පාඩු ලබන සියල්ල පුද්ගලිකකරණයට?

ජනතාවට බරක් ලෙස, පාඩු පිට පාඩු ලබමින් ජනතා මුදලින් නඩත්තු කරගෙන යන රාජ්‍ය ආයතන 39ක් පුද්ගලිකකරණය සඳහා රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර දැනට සිදුවෙමින් යන ආර්ථික අර්බුදයට විසඳුම පිළිබඳ සාකච්ඡා තුළ මෙම කරුණ පිළිබඳව සාකච්ඡා වෙමින් ඇතැයි දැනගන්නට ලැබෙන අතර මීට ප්‍රථමද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම කොන්දේසි ලංකාවට ඉදිරිපත් කළත් කිසිඳු රජයකට ඒවා ක්‍රියාත්මක කරන්නට නොහැකිවිය. එම නොහැකියාවද වර්තමාන ආර්ථික අර්බුදයට හේතුවක් බව මේ වනවිට හඳුනාගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙම පුද්ගලිකාරණ ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රවෘත්තියක් පළකරන මව්බිම මෙම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මුදල් අමාත්‍යාංශය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුන් දී ඇතැයි වාර්තා කරයි.

එම පුවතේ සඳහන් ආකාරයට මෙම පාඩු ලබන ආයතන වෙත ජනාධිපති අරමුදල, මහා භාණ්ඩාගාරය, මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මඟින් වෙන් කෙරෙන ප්‍රතිපාදන මින් පසුව සීමා කෙරෙනු ඇත. අනවශ්‍ය වියදම් ව්‍යාපෘති නතර කර දමනු ඇත.

මේ පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරියේදී නිළ වශයෙන් චක්‍රලේඛයක් නිකුත් කරනු ඇත.

මෙම තත්ත්වය තුළ පහත ආයතන ප්‍රතිව්‍යුහ ගතකරනු ඇති බව වාර්ථා වෙයි.

විදේශ සම්පත් දෙපාර්තමේන්තුව,

ජාතික වැටුප් කොමිසම,

සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල,

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය,

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව,

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව,

ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය,

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව,

සිවිල් ගුවන් සේවා අධිකාරිය,

සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම,

විදේශගත රාජ්‍ය දූත මණ්ඩලය,

කම්කරු දෙපාර්තමේන්තුව,

සේවක අර්ථසාධක අරමුදල,

ජාතික වෘත්තීය සුරක්ෂිතා සහ සෞඛ්‍ය ආයතනය,

මාර්ග නඩත්තු භාර අරමුදල,

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය,

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය,

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව,

දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය,

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව,

රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,

ශ්‍රී ලංකා රේගුව,

සුරාබදු දෙපාර්තමේන්තුව,

වාණිජ දෙපාර්තමේන්තුව,

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකරිය,

සීමාසහිත ලංකා සතොස,

සීමා සහිත ලංකා සිමෙන්ති සමාගම,

ලංකා ධීවර සංස්ථාව,

ශ්‍රී ලංකා තේ මණ්ඩලය,

පොල් වගාකිරීමේ මණ්ඩලය,

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය,

වී අලෙවි මණ්ඩලය,

සීමාසහිත ශ්‍රී ලන්කන් එයාර් ලයින් සහ එහි පාලිත සමාගම,

සියලුම රාජ්‍ය බැංකු හා ඒවායේ පාලිත සමාගම්,

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව,

රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල,

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එහි පාලිත සමාගම් හා ඒ ආශ්‍රිත සමාගම්,

තැපැල් දෙපාර්තමේන්තුව

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

Social Sharing
නවතම