුරා හර්තාල්…

අද (20 දා) සිට ලබන 28 දා දක්වා සතියක කාලයක් පුරාවට දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමටවෘත්තීයසමිති හා බහුජන සංවිධාන එකමුතුවතීරණය කර ඇත.

අනුව අද (20 දා) සිට ලබන 28 දා දක්වා දිවයින පුරා සියලු නගර ආවරණය වන පරිදි ජනතාව එක්රැස් කරමින් රජයගෙනයන ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව විරෝධතාවේ නිරත වීමට  වෘත්තීය සමිති 300කට වැඩි දායකත්වයෙන් යුත් සියසංවිධාන එකමුතුව තීරණය කර ඇතැයි රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේය.

එසේම රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අයත් සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන තම වෘත්තීය සමිති එකමුතුව අදඅරඹන හර්තාල් ව්‍යාපාරයෙන් අනතුරුව ලබන 28 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇතැයිහෙතෙම පැවසීය.

අද ජාතික විරෝධතා දිනයක් ලෙස සලකා ක්‍රියා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි රවි කුමුදේශ් මහතා රජය ජනමතයට ගරුකරමින් තීරණ ගන්නා තෙක් සිය වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩව විරෝධතා ඉදිරියට ගෙනයන බව වැඩිදුරටත් සඳහන්කළේය.

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව විසින් සංවිධානය කර ඇති මෙම හර්තාල් ව්‍යාපාරය සහ දීපව්‍යාප්ත ජාතික කළුවිරෝධතා පිකට් උද්ඝෝෂණ මාලාව දිවයිනේ සියලු ප්‍රධාන නගර මූලික කර ගනිමින් අද (20 දා) සිට අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

සුජීව තත්සර

මූලාශ්‍රය – මුහුණු පොත

Social Sharing
නවතම