ජාතික පොලිස් කොමිසන් සභාව නව සැලසුමක් සමඟින් ඉදිරියට ගෙන යන බව ජාතික පොලිස් කොමිසමේ සභාපති, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පවසයි.
2018/2019 සමයේ ජාතික පොලිස් කොමිසමෙන් පොලිස් ස්ථාන වලට යවා ඇති ලිපි වලට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පෙන්වා දෙන ඔහු පවසන්නේ පොලිස් කොමිසම පොලිසියෙන් තොරතුරු විමසන ආකාරය වෙනස් විය යුතු බවය.
මහජන පැමිණිලි වලදි පැමිණිලිකරු අපහසුතාවයට පත්ව ඇති කරුණු පිලිබඳ අවධානය යොමු කරනවා සේම ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාවලියක් අවශ්‍ය බවත් එසේ නොමැතිව ලැබෙන පැමිණිල්ල සාරාංශ කර පොලිස් ස්ථාන වලට යවා වැඩක් නැතැයිද ඔහු පෙන්වා දෙයි.
පහුගිය දිනවල ජාතික පොලිස් කොමිසමේ කිසිදු පළාත් අධ්‍යක්ෂකවරයෙකු නිවාඩු ලේඛනයක් පවත්වාගෙන ගොස් නොමැති බවත් පහුගියදා සේවයෙන් ඉවත් වු පළාත් අධ්‍යක්ෂවරුන් 05 නා අතර දුෂණ වංචාවන්ට සම්බන්ධ පැමිණිලි ඇති නිලධාරියෙකුද සිටින බව ඔහු හෙළි කර සිටියේය.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහත ලින්ක් එක ඔස්සේ ගොස් ලබා ගත හැක.
https://www.aithiya.lk/igp-chandra-fernando-national-police-commission/