බන්ධනාගාර තුලදී 2019 වසරේ 165 ක් මිය ගිහින්.

prisoners 165 deaths in 2019 Department of Prisons

බන්ධනාගාර ගතව සිටියදී 2019 වසර තුල පමණක් පුද්ගලයින් 165 කු මිය ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මේ මිය ගිය පිරිස අතර පිරිමි 159 ක් හා කාන්තාවන් 06 ක් වේ. රැඳවුම් භාරයේ සිටියදී සාමාන්‍ය සිර පිරිමි 64 ක් කාන්තා 02 ක්ද, මරණිය දණ්ඩනය නියම කර සිටි පිරිමි 09 ක් කාන්තා 01 ක්ද, ජිවිතාන්තය දක්වා සිර පිරිමි 04 ක් කාන්තා 01 ක්ද, පිරිමි සැකකරුවන් 82 ක් කාන්තා සැකකාරියන් 02 ක්ද වශයෙන් මෙසේ 165 කු මිය ගොස් ඇත. එමෙන්ම 2019 වසර තුල බන්ධනාගාර වලින් සිරකරුවන් 101 කු මිදී ගොස් ඇති අතර සිරකරුවන් 11…

Read More

බූස්ස හිරගෙදර ගැන අනතුරු ඇඟවීමක්!

boossa prison Prisoner Rights Protection Committee

මහර බන්ධනාගාරය තුළ සිදු කළ ආකාරයේ සමුහ ඝාතනයක් බුස්ස බන්ධනාගාරය තුළත්  සිදු කිරීමේ උත්සාහයක් පවතින්නේදැයි සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට  ප්‍රමුඛතම සංවිධානයක් සැක මතු කර තිබේ. එම සැකය මතුවී ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පුද්ගලයන් රඳවා තබා ගැනීම සඳහා පාවිච්චි කළ බූස්ස බන්ධනාගාරය “දරුනු ගනයේ අපරාධකරුවන්” ලෙස හැඳිවෙන පිරිසක් සිර කොට තැබීමට යොදා ගැනීම සමගයි. “මේ උත්සාහ කරන්නෙත් මහර බන්ධනාගාරයේ වගේ රැඳවියෝ කුපිත කරලා විශාල රැදවියෝ පිරිසක් ඝාතනය කරන්නද කියලා අපිට සැකයක් මේ වෙන කොට මතුවෙලා තියනවා. ” බන්ධනාගාර තුළ සමුහ සාතන  සම්බන්ධයෙන් පුර්වාදර්ශ කිහිපයක්ම පවතින බව සිරකරු අයිතිවාසිකම්…

Read More

බන්ධනාගාර නිලධාරීන්ට විශෝධන සේවයක්!

Correctional service for prison officers

බන්ධනාගාර නිලධාරීන් ගැන මුලු රටක්ම කථා කරන්නට වුයේ පහුගිය දිනෙක සිදු වූ මහර බන්ධනාගරයේ සිද්ධියත් සමඟිනි. මෙහිදී රැඳවියන් මිය යාම, තුවාල ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබුයේ මේ බන්ධනාගාර නිලධාරීන්ය. නමුත් සිරකරුවා මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද සිය රැකියාව නිසා මානසික අසහනයට පත් වුවෝ වෙති. තරඟ විභාගයකින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රැකියාව හිමි කරගන්නා මොවුන්ට පුහුණු කිරීම්, උසස් වීම් ක්‍රමානුකූලව ලබා දිය යුතුව ඇත. නමුත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා සේවා ව්‍යවස්ථාවක් නොතිබිම නිසා මේ කිසිඳු කාර්යයක් ක්‍රමානුකූලව මෙතෙක් කාලයක් සිදු වී නොමැත.  ඔවුන්ගේ ගැටලු පහුගිය කාලය පුරාම පැවතිණි. විවිධ ගණයේ රැඳවියන් හා කටයුතු කරන බන්ධනාගාර නිලධාරියා දිරි…

Read More

“මහර දී නිළධාරීන් ක්‍රියාත්මක වූයේ බන්ධනාගාර ආඥාපනත අනුවයි” ලෝහාන් රත්වත්තේ

Lohan Ratwatte Prison Ordinance

“මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ අතුරු වාර්තාවක්. ඒ අනුව එම අතුරු වාර්තාව පදනම් කරගෙන මහර බන්ධනාගාරය තුළ පැවති ගැටළු නිරාකරණය කිරීම සදහා අප මේ වන විට පියවර අරගෙන තිබෙනවා. මේ වන විට මහර බන්ධනාගාරය තුළ පැවිති සියලුම ගැටළු නිරාකරණය කොට තිබෙනවා” යැයි  බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ආමත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ දී පැවසීය. බන්ධනාගාර ගතව සිටින රැඳවියන් සමඟ ඔවුන් ගේ පවුල් වල අයට සම්බන්ධ වීම සදහා නව බහුවිධ මාධ්‍ය ඒකකයක් 15 දින විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන්  අනතුරුව ඇමති වරයා එසේ පැවසීය.…

Read More

බන්ධනාගාරයන් තුළ සිදු වූ ඝාතනයන් ශ්‍රී ලංකාව මානව හිමිකම් දර්ශකයේ පහළට ගෙන යාමක් – SLCAT කියයි

SCAT press release on Mahara prison deaths

මහර රැඳවියන් මිය ගියේ කෙසේ දැයි ස්වාධීන පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසු රටට හෙළි කරන ලෙසත් මෙම සිදුවීම සම්බන්ධ පරීක්ෂණයන් විනිවිද පෙනෙන ආකාරයෙන් හා ස්වාධීනව පැවැත්වීම වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක වගකීමක් බවද වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා  එකමුතුව පවසයි. 72 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත. එහි සම්බන්ධිකාරක ඇන්තනි විනොත් මහතා විසින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. පසුගිය නොවැම්බර් 29 වන දින මහර බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමේ අරමුණින් යැයි පවසමින් රැඳවියන්…

Read More

බන්ධනාගාර කොරෝනා පොකුරේ හෙට දවස?

Covid epidemic is spreading in prisons in Sri Lanka

නව කෙරෝනා වෛරසයට මේ වන විට ලංකාවේ පුද්ගලයින් 18,000 ක් පමණ ගොදුරු වී ඇති අතර මරණ 66 ක් වාර්තා වී ඇත. දිවයිනේ දිස්ත්‍රික්ක රැසකින් රෝගීන් වාර්තා වෙද්දී මේ වෛරසය මේ වන විට බන්ධනාගාර තුලටද පැමිණ තිබේ. පළමුව වැලිකඩ බන්ධනාගාරයෙන් රෝගීන් වාර්තා වු අතර මේ වන විට එය බෝගම්බර, කුරුවිට, කොළඹ රිමාන්ඩ්, මාතර, බූස්ස, වැලිකඩ කාන්තා අංශය ආදි බන්ධනාගාර දක්වාම විහිදි පැතිරී ගොස් ඇත. මේ වන විට බන්ධනාගාර පොකුර 500 ඉක්මවා ගොස් ඇත. නිරෝධායනයට ලක් කර ඇති පිරිසද විශාලය. මේ ආසාදිතයින් අතර බන්ධනාගාර නියාමක නිලධාරින් 12 දෙනෙකු සිටියි. වැඩිම ආසාදිතයින් පිරිස …

Read More