උදන් ප්‍රනාන්දු
ක්‍රිස්තියානි පල්ලියක විවාහ වන විට, සරණ බන්ධන පූජාවේ එක්තරා අවස්තාවක පාදිලිතුමා මහා හඬින් අහන්නේ මේ විවාහයටවිරුද්ධ කෙනෙකු වේ නම් දැන් ඒ විරෝධය ප්‍රකාශ කළ හැකියි කියා ය. එසේ විරෝධය මතු කර, කසාදය නොකෙරෙණු අවස්ථාඑමට ය. විරෝධයක් ප්‍රකාශ නොවුණ විට, පාදිලිතුමා අත් දෙක ම ඔසවා සභාවට පවසන්නේ ‘දෙවියන් විසින් එක්කල මොවුන්දෙදෙනා කවර කෙනෙකු විසින් හෝ වෙන් කළ නොහැකි‘ කියා ය. මෙවැනි මංගල්‍යයකට ගියා වැනි හැඟුමක මා හට දැනුණේමැයි නම වැනි දින ප.ව. හයයි තිහට පැයකට දෙකකට කලින් අනුර කුමාර හා සජිත් ප්‍රේමදාසගේ කඩා වැටුණු මුහුණු දැකීමෙනි. රනිල් වික්‍රමසිංහ මනාලයා ලෙස ඒ වෙන විටත් හැඳ පැළද, තම කබායේ පහතට වැටෙන කොලරයේ පොහොට්ටුවක් ගසා ගනිමින්සිටියේ ය. අනුර මනාල සූට් මසා ගත්තේ මීට බොහෝ කලකට පෙර ය. සජිත් සිතුවේ ආර්ථික අර්බුද කාලයක සූට් මහනටනිරපරාදේ සල්ලි වියදම් නොකොට තම සුපුරුදු ඇටෙන්ඩන් සූට් එක ම ඩ්‍රයි ක්ලීන් කර ඇඳීමට ය. මනාල සිහිනය තිබුණත්, මගුලෙන් පසු හරි හම්බ කරගෙන ගෙදර කටයුතු කරගෙන යන්නේ කෙසේ ද යන ප්‍රශ්නය සැක සංකාවක ලෙස දෙදෙනාට මදරුණුවට තිබිණ. ඒ නිසා ඔවුන් දෙදෙනා ම සිතුවේ තරමක කලක් ‘ආශ්‍රය කර‘ හොඳ නැකතක් බලා පසු කලෙක මනාලයා වීම ය. ගෙදරට වයසට නොගොස් කසාදය අද හෙට ම කර ගත යුතු ය යන සොඳුරු තර්ජනාන්ගුලියක දැම්මේ කොළඹ කොටුවේ ලොකුබැංකුවක වැඩ කරන මනාලියගේ මාමා ය. දෑවැද්ද දෙන්නේ මාමා නිසා ඔහුට පිටුපෑම අසීරු ය. දැනට පස් වතාවක් විවාහ වී සිටිනිසා වික්‍රමසිංහට ඕනෑ වෙලාවක ඇඳිය හැකි මනාල සූට් රාක්කයක් ම ඇති බව මනාලියගේ පාර්ශවය ද තානාපති ඥාතීහු ද දැනසිටිය හ. හදිසියේ ම මංගල්‍යය කෙරුණේ මේ නිසා මිසක එල්.බී.ඩබ්ලිව් තත්ත්වයක නිසා නොවේ.
