ඩොලර් නැතුව ගල් අඟුරු නැව් දෙක ආපසු හරවයිද?

Two coal ships at risk of diversion due to dollar crisis

ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් එම නෞකා දෙක නැවත හරවා ගෙන යාමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. මෙම ගල් අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුවලට බාධා පැමිණිය හැකි බවත් විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයෝ කියති. මෙම මස 12 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා වූ මෙම නෞකා සඳහා ඩොලර් මිලියන 34 ක මුදලක් ගෙවීමට ඇති බවත් මුදල් ගෙවීමට නොහැකිව මේ වන විට දින හයක් නෞකා දෙක ශ්‍රී ලංකා සීමාවේ නැංගුරම්ලා තිබෙන බවත් වෘත්තීය සමිති සඳහන් කරයි.…

Read More

ආර්ථිකය තවත් ප්‍රපාතයට

Sri Lanka's economic crisis worsens

W A විජේවර්ධන ඉදිරි මාස කිහිපය තුළදී මෙරට ආර්ථික අර්බුදය තව තවත් උත්සන්න වනු ඇති බවත් ඛනිජ තෙල්, බෙහෙත්, ආහාර ඇතුළු භාණ්ඩ ආනයනය පවතිනවාටත් වඩා අර්බුදයට යා හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති, ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා අනාවරණය කරයි. ඔහු පවසන්නේ මේ වනවිට ලංකාව සතුව තිබෙන්නේ ඩොලර් මිලියන 100 ක් තරම් සොච්චම් විදේශ සංචිතයක් බවත් එයින් කළ හැකි දෙයක් නොමැති බවයි. මේ නිසා, ඉදිරියේදී පොලී අනුපාත සියයට 25 ක් වැනි ඉහළ අගයක් දක්වා ඉහළ යා හැකි බවත් පිළිකාවක් හැදුණු රෝගියාගේ අතපය එකින් එක කපා ජීවිතය බේරාගැනීමට ගන්නා උත්සාහය…

Read More

ඩීසල් නොමැතිව තේ කර්මාන්තශාලා නවතියි!

Tea factories have been shut down due to diesel shortages

ඩොලර් අර්බුදය හමුවේ ඩීසල් නොමැති වීමෙන් තේ කර්මාන්ත ශාලා රැසක් මේ වන විට අඩපණ වී තිබේ. විදුලිය නොමැති අවස්ථාවල විදුලි ජනන යන්ත්‍ර මගින් කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද ඩීසල් නොමැති වීම හේතුවෙන් බලවත් ගැටළු පැන නැගී ඇති බව වතු අධිකාරීවරුන් ප්‍රකාශ කරයි. සාමාන්‍යයෙන් දළු අස්වැන්න කර්මාන්ත ශාලාවල ඇඹරුම් යන්ත්‍රවලට දැමූ පසු ඒවා එක්වර ඇඹරිය යුතු ය. වරින් වර පැය ගණනාවක් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ඩීසල් නොමැති තත්ත්වයක් යටතේ ඒම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමට බාධා මතුව ඇති බව තේ කර්මාන්ත ශාලා කළමනාකරුවෝ පවසති. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වැවිලි…

Read More

ජනාධිපති, මන්ත්‍රී නිවෙස්වලට විදුලිය නොකැපේ..

houses of President Gotabaya and other parliamentarians will not power cut

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවස පිහිටි ප්‍රදේශයට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංක්‍රීරණය පිහිටි ප්‍රදේශයට ආදී ලෙස ප්‍රදේශ 191කට විදුලිය විසන්දි නොකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කර ඇත. මෙම කලාප 191 තුළ වැඩි වශයෙන් ඇත්තේ රජයේ රෝහල් බව දැනගන්නට ලැබේ.

Read More

ගෑස් තවත් වැඩි වෙයි?

Gas prices may rise further Lasantha Alagiyawanna, State Minister of Consumer Protection

ගෑස් මිල තවදුරටත් ඉහළ යා හැකි බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කරයි. “ලිට්‍රෝ සමාගම කියලා තියෙනවා දැනට ගෑස් නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කරනවා දිනකට ලක්ෂය බැගින් කියලා. ලබන 4 වෙනිදා 5 වෙනිදා වෙනකොට මේ හිඟය නැතිවෙයි කියන එකක් තමයි ලිට්‍රෝ සමාගම කියලා තිබෙන්නෙ. ඉතින් අපිත් ප්‍රාර්ථනා කරනවා එවැනි තත්වයක් ඇතිවෙලා ජනතාවට මේ සිදුවන අපහසුතාවයන් අවම වෙයි කියලා” යැයි පසුගිය 29 දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත. එහිදී ඔහු මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ගෑස් මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවය.

Read More

රත්ගම දී මිනිස්සු ගෑස් ලොරියක් නවත්වයි, පාරත් වහලා

People are rioting over the gas and fuel crisis

රත්ගම මහජන පොළ ඉදිරිපිට ඊයේ (22) සිට ගෑස් පෝලිමේ සිටි පුද්ගලයින් කොළඹ සිට ගාල්ල දෙසට ගෑස් ප්‍රවාහනය කරමින් තිබුණ රථයක් නවත්වා ගෑස් බාගැනීමට උත්සාහ කිරීමත් සමග එම ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් හටගෙන ඇත. මෙම තත්ත්වය නිසා රත්ගම සහ කුමාරකන්ද අතර බස් ධාවයන නොවෙන අතර ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙන බස් රථ රත්ගම හන්දියෙන් හරවා කුමාරකන්ද වෙත යවන බවද කොළඹ සිට එන බස් රථය එලෙසම කුමාරකන්දෙන් හරවා රවුම් පාරෙන් රත්ගම හන්දිය වෙත යොමුකරමින් ඇතැයි වාර්ථා වෙයි. ලංකාව පුරාම මෙලෙස ගෑස් සහ ඉන්ධන ලබාගැනීමේදී ජනතා කළකෝළහල ඇතිවී ඇති අතර මේ වනවිට ඉන්ධන පෝලිම්වල…

