“මහර දී නිළධාරීන් ක්‍රියාත්මක වූයේ බන්ධනාගාර ආඥාපනත අනුවයි” ලෝහාන් රත්වත්තේ

“මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ අතුරු වාර්තාවක්. ඒ අනුව එම අතුරු වාර්තාව පදනම් කරගෙන මහර බන්ධනාගාරය තුළ පැවති ගැටළු නිරාකරණය කිරීම සදහා අප මේ වන විට පියවර අරගෙන තිබෙනවා. මේ වන විට මහර බන්ධනාගාරය තුළ පැවිති සියලුම ගැටළු නිරාකරණය කොට තිබෙනවා” යැයි  බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ආමත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ දී පැවසීය.

බන්ධනාගාර ගතව සිටින රැඳවියන් සමඟ ඔවුන් ගේ පවුල් වල අයට සම්බන්ධ වීම සදහා නව බහුවිධ මාධ්‍ය ඒකකයක් 15 දින විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන්  අනතුරුව ඇමති වරයා එසේ පැවසීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ලොහාන් රත්වත්තේ ඇමති වරයා මෙසේද පැවසීය.

“මහර බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී තත්වය පාලනය කිරීම සදහා බන්ධනාගාර නිළධාරීන් බන්ධනාගාර ආඥාපනත ට අනුව ක්‍රියා කළා.  ඊට ජාත්‍යන්තරයෙන් කිසිඳු අදහස් පළකිරීමක්  මෙතෙක් සිදුව නෑ. එසේ වන්නට කිසිදු හේතුවක්ද නෑ.

මෙරට ක්‍රියාත්මක බන්ධනාගාර පනත පැරණි එකක්. එය නව සමාජයට ගැලපෙන ලෙස නවීකරණය කරන්න අප කටයුතු කරනවා. බන්ධනාගාර වල පවතින අධික තදබදය අවම කිරීම සදහා වැලිකඩ බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය හා රිමාන්ඩ් බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට ගෙන ගොස් බන්ධනාගාර තුළ පවතින අධික තදබදය නැති කිරීම සදහා කටයුතු කරනවා. එමෙන්ම එම බන්ධනාගාර තුළ නිළධාරීන්ට තම රැකියාව කරගෙන යාම සදහා සුදුසු පරිසරයක් නිර්මාණය කරනවා.

එමෙන්ම බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අඩු කිරීම සදහා මේ වන විට සුළු වැරදි වලට හසුව බන්ධනාගාර ගතව සිටි 5000 ට පමණ ඇප ලබා දෙන්න කටයුතු කොට තිබෙනවා. එමෙන්ම ඉදිරි සතිය තුළ තවත් රැඳවියන් දහසකට පමණ ඇප ලබා දෙන්න කටයුතු කරනවා. සුළු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කරන සැක කරුවන්ට ඇප ලබා දිය හැකි ලෙස චෝදනා ඉදිරිපත් කරන්න කටයුතු කරනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අදහස් දක්වමින් පැවසුවේ අද දින අඟුණකොළපෑලස්ස බන්ධනාගාරය තුළදී ආරම්භ කරන ලද බහු විධ සන්නිවේදන කුටිය බන්ධනාගාර ඉතිහාසයේ එක් කඩ ඉමක් බවයි. යහපත් කල් ක්‍රියාවෙන් පසුවෙන රැඳවියන්ට මෙම අවස්ථාව හිමි වෙන බවද ඔහු පැවසීය.මෙම බහුවිධ සන්නිවේදන ක්‍රියාවලිය රට තුළ පවතින අනෙකුත් බන්ධනාගාර වලද ස්ථාපනය කරන බවද බන්ධනාගාර කොමසාරිස් වරයා පැවසීය. එමෙන්ම ඉදිරියේදී බන්ධනාගාර ගතව සිටින තම ඥාතීන් ගේ මෙන්ම හිතවතුන් ගේ සුවදුක් විමසීම සදහා කලින් දිනයක් හා වේලාවක් ලබා දීමේ වැඩ සටහන ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. ඒ අනුව රැදවියන් බැලීමට පැමිණෙන අයට බන්ධනාගාර අසල මින් පසු රස්තියාදු වෙන්නට සිදු නොවන බවද බන්ධනාගාර කොමසාරිස් වරයා පැවසීය.

Lohan Ratwatte Prison Ordinance

අමාත්‍යවරයා බහුවිධ සන්නිවේදන කුටිය වීවෘත කළ අයුරු

-චන්ද්‍රසේන ගමගේ-

Social Sharing
නවතම