ආනයන සදහා සිදුකරන ගෙවීම් බැංකු පද්ධතිය හරහා පමණක් සිදු කිරීම සදහා ආනයන අපනයන පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඔහු මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. “බැංකු ක්‍රමයට පිටතින් උන්ඩියල් සහ හවාලා යන ක්‍රමවේද ඔස්සේ විදේශ විනිමය හුවමාරු වෙනවා. අපි ඒ ගැන යම් තීරණ ගත යුතුයි.” “මීට පස්සේ රට ඇතුළට එන සියලුම ආනයන වලට සහතිකයක් දෙන්න ඔ්නේ ඒ සදහා මුදල් ගෙවීම බැංකු ක්‍රමය තුළින්ම පමණයි කරන්න පුළුවන් වෙන්නේ කියන ක්‍රමවේදය තමයි දැන් සකස් කරන්න යන්නේ.” “එතකොට බැංකු ක්‍රමයට පිටතින් මුදල්…
Read MoreTag: foreign exchange crisis in sri lanka
ශ්රී ලංකාව ඩොලර් බිලියන 51ක් පොල්ල තියලා!
ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 51 ක විදේශ ණය ගෙවීම පැහැර හැර ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා රැසක් වාර්තා කරයි. එහිදී ශ්‍රී ලංකාව සිය දරුණුතම ආර්ථික පසුබෑමට මුහුණ දී ඇති බවත් ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට විදේශීය විනිමය අවසන්වීමෙන් පසු මෙම පියවර අවසාන විකල්පය ලෙස ගෙන ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි. එමෙන්ම මේ වනවිට ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් නිරන්තරයෙන් විදුලි ඇනහිටීම සහ ආහාර සහ ඉන්ධන වල උග්‍ර හිගයක් ඇතිව තිබෙන බවත් එම වාර්තාවේ දැක්වෙයි. ශ්රී ලංකාව පසුගිය වසරේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් පහත හෙළා ඇති අතර ණය රැස්…
Read Moreරට බංකොලොත්!
රට බංකොලොත් බව මේවනවිට මහබැංකුව නොනිළ වශයෙන් පිළිගෙන ඇත. ඒ අනුව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව සියලු සාමාන්‍ය ණය සේවා තාවකාලිකව අත්හිටුවන බව ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දී නිර්දේශ කරනු ලැබීමට නියමිත ආර්ථික ගැලපුම් වැඩසටහනකට අනුකූළව ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදුවන තුරු මෙසේ තාවකාලික කාල සීමාවක් සඳහා ණය සේවා අත්හිටුවන බව මුදල් අමාත්‍යංශය අද (12) නිකුත් කළ එම නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව පූර්ණ ආර්ථික ප්‍රතිසාධන වැඩපිළිවෙලක් නිර්මාණය කරන තුරු මූල්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලැබූ තාවකාලික හා හදිසි…
Read Moreපාඩු ලබන සියල්ල පුද්ගලිකකරණයට?
ජනතාවට බරක් ලෙස, පාඩු පිට පාඩු ලබමින් ජනතා මුදලින් නඩත්තු කරගෙන යන රාජ්‍ය ආයතන 39ක් පුද්ගලිකකරණය සඳහා රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර දැනට සිදුවෙමින් යන ආර්ථික අර්බුදයට විසඳුම පිළිබඳ සාකච්ඡා තුළ මෙම කරුණ පිළිබඳව සාකච්ඡා වෙමින් ඇතැයි දැනගන්නට ලැබෙන අතර මීට ප්‍රථමද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම කොන්දේසි ලංකාවට ඉදිරිපත් කළත් කිසිඳු රජයකට ඒවා ක්‍රියාත්මක කරන්නට නොහැකිවිය. එම නොහැකියාවද වර්තමාන ආර්ථික අර්බුදයට හේතුවක් බව මේ වනවිට හඳුනාගෙන ඇතැයි වාර්තා වෙයි. මෙම පුද්ගලිකාරණ ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රවෘත්තියක් පළකරන මව්බිම මෙම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම…
Read Moreමහ බැංකුවෙන් ශ්‍රමිකයින්ට අපයෝජන, පොහොසතුන්ට සැප!
රුපියලේ විනිමය වටිනාකම වෙළඳපල බලවේගවලින් තීරණය වීම පිණිස රුපියල පා කිරීමට (float) ජේ.ආර්. ජයවර්ධන පියවර ගත්තේ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව විනිමය අගය පාලනය කිරීම සියතට ගෙන රුපියල අති ප්‍රමාණය වීමට ඉඩ දී සිටි නිසාය. එකල පැවති Bretton Woods ක්‍රමය තුළ දේශීය මුදල්වල විනිමය අගය අතිප්රමාන වීමට හේතු වූ බැවින් බොහෝ රටවල් එම ක්‍රමය තුළම හිඳිමින් මුදල් අවප්‍රමාණ කිරීමට ද පියවර ගෙන තිබුණි. ලංකා රුපියල අති ප්‍රමාණය වීමෙන් අපනයනය අධෛර්යවත් වූ අතර ආනයන ධෛර්යවත් විය. එහෙත් එම ආණ්ඩුව ආවෘත ආර්ථික ක්‍රමයක් (closed economy) අනුගමනය කළ බැවින් ආනයන දැඩි ලෙස සීමා කර තිබුණු…
Read Moreවරායේ හිරවුණ අල ලූණු නිදහස්!