Read More

තෙල් ගෑස් පිටට ලයිට් වතුර, දුප්පතුන්ට දෙවි පිහිටයි!

price of a unit of electricity goes up economic crisis

විදුලි ඒකකයක මිල අද රාත්‍රියේදී අනිවාර්‍යයෙන් වැඩි කරනු ඇති බවත් එම වැඩි කරන ප්‍රමානයෙහි ප්‍රතිශත අගය අද රාත්‍රියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවත් දැනගන්නට ලැබේ. අවුරුදු නවයකින් විදුලි බිල වැඩි නොකිරීම, විදුලිය ඒකකයට ලබන පාඩුව ඉහළයාම, ඉන්ධන මිල විශාල ඉහළ යාම සහ ලංවීම පවත්වාගෙන යාම සඳහා වැයවෙන විශාල පිරිවැය යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම විදුලි බිල වැඩිකිරීම සිදුවනු ඇති බවත්, එහි මූලික අරමුණ දැනට  ලංවීම වසරකට ලබන පාඩුව (රුපියල් කෝටි 25000) පියවා ගැනීම බවත් දැනගන්නට ලැබේ. පසුගිය කාලයේ දිගින් දිගටම ලංවීම මෙම විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන්…

Read More

සංචාරක කර්මාන්තයටත් අබ සරණයි!

tourism industry in Sri Lanka economic crisis

ලංකාව තුළ වර්තමානයේ මතුව ඇති අර්බුදය සමග කැනඩා රජය සිය රට වැසියන්ට ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නිවේදනයක් නිකුත් කර ඇත. මීට ප්‍රථම බ්‍රිතාන්‍ය රජය, බ්‍රිතාන්‍ය වැසියන් සඳහා මෙවැනි නිවේදනයක් නිකුත් කළ අතර මෙම කැනඩා රජයේ ප්‍රතිචාරය සමග ලංකාවේ සංචාරක කර්මාන්තය බිංදුවටම කඩාගෙන වැටෙනු ඇතැයි ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතින බවත් මෙම තත්ත්වය නිසා ඖෂධ, ඉන්ධන, ආහාර ඇතුළු මූලික අවශ්‍යතාවල ප්‍රශ්නයක් තිබෙන බවත්, වෙළඳසැල් ඉන්ධන පිරවුම්හල් හා ෆාමසිවල සඳහා දිගු පෝලිම් තිබිය හැකි බවත් දිගින් දිගටම ලංකාවේ විදුලිය ඇනහිටීම් සිදුවෙන බවත් ප්‍රකාශ කරන එම නිවේදනය, එම…

Read More

තෙල් නැව් 4ක් එන්නේ නෑ, ආයෙත් ඩීසල් හිඟයක්?

The arrival of diesel and petrol ships has been canceled fuel supply in crisis in sri lanka

එලබෙන මාර්තු 17 සහ 18 යන දෙදින තුළ කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබූ ඩීසල් සහ පෙට්‍රල් නැව් 04ක් සිය පැමිණීම අවලංගු කර ඇතැයි වාර්තා වේ. මේවනවිට මුතුරාජවෙල පර්යන්තය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් ගොඩබෑවත්  එය තව දින හතරකට උපරීම වශයෙන් ප්‍රමාණවත් වනු ඇති බවත් මෙම නැව් 4 පැමිණීම අවලංගු කිරීම මත නැවතත් ඩීසල් ප්‍රශ්නයක් පැනනඟින බවත් වාර්තා වේ. මේවනවිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව විසින් ඩීසල් යම් ප්‍රමානයක් නිපදවනු ලැබූවත් ඉදිරි කාලයේදි නැවතත් බොරතෙල් ලැබීමේ ප්‍රශ්නයක් උද්ගත බැවින් එම පිරිපහදුවේ ක්‍රියාකාරිත්වය ද ඉදිරියේ දී නවතිනු ඇත.

Read More

දුගියාට 500% කින්, ධනවතුන්ට 18% කින් විදුලිය වැඩි වෙයි..?

ceylon electricity board Increasing electricity bills CEB patali champika ranawaka

විදුලි බල මණ්ඩලයේ දෛනික පාඩුව පිරිමසා ගන්න යැයි කියමින් දුප්පත් ජනතාවගේ විදුලි බිල 500%කින්ද පොහොසතුන්ගේ විදුලි බිල 18%කින්ද වැඩි කිරීමේ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් වී ඇතැයි දැනගන්නට ලැබේ. මෙම විදුලි බිල වැඩි කිරීම පිළිබඳ යෝජනා ගැන අදහස් දක්වමින් පසුගිය දා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙලෙස අදහස් දක්වනු ලැබීය “ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කරලා තියෙනවා අති විශාල වැඩි කිරීමක් විදුලිබල ක්ෂේත්‍රයේ. අද විදුලි පාරිභෝගිකයෝ ලක්ෂ 75 ක් (මිලියන 7.5 ක්) පමණ විදුලි පාරිභෝගිකයන්ගෙන් මිලියන 6.5කට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍ය ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්.  කර්මාන්ත 72,831ක් පමණ. ප්‍රධාන මට්ටමේ හෝටල් 665…

Read More