රාජ්‍යය ආරක්ෂා කිරීමේ අභියෝගය

Capital markets industry in sri lanka

-අතුලසිරි සමරකෝන් –

රනිල්ගේ භාවිතාව තුළින් හෙළිවන ආකාරයට රාජ්‍යය ආරක්ෂා කර ගැනීමට නම් ගෝලීය වෙළඳපළ‌ බලවේගවලට සහමුළින්ම එය යටත් කළ යුතුය. ආර්ථික ස්වාධීනතාවයකට ගමන් කළහොත් ඔහුට අනුව පවතින ආර්ථික බල‌ ව්‍යූහය විසින් රාජ්‍යය අස්ථාවර කරනු ඇත.

අඩු වැඩි වශයෙන් ගෝඨාභයට ගෙදරයාමට සිදුවූයේ මෙම ගෝලීය ධනවාදී ප්‍රවණතාවයන් නිවැරදිව අවබෝධකර නොගෙන හිතුවක්කාරී ආකාරයට දේශීයවාදයකට රට තල්ලු කිරීම නිසාය.‌ රනිල් ගෝලීය ආර්ථිකවාදයට යට වූ නායකෙකි. ගෝඨාභය ට ආතක්පාතක් නොතිබුණි.

පශ්චාත් නිදහස් යුගය තුළ මෙරට රාජ්‍යය පැවැත්මට සහ තර්ජනයට ලක්වීමට එජාප/ශ්‍රිලනිප විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. අද සජබ/ජාජබ ට ඇත්තේ එම ශ්‍රිලනිප සහ එජාප යන අතීත කන්සර්වැටිව් බලවේග දෙකෙහි කාර්යභාරය ඉටුකිරීමටයි. ඔවුන්ට රැඩිකල් වීමට කිසිම ඉඩක් ගෝලීය හා කලාපීය බල ව්‍යූහය ලබා නොදෙයි.

පොහොට්ටුව සහ එජාප යන දෙකම පක්ෂ වශයෙන් පිරිහී ඇත‌ අනෙක්වා සාපේක්ෂව

තවමත් අලුත්ය. පොහොට්ටුව විදේශ ප්‍රතිපත්තිමය වශයෙන් ඉන්න තැන පැහැදිලි නැත. රනිල් සමග පැවතීම හැර එයට වෙන විකල්ප නැත.

සජබ/ජාජබ අතරින් සජබ වඩා බර එජාප ප්‍රතිපත්තිවලට මුත් එය යම් සංශෝධනවාදයකට කැමති බව පෙනෙයි‌ මැදහත් භාවයක් අවශ්‍යය. ජාජබට ඈති අභියෝගය විදේශ ප්‍රතිපත්තියයි. එය ගෝඨාභය මුහුණ දුන් අභියෝගයේම දිගුවයි‌.

ජාතිකවාදීන් විසින් ගෝඨාභයව අණතුරට හෙළූ අයුරින්ම ජාජබයේ බොල්ෂෙවිකයන් ද එම පක්ෂය තුළ න්‍යාය පත්‍රය හසුරවයි‌ ..

අපට වැදගත් දිනන පැත්ත නොව රාජ්‍යය ආරක්ෂා කළ හැකි පාර්ශවය කව්රුද යන්නයි. එය සරළ ගැටලුවක් නොවන අතර දූෂණයට එහා යන එකකි.

Social Sharing
අවකාශය නවතම