ඩොලර් නොමැතිකමින් වරායේ සිරවී තිබුණ ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1237ක් නිදහස් කරගැනීමට අදාළ සියලු තොරතුරු මුදල් අමාත්‍යාංශය වෙත යාවා ඇතැයි පසුගිය 21 දා රාත්‍රියේ පැවති කැබිනට් මණ්ඩලයේ දී බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. මෙහිදී මෙම කන්ටේනර් වහාම නිදහස් කරන්නටත් එමගින් උත්සව සමයේ අල ලූණු පරිප්පු වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල වෙළඳපොළ හිඟය සමනය කරන්නටත් කටයුතු කරන බව සාකච්ඡාවී ඇත. මෙම කැබිනට් හමුවේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳෙනු බවය. ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඇමරිකානු…
Read Moreශ්රී ලංකා මහ බැංකුව වසා දමා ඉන්දියානු රුපියලට හැරෙමු!
රටක ස්වයිරී භාවය ආරක්ෂා කරගත හැක්කේ එහි භුමිය මෙන්ම මුදල ද ආරක්ෂාකර ගැනීමෙනි. භුමිය ආරක්ෂා කර ගැනීමට හැකිව මුදලේ අගය ආරක්ෂා කරගැනීමත් විදේශ ණය ගෙවාගැනීමටත් නොහැකි වන විට එරටට මුල්‍ය ස්වෛරීත්වය අහිමිවේ. දේශීය මුදලේ අගය දරුණු ලෙස පිරිහීම කරණකොට ගෙන Hyper Inflation හෙවත් අධි උද්ධමනය හටගනී. මුදලේ අගය ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරෙන්නේ රටක මහ බැංකුවටය. මහ බැංකුව සිය වගකීම පැහැර හරින විට උද්ධමනකාරී පීඩාවක් නිර්මාණය වේ. දේශීය මුදලේ අගය පිරිහීම සිදුවන්නේ මෙසේය. රාජ්‍ය ආදායමට වඩා රාජ්‍ය වියදම නැතහොත් අයවැය පරතරය සැලකිය යුතු මට්ටමකින් දිගින් දිගට පවත්වාගෙන යාම නිසා මුදල්…
Read Moreඉන්දීය ඩො.මි 500න් තෙල් ගන්න ඇහැක්ද? ප්‍රශ්නයක්..!
වර්තමාන ඉන්ධන අර්බුදයට විසඳුම වශයෙන් ඉන්දියාවෙන් ලැබෙනවා යැයි ආණ්ඩුව ප්‍රකාශ කරන ඩොලර් මිලියන 500ක ණය මුදල භාවිතාකර ඉන්දියානු ඔයිල් සමාගම අයිඕසී හරහා තෙල් ලබාගැනීමට කටයුතු කරනවා යැයි ආණ්ඩුව ප්‍රකාශ කළත් ඉන්දීය තෙල් සමාගම ප්‍රකාශ කරන්නේ තමන්ට ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බවය. ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන ලබාදීමට හැකි බවත් එහෙත් ඒ සඳහා ශ්රී ලංකාව ඩොලර්වලින් තම සමාගමට ගෙවීම් කළ යුතු බවත් ලංකා ඉන්දීය තෙල් සමාගම සඳහන් කරන බව මාධ්‍ය වාර්තා පළවෙයි. එහිදී ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඉන්ධන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේ දී විදේශ විනිමය…
Read Moreස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ලංකාව පහත හෙළයි!
ලෝකයේ ප්‍රධාන පෙළේ තවත් මුල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය තම ශ්‍රේණිගත කිරීම අනුව ශ‍්‍රී ලංකාව CCC+ කාණ්ඩයේ සිට CCC කාණ්ඩය දක්වා පහත හෙළා ඇත. එම ආයතනය ප්‍රකාශ කරන්නේ ලංකාවේ වර්තමාන ආර්ථික අර්බූදය තුළ විදේශ ණය ආපසු නොගවා සිටීමේ වැඩි ඉඩක් පවතින බවයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ලංකාවේ බාහිර මූල්‍ය තත්ත්වය තවදුරටත් දුර්වල වීමයි. මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ලංකාව දැන් සිටින්නේ බංකොළොත්වීමේ විශාල අවධානමකය. මීට පෙර තවත් ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතන ද්විත්වයක් වන මූඩීස් සහ ෆිච් රේටින්ස් ආයතනද ලංකාව මේ හා සමාන තත්ත්වයකට පහත දැමුවේය.
Read More