ජනමාධ්‍යවේදීන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමෙන් වලකින්න – පොලිස්පතිට ලිපියක්!

IGP cd wickramaratne media organizations collective

ජනමාධ්‍යවේදීන්ගේ පුද්ගලික තොරතුරු ලබාදෙන ලෙස ආරක්ෂක අංශ සිදුකරන බල කිරීම් වහා නවත්වන ලෙසත් ඔවුන්ට මාධ්‍ය කටයුතු නිදහස්ව හා ස්වාධීනව කරගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙසත් මාධ්‍ය සංවිධාන එකතුව පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි. මාධ්‍ය සංවිධාන එකතුව පවසන්නේ විධිමත් නොවන පරීක්ෂණයන් සඳහා ජනමාධ්‍යවේදීන් පොලිස් ස්ථානයන් වෙත කැඳවා ඔවුන්ගේ මාධ්‍ය ක්‍රියාකාරිත්වයන් පිළිබඳව හා තොරතුරු වාර්තාකරණයන් පිළිබඳව  විස්තර විමසමින් තිබෙන බව වාර්තා වී ඇති බවය. ඒ සම්බන්ධ ආසන්නතම සිදුවීම වූයේ මඩකළපුව මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් සෙල්වකුමාර් නිලන්තන් මඩකළපුව, කල්අඩි, ත්‍රස්ත මර්දන ඒකකය වෙත කැඳවා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම  බවත්…

Read More

පොලීසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිස් කොමිසමෙන් විමර්ෂණ අරඹයි!

Police Commission is investigating the role of the police

ඉකුත් සතියේ කොළඹ නගරයේ පැවති උද්ඝෝෂණ වලදී පොලිසිය අනිසි ලෙස සිය බලය හා නිරෝධායන නීතිය භාවිතා කරමින් හැසිරීම සම්බන්ධව ලැබුණු පැමිණිලි  පිලිබද ශ්‍රී ලංකා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විමර්ශන අරඹා ඇත. කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සහ බත්තරමුල්ල පොල්දූව වටරවුම අසල උද්ඝෝෂණවල නිරත වූ පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැර තිබියදී ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථාන වලට යැවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශව පොලීසියට චෝදනා කරමින් කරමින් සිටියි. ඒ ඔවුන් සිය බලය අවභාවිතා කළ බවටය. බලහත්කාරී ලෙස නිරෝධායන කිරීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේද මූලික අයිතිවාසිකම් පෙත්සම්…

Read More

නිරෝධායනය දඬුවමක් ලෙස ක්‍රියාත්මක කිරීම ගැන පොලිස්පතිට ලිපියක්!

Letter to the IGP quarantine as a punishment

මින් ඉදිරියට නිරෝධායනය දඬුවමක් ලෙස ක්‍රියාත්මක කිරීමේ නීති විරෝධී ක්‍රමවේදය නතර කර දමන ලෙස ඉල්ලා සිටිමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යවා ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් නීති විරෝධී, බලහත්කාරී ලෙස දඬුවමක් ලෙස නීති විරෝධී ලෙස නිරෝධායනය සඳහා යොමු කිරීම පිළිබඳව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විරෝධය පල කරණ බවත්, ඔවුන් වහාම නිදහස් කරන ලෙසත් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත. කොවිඩ් වසංගතය පාලනයට අදාලව නිරෝධායනය යනු සෞඛ්‍යය නිර්දේශ මත සිදුකළ යුතු වසංගත මර්ධන ක්‍රියාවලියකි. නිරෝධායනය පිළිබඳව බලතල පැවරී ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාට බවත්  සඳහන්…

Read More

පොලීසියේ හැසීරීම සම්බන්ධව පොලිස්පතිට හා ජාතික පොලිස් කොමිසමට පැමිණිලි!