බ්‍රිතාන්‍යයේ 1994 දී නිෂ්පාදිත, අතිශය ලෙස ජනප්‍රිය වූ සිනමා පටයකි ‘ෆෝ වෙඩින්ස් ඇන්ඩ් අ ෆියුනරල්‘. වැඩිහිටි මිතුරු කැලකවටා ගෙතුණු මේ සිනමා පටයේ විවාහ මංගල්‍ය අවස්ථා හතරක් හා අවමංගල්‍යයක් හුවා දැක්වේ. අවසාන මංගල්‍යයපැවැත්වෙන්නේ ඇන්ග්ලිකානු පල්ලියක ය. විවාහ මංගල්‍යයේ සරණ බන්ධන පූජාව මෙහෙයවන්නේ ආධුනික පාදිලි තුමෙකි. වැඩිඅත්දැකීමක් නැති මෙතුමා පූජාව මෙහෙවන්නේ දැඩි ආතතයකින් හා ආත්ම ශක්තියකින් තොරව ය. පාදිලිතුමාගේ චරිතයට පනපොවන්නේ විශිෂ්ඨ නළුවෙකු වන රෝවන් ඇට්කිංස් හෙවත් මිස්ටර් බීන් ය. පාදිලිතුමා විරෝධය පිලිබඳ ප්‍රශ්නය අසද්දී ඊටප්‍රතිචාරයක ලෙස යමෙකු අතත් ඔසවාගෙන ඉදිරියට පැමිණ කරුණු පවසන්න ලැහැස්ති වේ. ගොළුවෙකු වූ ඔහු මනාලයාගේ බාලසහෝදරයා ය. පරිවර්තකයෙකු ආධාරයෙන්, ඔහු පවසන්නේ මනාලයා ඇත්තෙන් ම ආදරය කරන්නේ මනාලියට නොව වෙනතැනැත්තියකට කියා ය. මේ බව කියැවෙත් ම මනාලිය මනාලයාට කම්මුල හරහා සිහි වැටෙන මට්ටමේ පහරක් දෙන අතර, ඉන්මංගල්‍ය සභාව එසැණින් ම විසිරේ. සජිත් හා අනුර මේ තරම් අකාරුණික නොවී විරෝධය පෑම පසෙක ලා, කලෙක නයාගේසින්දුව ලෙස ජනප්‍රිය වූ ‘සදාදර නයෝ ඔබේ මංගල දිනේ‘ ගීතය කඳුළු පුරෝගෙන ගැයුවේ තමන් ජෙනුයින් ප්‍රජාතන්ත්‍රවාදීමනාලයින් බව ලොවට ම ඔප්පු කරමිණි.
යට කී සිනමාපටය මෙන් ලාංකීය දේශපාලන තලයේ මැයි නම වැනිදායින් පසු ව මගුල් හතරක කෙරෙන බව පෙනෙයි.
පළමු මගුල : ජවිපෙ හා සෙසු වාමාංශික පක්ෂවලට වික්‍රමසිංහගේ අගමැති පත්වීම අයිස් පෙට්ටියෙන් ගත් රෙඩ්–බුල් කෑනයක්වැනි ය. වික්‍රමසිංහ සම්භාව්‍ය දුෂ්ඨයෙකි. ඔහු ධනවාදී ය, ලිබරල් ය එපමණක් නොව නව ලිබරල් ය. ඔහුගේ දේශපාලනයආර්ථිකය පමණි. ඒ අරභයා ඔහු කරන ප්‍රතිසංස්කරණ කුරිරු ය. මේ තත්ත්වය තුල ජවිපෙ හා ඒ පන්නයේ කණ්ඩායම්වලට දිවා රෑනොතකා වැඩ කෙරුමට සිදුවේ. ඔවුන්ගේ විශේෂ ප්‍රාගුණ්‍යය වන විරෝධතා කුසලතා වගා කර ගැනුමට වික්‍රමසිංහ සරුබිමකි. පක්ෂයක ලෙස තව දුරටත් විකාශණය වීමට මින් ඉඩ සැළ සේ.
දෙවැනි මගුල: ජයවර්ධනට පසු ලංකා ඉතිහාසයේ බිහි වූ අනර්ඝත ම දේශපාලන මුවහම වික්‍රමසිංහ ය. තම ආර්ථික හා සමාජපැවැත්ම යහමින් තහවුරු කරගත්, දේශපාලනික ව ආලෝලණය වූ, උගත් කොටස් තමන්ගේ බුද්ධිමය ජිම් ආම්පන්නය ලෙසභාවිතා කරන ට්‍රේඩ්මිලයකි වික්‍රමසිංහ ය. නිශ්චිත දේශපාලන වැඩ පිළිවෙලක කොටස් නොවුනත් ඔවුන් විදග්ද බසින් ලියන කියනදේ සමාජය තුල යම් බල පෑමක් කරයි. හවසට ටෙනිස් අතක් ගසා (හෝ ෆේස්බුක් බලන ගමන්) බියර් වීදුරුවක් තොල ගෑමේදීබයිටය ලෙස ඇණවුම් වෙන්නේ වික්‍රමසිංහ ය. මේ සමාජ තීරුවට ද දැන් හොඳ කල දසාවකි. ඔවුන්ගේ සන්ධ්‍යා පොපියන කාලයන්වන අතර ඉන් පසු ව ලියැවෙන විචාර ලිපි අපගේ දේශපාලනික සවිඥානකභාවය තවත් වැඩවීමට නියමිත ය.
