උදන් ප්‍රනාන්දු ක්‍රිස්තියානි පල්ලියක විවාහ වන විට, සරණ බන්ධන පූජාවේ එක්තරා අවස්තාවක පාදිලිතුමා මහා හඬින් අහන්නේ මේ විවාහයටවිරුද්ධ කෙනෙකු වේ නම් දැන් ඒ විරෝධය ප්‍රකාශ කළ හැකියි කියා ය. එසේ විරෝධය මතු කර, කසාදය නොකෙරෙණු අවස්ථාඑමට ය. විරෝධයක් ප්‍රකාශ නොවුණ විට, පාදිලිතුමා අත් දෙක ම ඔසවා සභාවට පවසන්නේ ‘දෙවියන් විසින් එක්කල මොවුන්දෙදෙනා කවර කෙනෙකු විසින් හෝ වෙන් කළ නොහැකි‘ කියා ය. මෙවැනි මංගල්‍යයකට ගියා වැනි හැඟුමක මා හට දැනුණේමැයි නම වැනි දින ප.ව. හයයි තිහට පැයකට දෙකකට කලින් අනුර කුමාර හා සජිත් ප්‍රේමදාසගේ කඩා වැටුණු මුහුණු දැකීමෙනි. රනිල් වික්‍රමසිංහ මනාලයා…
Read MoreTag: political issues in sri lanka
“මම අයින් වෙන්නේ නෑ” ජනාධිපති සජබට කියලා.
තමන් ඉල්ලා අස් නොවෙන බවත් ධුරයේ කටයුතු කිරීම සඳහා තමන්ට ජනවරමක් හිමිව ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. ඊයේ (11) ජනාධිපතිවරයා සහ සජබ මන්ත්‍රීවරුන් දෙපලක් අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබඳව මෙම අදහස ප්‍රකාශ කර ඇත.
Read Moreප්රචණ්ඩත්වය මතු කරන රජයේ කුමන්ත්‍රණ පරාජය කරමු!
විදේශගත ශ්‍රී ලාංකික සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ මතුවී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව නිකුත් කර ඇත. එම නිවේදනය පහතින්… සාමය හා ආරක්ෂාව කඩ කොට ප්රචණ්ඩත්වය මතු කරන්නට රජය හා නිලධරය දරන කුමන්ත්‍රණ පරාජයට පත් කරමු! සාමකාමී ලෙස උද්ඝෝෂණය කරමින් සිටි තරුණ පිරිසකට රඹුක්කන දී වෙඩිතබා කිහිප දෙනෙකු ඝාතනය කර, බොහෝ පිරිසකට තුවාල සිදු කොට කලහකාරී හා ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇති කරන්නට කරන ලද කුමන්ත්රනය විදේශවල සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අප සියළු දෙනා විසින් මහත් පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතු වේ. රජයේ දූෂණය හා අකාර්යක්ෂම පාලනය නිසා හට ගෙන තිබෙන ජනතා විරෝධයට…
Read Moreරඹුක්කන විරෝධයේ දී එක් අයෙක් මරුට!
අද දින රඹුක්කන ප්‍රදේශයේදී ඇති වූ විරෝධතාවක දී පොලිසිය පිරිස විසිරුවා හරින්න තැබූ වෙඩි තැබීමකින් 11 දෙනෙකු තුවාල ලබා තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කෑගල්ල රෝහල තහවුරු කරයි. තුවාල ලැබූවන් අතර 4 දෙනෙකුගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
Read Moreවෘත්තිකයින්ගේ ප්රඥප්තියක් අරගල භූමියෙන්.
රටේ අනාගත පුරවැසියන්ට යහපත්, සුරක්ෂිත දේශයක් ගොඩනැගීම සඳහා, ශ්‍රී ලාංකික වෘත්තිකයන් විසින් පොරොන්දු වන බවට ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිසක් සකස් කළ ප්රඥප්තියක් ඊයේ (17) දින ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අරගල භූමියේදී එළි දක්වන ලදී. ශ්‍රී ලංකාවේ සහ එහි වෙසෙන ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා සඳහා වෘත්තිකයන් සතුව සුවිශේෂී වූ වගකීමක් ඇති බව වටහා ගනිමින්, මේ වගකීම පැහැර නොහැර ඉටුකිරීමට ඇති බාධකයන් ඉවත් කරගැනීමට මේ තීන්දුව ගත් බව ඔවුහු එහිදී කියා සිටියහ. මෙම අවස්ථාවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, ඉංජිනේරු සුමේධ රත්නායක, ඉංජිනේරු සුරත්…
Read Moreස්වාධීන මන්ත්‍රීවරු – ජනාධිපති සාකච්ඡා අසාර්ථකයි.
ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 41 දෙනා සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙන බව වාර්තා වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාව ඊයේ (10) රාත්‍රී 7 ට පමණ ආරම්භ වුණි. එම සාකච්ඡාවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් විසින් මීට පෙර ඉදිරිපත් කරන ලද කරනු 11 කින් යුත් යෝජනාවලිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇති බව සඳහන්ය. කෙසේවෙතත් එම යෝජනාවලිය සඳහා ජනාධිපතිවරයා විසින් සංශෝධන කිහිපයක්ද ඉදිරිපත් ඇති බව වාර්තා වේ. රට තුළ මතුව ඇති දේශපාලන ව්‍යාකූලත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක් ව ඇති…
Read Moreමිලියනයක ජන ගඟක් කොළඹට
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ගෙදර යන්න යැයි බලකරන #Gohomegota2022 විරෝධතාවයේ කැඳවීමක් ලෙස අද (09) කොළඹ ගෝල්ෆේස් පිටියට ජනතාව මිලියනයක් එකතුවෙන බව වාර්තා වෙයි. ඒ අනුව මෙම අති දැවැන්ත මහජන විරෝධතාව අද උදෑසන 09.00 ට කොළඹ ගෝල්ෆේස් පිටියේදී ආරම්භ කිරීමට නියමිත ය. කිසිදු දේශපාලන පක්ෂයක නායකත්වයක් හෝ මඟපෙන්වීමකින් තොරව ජනතාව විසින්ම සමාජ මාධ්‍ය හරහා මෙම විරෝධතාවය කැඳවීම මෙහි ඇති විශේෂත්වයයි.
Read Moreඩිෆෙන්ඩර් වලින් රඟපු ඇමතිලා දැන් කෝ?
ගෝඨාභය එක්ක, ජනාධිපති ක්‍රමයත් “ගෝ හෝම්”
මෙතැන විශාල සරදමක් තිබේ. ගෝඨාභයට ගෙදර යන්නැයි කීමෙන් පාරේ සිටින මහජනතාව අද උදක්ම ඉල්ලා සිටින්නේ, ඔහු ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඊට අමතරව, ඔහු තමාගේ ගෙදර වන ඇමරිකාවට යා යුතු යැයි කියන අදහසත් එයින් ගම්‍ය කෙරේ. මේ අතර, විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කළ යුතු බව විපක්ෂ නායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබුණි. විධායක ජනාධිපති ක්‍රමය උපත ලැබුවේ ඇමරිකාවේ ය. ගෝඨා සමග එම ක්‍රමයත් ගෙදර යා යුතු බව කියන විට, ඒ දෙන්නාම යා යුත්තේ එකම රටකට වීමත්, මන පිනවන සරදමකි. මේ වන විට මුළු රටම වීදි උද්ඝෝෂණ මාලාවකින්…
Read Moreතාත්තේ මට රටක් ඕනෑ…!
තව වසර කීපයකින් මගේ දරුවා විදේශයකට පිටත් කර හරින්නට මා සිතා සිටියා. හැකිනම් ඇයට විදේශයක පදිංචි වීමට ඉඩ සළසා දෙන්නට ද මා බලාපොරොත්තු වුණා. තවමත් ඒ අදහස වෙනස් වී නැහැ. එහෙත් ඇය කියන්නේ, ‘තාත්තෙ මට රටක් ඕනෑ.’ අධ්‍යාපනය වෙනුවෙන් විදේශ ගත වුවත්, විදේශ රටක පදිංචි වුවත් තමාගේ මව් රට අහිමි කර ගැනීමට ඇය සූදානම් නැහැ. ඇයට උවමනා කරන්නේ කවර ආකාරයේ රටක් දැයි මා දන්නවා. ගෝත්‍රික භාවයෙන්, වහල් භාවයෙන් අත් මිදුණු, දියුණු මනස් සහිත ජනතාවක් ජීවත් වෙන, ආර්ථීක ස්ථාවරත්වයක්, හොඳ දේශපාලන සංස්කෘතියක් සහිත, සන්සුන් සාමකාමී රටක්. වර්ගවාදයෙන්, අන්තවාදයෙන් කුලල් කා ගන්නා…
Read More