Complaints to the IGP and the National Police Commission regarding police conduct

කොළඹ පැවති විරෝධතාවයකදී පොලිසීය විරෝධතාකරුවන්ට, මාධ්‍යවේදීන්ට හිරිහැර කරමින්, අමානුෂිකව හැසිරීම සම්බන්ධව මේ වන විට සමාජයේ දැඩි විවේචනයට ලක්ව ඇත. පොලිසීය මෙම විරෝධතාවයේදී පුද්ගලයින් 31 කු අත්අඩංගුවට ගෙන තිබුණි. මෙහිදී පොලිස් නිලධාරීන්ගෙන් මාධ්‍යවේදීන්ට හිරිහැර සිදුවීම හා විරෝධතා කරුවන්ට අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් ඊයේ (09) දින පැමිණිල්ලක් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත සිවිල් සංවිධාන කිහිපයක් විසින් සිදු කරන ලදි. ඒ මහජන අයිතීන් සුරැකීමේ පදනමේ අධ්‍යක්ෂක මෙහෙයුම් හා ජාතික සංවිධායක අසේල සම්පත්,  භුමි මාතා මනුසත් පදනමේ නිර්මාතෘ – කලුබෝවිල පදුම හිමි, මහජන අයිතීන් සුරැකීමේ පදනමේ ජාතික සංවිධායක – අසේල සම්පත්,  සමස්ත ලංකා ත්‍රිරෝද…

Read More

පොලිස් කොමිසම ගැන සභාපතිගේ විශේෂ හෙළිදරව්ව!

IGP Chandra Fernando chairman police commission

ජාතික පොලිස් කොමිසන් සභාව නව සැලසුමක් සමඟින් ඉදිරියට ගෙන යන බව ජාතික පොලිස් කොමිසමේ සභාපති, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පවසයි. 2018/2019 සමයේ ජාතික පොලිස් කොමිසමෙන් පොලිස් ස්ථාන වලට යවා ඇති ලිපි වලට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පෙන්වා දෙන ඔහු පවසන්නේ පොලිස් කොමිසම පොලිසියෙන් තොරතුරු විමසන ආකාරය වෙනස් විය යුතු බවය. මහජන පැමිණිලි වලදි පැමිණිලිකරු අපහසුතාවයට පත්ව ඇති කරුණු පිලිබඳ අවධානය යොමු කරනවා සේම ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාවලියක් අවශ්‍ය බවත් එ‌සේ නොමැතිව ලැබෙන පැමිණිල්ල සාරාංශ කර පොලිස් ස්ථාන වලට යවා වැඩක් නැතැයිද ඔහු පෙන්වා දෙයි. පහුගිය දිනවල ජාතික…

Read More

ජාතික පොලිස් කොමිසමේ තිත්ත ඇත්ත සභාපතිවරයා හෙළි කරයි!

ජාතික පොලිස් කොමිසමේ තිත්ත ඇත්ත සභාපතිවරයා හෙළි කරයි!

ජාතික පොලිස් කොමිසන් සභාවේ පළාත් අධ්‍යක්ෂකවරුන් 05 කු පහුගිය සතියේ සේවයෙන් ඉවත් වන බවට  ලිඛිතව ජාතික පොලිස් කොමිසන් සභාවට දන්වා තිබුණේය. ඔවුන් ඊට  හේතු ලෙස පවසා ඇත්තේ පොලිස් කොමිසමේ වත්මන් සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ ක්‍රියාකලාපයන් නිසා කළකිරිමට පත්ව ඇති බවය. මෙහිදී සේවයෙන් ඉවත් වන බවට ලිපි ලබා දී තිබුණේ සබරගමු පළාතේ දයානන්ද කොළඹගම,  ඌව පළාතේ  ටි.එම්. ඩබ්ලිව් තෙන්නකෝන්, මධ්‍යම පළාතේ කරුණාරත්න කැකුලන්දර,  දකුණු පළාතේ පී .එස්. ගුණවර්ධන, වයඹ පළාතේ ඩබ්ලිව්. එම්. ජයවර්ධන යන හිටපු ජ්‍යෙෂ්ඨ  පරිපාලන නිලධාරින් පස් දෙනෙකි. ජාතික පොලිස් කොමිසන් සභාව ජාතික පොලිස් කොමිසන් සභාව පිහිටුවා…

Read More