තෙවැනි මගුල: බලවත් රටවලට හා ඒවායේ තානාපති කාර්යයාලවලට තමන්ගේ කෙනෙකු පත් කර ගත්තා වැනි ආශ්වාදජනකහැඟුමක මේ දිනවල ඇතිවෙනවා විය හැක. මේ අතරට ජා.මූ අරමුදල හා ලෝක බැංකුව වැනි ආයතන ද අයත් ය. සබ්බිරි වැනිකොලු ගැටයෙකු කඩේට අවුත් පොතට බඩු දෙන ලෙස ඉල්ලූ විට මුදලාලී හැසිරෙන ආකාරයත්, වික්‍රමසිංහ වැනි කඩේට නිතර මආ ගිය කෙනෙකුට කරණ සැලකුමත් සපුරා වෙනස් ය. වික්‍රමසිංහ ජා.මූ කඩේට ගොඩ වන්නේ බාල්කයේ එල්ලා ඇති කැනේකෙසෙල් ගෙඩියක් ද කරකවා කඩා ගනිමිණි. පොතට බඩු ඉල්ලන කතාව කෙරෙන්නේ කෙසෙල් ගෙඩිය කන ගමන් වන අතරමුදලාලි බොයිලේරුවෙන් වික්‍රමසිංහ කැමති පදමට කිරි කහට කෝප්පය සීරුවට වත් කරයි.
සිවුවැනි මගුල: වික්‍රමසිංහ, පරෙවි බසින් කිවතොත්, කොමනෙක් නොවේ. ඔහු චොක්කෙකි. ඒනිසා වික්‍රමසිංහ ආශ්‍රය කරන්නේකුඩා පිරිසකි. ඉනුත් තෝරා බේරා ගන්නා ස්වල්ප දෙනෙකු ය ඔහුගේ විශ්වාසය දිනා ගන්නේ. ලබන වසරේ මාර්තුව තෙක්වික්‍රමසිංහට මගුල කරගෙන යාමට හැකි වුවහොත් වඩා සතුටු වන්නේ රෝයල්–තෝමියන් නිල්–සටනේ ටෙන්ට් සංවිධායකයින් ය. ඔහු වටා සිටිනා මේ ඉනර්–සර්කලයට යලිත් නව පණක් ලැබී ඔවුන්ගේ රැකි රක්ෂා ද ව්‍යාපාර කටයුතු සඳහා සුභ කාලයක් උදාවේ.
යට කී සිනමාපටයේ මෙන් අපට දැන් අවමගුලක ද දක්නට සිදුවේ. එනම් ‘අරගලය‘ ලෙස ලිහිල් ලෙස වර නැගුණු, නව දේශපාලනසාමූහික තරුණ නායකත්වයක් හා පුළුල් සහභාගිත්වයක් සහිත ව ගොඩ නැගුණු නව දේශපාලන අවකාශයට නව සතුරෙකුමතුවීම නිසා එහි ගතිකත්වයේ පරිවර්තනය ය. මැයි නවයට දිනකට දෙකකට පෙරාතුව ම කෙනෙකු එළවීම හා තවෙකෙකුවැළඳගැනීම තුල අරගලය රෝද ගණනාවකින් සැදි දුම්රියකින් වෙනස් වී තනි රෝදයක වීල්–බැරෝවක් වෙන ලකුණු පෙන්නුම්කළේ ය. ගෝටාගෝහෝම් ගම අනුප්‍රාණයෙන්, පුළුල් ජන කොටස් ගණනාවකින් මතුවන නවමු දේශපාලන කතිකාව එක්තරාදේශපාලන දහරාවක සැමදා මතුරණ මන්තරයට ම ලඝු වීමේ අනතුර හා අවධානම අවමගුලේ නිමිත්ත යි. විවිධත්වය නියෝජනයකරන වෛවර්ණ දේශපාලන අවකාශයක් මොනො–වර්ණ වීම ගැන දැනටමත් චෝදනා මතු ව ඇත. යට කී සිනමාපටයරෝමාන්තික කොමඩියක වුව ද පශ්චාත් මැයි නවය අත්දැකීම අපට මාරාන්තික ට්‍රැජඩියක වේ ද යී සැක සිතෙන්නේ ඒ නිසා ය.
මෙය අනිද්දා පුවත්පතේ පළවිය