උද්ඝෝෂකයින්ට පොලිස් ඇප නෑ, මහරගම උණුසුම්..

අද (4) උදෑසන පාර්ලිමේන්තු පිවිසුම අසල උද්ඝෝෂණයේ නිරතව සිටියදී පොලිස් පැහැරගැනීමට ලක්ව මහරගම පොලීසිය වෙත ගෙන ගිය විරෝධතාකරුවන් 13 දෙනාට පොලිස් ඇප ලබාදීම එම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දැනගන්නට ලැබේ. මෙම පොලිස් තීරණයත් සමග මහරගම පොලීසිය ඉදිරියට පැමිණි විශාල පිරිසක් ප.ව 3 වෙනවිටත් විරෝධතා දක්වමින් තිබෙයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයද මෙම අත්අඩංගුවට ගැනීම විවේචනය කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබූ අතර එහිදී ඔවුන් පොලිස්පතිතුමාගෙන් ඇතුලු අදාළ පාර්ශවයන් වෙතින් මේ සඳහා මැදිහත්වීමක් අපේක්ෂා කරයි.

Maharagama protesters have no police bail

Social Sharing
නවතම