රාජපක්ෂලා යනවනම් මම සූදානම් මේ අර්බුදය විසඳන්න

මම මේ ආර්ථික අර්බුදය විසඳන්න සූදානම්. හැබැයි, ඒක මිරිඟුවක් පස්සේ දුවනව වගේ ඉටුකර ගන්න බැරි ඉලක්කයක් බවට පත්කර ගන්න මම සූදානම් නෑ. මම ලෝකයේ බොහෝදෙනෙකු සමග සාකච්ඡා කළා.

ඔවුන් කැමති නෑ මේ අර්බුදය හදපු රාජපක්ෂලා එක්ක එකතුවෙලා වැඩ කරන්න. ලෝකය විතරක් නෙවෙයි. මේ රටේ ජනතාවත් ඒකට කැමති නෑ. ඉතිං, අපි මුලින්ම මේ අර්බුදයෙන් ගොඩඒමේ පදනම හදාගන්න රාජපක්ෂලාට යන්න කියන්නම වෙනවා. ඒකයි, මම කියන්නේ ප්‍රශ්නය ඇති කරපු ගෝඨාභය ජනාධිපතිවරයා එක්ක මේක විසඳන්න බෑ කියලා. රාජපක්ෂලා ආරක්ෂා කරගනිමින් රට ගොඩනගන්න යෑම තවත් විහිළුවක් වෙනවා.

මම ලෝකයේ ප්‍රධාන රටවල් සහ ආයතන සමග සාකච්ඡා කළ විට ඔවුන් පැවසුවේ ජනතාවට වගකියන සර්ව පාක්ෂික රජයක් ගොඩනැගෙනවා නම් ලංකාවට උදව් කරන්න කැමතියි කියලයි. ජනතාව ඉල්ලන්නෙත් ඒක. ඇත්තටම රටට ආදරේ නම් ජනාධිපතිවරයාට කරන්න තියන එකම දේ ධුරයෙන් ඉවත් වීමයි. එවිට මේ රට ගොඩනැගීමේ සැබෑ පදනම වැටෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය් හර්ෂ ද සිල්වා

සම්පුර්ණ කතාව: https://bit.ly/3apcCPa

Social Sharing
නවතම පුවත්