කොස්කැලේ වෙළෙන්ඳෝ හතිහලන මන්තීරුවලට බිලි!

කේ. සංජීව

ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට අයිති මැල්සිරිපුර කොස්කැලේ කියපු ගමන් මතකයට එන්නේ උණුවට රසට කටට පනින පොල් රොටී. එහෙමත් නැත්තං ලුණු මිරිස් සැරට සාත්තු කරන කහට රස. එහෙමත් නෑත්තං බඩ ඉරිඟු කරලක රස. මේ ඉසව්ව පහුකරන මිනිස්සු මේ කැලේ මැද කඩ මණ්ඩියේ නැවතිලා කාලාබීලා ගිමන් නිවාගෙන උඩහට හෝ පහළට යෑම සිරිතක්. ඒත් ඔන්න දැන් ඒ සතුට ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ඩෝසර් කරලා. කතාවට කියන්නේ ලස්සන ඉන්ටර්ලොක් ගල් මල් හතිහලන මන්තීරුවකට ඉඩහසර ගන්න තමයි මේ ඩෝසර් කිරීම කියලා. ඉතිං ඊයේ හවස මටත් මේ කඩයක් කරගෙන රොටියක් ප්ලේන්ටියක් විකුණගෙන ජීවිතය ගැටගහගෙන ඉන්න ගැහැණියක් කතා කළා.

Melsiripura koskale‘ අනේ මහත්තයෝ බලන්න කෝ අපේ කඩ කඩන්න ඇවිත් නේ. අපි හිතුවේ නෑ අපිට මෙහෙම කරයි කියලා. නඩු තීන්දුවක් තියෙනවා ඒකෙනුත් කියන්නේ ප්‍රාදේශීය සභාව දුන්න කඩ ටික ඉතුරුකරලා අනවසර කඩ විතරක් කඩන්න කියලා. ඒත් මහත්තයෝ ඒ මොකවත් බලන්නේ නැතුව ඇවිත් කඩාගෙන කඩාගෙන යනවා. අපි පැය 24ක් ඉල්ලුවා ඒකටවත් ඉඩක් නෑ. කඩ දෙකක නම් කිසිම බඩුවක් අයින් කරගත්තේ නෑ ඒවා එක්කම ඩෝසර් කළා බලන්න කොච්චර අසාධරණයක් ද? ‘ ඇය හඬයි.  ඒ හැඬුම සාධාරණයි. බඩුමිල අහස උසට ගිහිං තියෙනකොට තමන්ගේ කඩේ ඩෝසර් කළාම අඬන්නේ නැතුව හිනා වෙන්නද?.

Melsiripura Koskele traders protestකඩ අතීතය

කොස්කැලේ මෙම කඩ තිහ පටන් ගන්නේ 2002 අවුරුද්දේ. ඒ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ අවසරය සහ අනුග්‍රහය එක්ක. මේ කඩ හදලා දීලා විවුර්ත කරලා තියෙන්නේ බන්දුල ගුණවර්ධන කියලා තමයි කතාව. එතකොට ජොන්ස්ටන් තමයි ප්‍රදේශයේ නිසි දේශපාලන බලධරය. කඩ තිහක් කියන්නේ පවුල් 30ක්. පවුල් තිහක් කියන්නෙ යැපෙන්නෝ අවම 100ක් විතර. එහෙම බැලුවාම තත්ත්වය බරපතළයි. මේ බඩවල් සීය දැන් පුරවන්නේ කවුද? ජෝන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ද? මේ කඩ අයිතිකාරයෝ කියන විදිහට දවසකට රුපියල් 1500ක විතර ලාබයක් තියෙනවා. දවසට 1500යි කියන්නේ මාසෙකට කීයද? ඒ වගේ සොච්චම් ආදායමකට තමයි ආණ්ඩුව මේ තට්ටුකරලා තියෙන්නේ. ඉතිං දැන් මේ මිනිස්සු ඉන්නේ රත්වුණ රොටී තැටියක් උඩ.

Melsiripura Koskele traders protestනීතියේ සරණ

මේ කඩ අයින් කරලා භූමිය නිදහස් කරලා දෙන්න කියලා මුලින්ම මේ මිනිස්සුන්ට විරුද්ධව නඩු ගිහිං තියෙන්නේ වන සංරක්ෂන දෙපාර්තමේන්තුව. 2020-01-09 තමයි වන සංරක්ෂනය ලියුම් එවන්නේ මේ මිනිස්සුන්ට අයින්වෙන්න කියලා. ඊටපස්සේ ඔවුන් මේ මිනිස්සුන්ට විරුද්ධව නඩු දානවා. 2021-03-19 ඒ නඩුවට තීන්දුවක් ලැබෙනවා. ඒ තීන්දුවෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය කියන්නේ 2002 නීතියට අනුව දීපු කඩ 30 ඇරලා අනවසර ඒවා විතරක් අහක් කරන්න කියලා. ඉතිං ඒ තීන්දුව හින්දම මිනිස්සු මේක ගනන් ගත්තේ නෑ. ඊටපස්සේ ඉතිං ලොක්ඩවුන් අස්සේ මේ කුරුමානම කල් යනවා. මිනිස්සු හිතනවා ආණ්ඩුව මේ වැඩේ අල්ලලා දාලා කියලා. පස්සේ මේ මෑතක මිනිස්සුන් ට ආරංචුවුණාම මේ කඩ කඩන්න යනවා කියලා ඒක වාරණය කරගන්න මේ මිනිස්සු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට යනවා. ඒ නඩුවේ තීන්දුව දෙන්න තිබුණේ 2021-12-02. තීන්දුවට කළින් ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. 2021-12-01 වෙනිදා පිස්කල් නෝනාමහතෙක් එක්ක එන ඩෝසර් සත්තු මේකඩ කැලේට තල්ලුකරලා දානවා. සමහර කඩ හිමියෝ බඩු අස්කරගැනීම ප්‍රතික්ෂේප කරනවා. රාජ්‍යයේ ප්‍රතිචාරය ඒ බඩු භාණ්ඩ සමග කැලයට තල්ලුකර දැමීම. පුරවැසියාව අමතක කරපු ආණ්ඩුවකට මොනවාද කරන්න බැරි? ඒක තමයි මේ කතාව අපිට කියන කතාව.

Melsiripura Koskele traders protest
විල්පත්තුව කපපු රටක සිංහරාජය නිරන්තරව එළිපෙහෙළි කරන රටක කොස්කැලේ විතරක් ගැන සෙනෙහසින් කතාකරන උදවියත් නැතුවා නෙවෙයි. හැබැයි එතනින් යන ඕනෑම කෙනෙක්ට පේනවා ඔය උඩින් තියෙන සිද්ධිවලදි වගේ මෙතනදී කැලේ විනාශ වීමක් නැහැ කියලා. කොස්කැලේ හිටි වෙළෙන්ඳෝ දිළින්ඳෝ කියන එක අමතක කරන්න එපා.
Social Sharing
නවතම විශේෂාංග