“ලංකාවට ඉදිරියේදී ණය ගෙවන්න බැරිවේවි” ජාත්‍යන්තරයෙන් අනතුරු ඇඟවීමක්!

ශ්‍රී ලංකාවට ඉදිරි කාලය තුළදී ණය වාරික සහ පොලී ගෙවාගෙන යාමට නොහැකිවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම ආයතනයක් වන “ෆිච් රේටිං” ආයතනය තමන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත්කරමින් අනතුරු අඟවයි.

ඔවුන් තමන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ‍්‍රී ලංකාව CCC දක්වා CC පහත හෙළා ඇත. අයහපත් අතට හැරෙන ලංකා ආර්ථිකය තුළ, ඉහළ විදේශ ණය ගෙවීම් සහ සීමිත විදෙස් මූල්‍ය ගලාඒම නිසා දිනෙන් දින සිදුවන විදේශ විනිමය සංචිතවල පහත වැටීම පිළිබඳව අවධානය කරන එම ආයතනය ඒ අනුව ඉදිරි මාසවල දී ණය ගෙවීම පැහැර හැරීමේ සිදුවීම් වාර්තාවෙනු ඇතැයි සඳහන් කරයි.

මෙවැනි වාර්තා එළිදැක්වීම ලංකාවේ වර්තමාන ආර්ථික අර්බූදය තවත් උත්සන්න කරණු ඇතැයි මෙරට මූල්‍ය විශේෂඥයන්ගේ මතයයි. තත්ත්වය මෙය වුණත් මුදල් අමාත්‍යවරයා තමන්ගේ රටවන ඇමරිකා එක්සත් ජනපදය වෙත ගොස් නිමාඩු සුව විඳිමින් සිටී.

Social Sharing
නවතම