පරිසර ගැටලුව ගැන “රොමෑන්තික” අදහසක්! – සිනමාවේදී චින්තන ධර්මදාස

Read More

ගස් සිටුවීමට අවසර නොදෙන, ගස් කපද්දී නිහඬ අරුම පුදුම වන සංරක්ෂණය – වන්නිලැත්තෝ

Uruwarige Wannila Aththo Forest Department deforestation

මහ වනයේ ගස් සිටුවීමට අවසර නොමැති නමුත් වන ජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සිටියදීම ගස් කැපීම් සිදුවන බව ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන් පවසති. සිය පියා භූමිදානය කළ ස්ථානයේ පැළ කිහිපයක් සිටුවීමට ඉදිරිපත්වූ අවස්ථාවේ නීතිය ඊට හරස්වී අධිකරණය හමුවට පවා යාමට සිදුවුණු නමුත් අවසර නොමැතිව වනයේ ගස් කැපීම් නිරන්තරයෙන් සිදුවන බව මහනුවර පොල්ගොල්ලේදී ඊයේ (06)  පැවැති රුක් රෝපණය කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ආදිවාසී නායකයා මේ බව සදහන් කළහ. ආදිවාසීන් මහ වනය ආරක්ෂා කර ගැනීමට නිරන්තර උත්සය දරමින් සිටියත් ආයතන, අමාත්‍යංශ පවතිද්දී වන විනාශ සිදුවන විට මහත් ශෝකයක් ඇතිවන බව කී නායකයා…

Read More

“ගම සමඟ පිලිසඳරක්” යනු ජාවාරම්කාරී ක්‍රියාවලියක් | environmentalist sajeewa chamikara

Read More

“ගම සමඟ පිලිසඳරක්” යනු ජාවාරම්කාරී ක්‍රියාවලියක් – පරිසරවේදී සජීව චාමිකර

Deforestation in Sri Lanka Environmentalist Sajeeva Chamikara aithiya

වනාන්තර එළිපෙහෙළි කිරීම සාමාන්‍ය දෙයක් බවට සමාජ ගත කරමින් පවතින බවත් විශේෂයෙන් ගම සමඟ පිළිසඳර වැනි වැඩසටහන් වලින් රක්ෂිත වනාන්තර තුල මෙතෙක් මිනිසා භාවිතයට ගන්නා කොටස් භාවිතයට ගැනීම ගැටලුවක් නොමැති බව අඟවා සිටීමක් සිදු කරන බව පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි. පරිසර විනාශය මේ වනකොට පක්ෂ, දේශපාලන තත්ත්වයකට ලඝු කිරීමට උත්සහ ගනිමින් සිටින අතර නමුත් මෙය ආර්ථික සහ දේශපාලනික  සංකලනයක් ලෙස තමන් දකින බවත්  එසේ නොමැතිව පක්ෂ දේශපාලනයක් නැතැයි ඔහු පවසයි. ඒ අඟවා සිටිමෙන් පසු ජනතාව ඉඩම් එළි පෙහෙළි කරන බවත් නමුත් අවසානයේ සැබවින්ම එහි සිටින්නේ ජාවාරම්කරුවෙක් යැයිද ඔහු කියයි.…

Read More

උතුරේ තවත් අක්කර 400ක් පවරා ගැනීමේ පුරාවිද්‍යා සැලසුම්!

land grabbing in sri lanka

මතබේදයට ලක්වී තිබෙන පුරාවිද්‍යා ගවේෂණ නාමයෙන් උතුරු පළාතේ යුද පීඩිත දෙමළ ජනතාවටත්, වනාන්තරයටත් අයත් තවත් අක්කර සිය ගණනක් පවරා ගැනීමට දැරෙන උත්සාහයක් ගැන කරුණු හෙළිවී තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව සැලසුම් අනුව මෙසේ පවරා ගන්නට යන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ තන්නිමුරිප්පු ප්‍රාදේශයේ කුරුන්තූර් සිව දේවාලය අවට භූමියයි. ඒ අවට පිහිටි අක්කර හාරසීයක් ‘බෞද්ධ ශුද්ධ භූමියක්’ බව කොළඹ බලධාරීහු පවසති. මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම්ට යවන ලිපියකින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ දෙමළ ජනතාව පාරම්පරිකව වාසය කළ එම ඉඩම් වැඩිදුර ගවේෂණ කටයුතු සඳහා භාර දෙන ලෙසයි. 1932 වර්ෂයේ සිතියමක් උපුටා දක්වමින් පුරාවිද්‍යා බලධාරීන් මුලින් පවසා ඇත්තේ…

Read More

ආරක්ෂක අංශ කියනකොට හොඳයි, පරිසරවේදීන් කියන කොට හොඳ නැහැ!

Deforestation in Sri Lanka Environmentalist Sajeeva Chamikara

මහා පරිමාණ වනාන්තර කොල්ලයක් සිදු වෙන බවට සමාජයේ කථිකාවතක් නිර්මාණය වී ඇති බවත් නමුත් මේ වනාන්තර කොල්ලයට සමගාමීව මහා ඉඩම් කොල්ලයක් සිදුවන බවත් මේ තොරතුරු නිරාවරණය කරන පරිසරයේදීන්ව/ සමාජ ක්‍රියාකාරීන්ව/ දේශපාලන ක්‍රියාධරයින්ව දඩමීමා කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතිනවා යැයි පරිසවේදී සජීව චාමිකර මහතා පවසයි. ඔවුන්ව මර්ධනය කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය, ශක්තිමත්ව ගොඩනඟන්න වර්තමාන රජය කටයුතු කරමින් සිටින බවත් එමෙන්ම මේ කණ්ඩායම වැරදි මතයක් සමාජගත කරමින් සිටින බවට සමාජයට ඒත්තු ගැන්වීමේ ප්‍රබල උත්සහයක නිරතව සිටිනවා යැයිද ඔහු පවසයි. මේ රජය බොහෝ විශ්වාස කරන ආරක්ෂක අංශයේ ලේකම්වරයා පවා පහුගියදිනෙක පවසා තිබුණේ මහා පරිමාණ වනාන්තර…

Read More

“භාග්‍යාගෙන් සමාව” ඉල්ලන ලෙස උතුරෙන් ඉල්ලීමක්!

Protests against the destruction of the Sinharaja forest mullaitivu

සිංහරාජයට සිදුකෙරෙන හානිය ජනතා අවධානයට යොමු කිරීමට රුපවාහිනී වැඩසටහනක් කරගත් භාග්‍යා අබේරත්නට එරෙහිව කෙරෙන අඩන්තේට්ටම් වලට සමාව ඉල්ලන ලෙස උතුරේ පරසරවේදීහු රජයට බල කර සිටිති. මුලතිව්හි උද්ඝෝෂණයක් පැවැත්වූ බහුතරයක් තරුණ තරුණියන්ගෙන් සැදුම්ලත් විරෝධතාකරුවන් විසින් තම අනාගතය අනතුරේ හෙලන පරිසර විනාශයට එරෙහිව හඬ නගන අය නිහඬ කිරීමට දැරෙන උත්සාහය හෙලා දකින ලදී. මේ අවුරුද්දේ ගතවූ තුන් මාසයකට අඩු කාලයක් තුලදී අලි 65 දෙනකු මරුමුවට පත්ව ඇතැයි ප්‍රකාශ කළ විරෝධතා කරුවන් පෙන්වා දුන්නේ අලිමංකඩක හෝටලයක් ඉදි කිරීමෙන් වන අලින්ට සිදුවන අහිතකර  බලපෑමද භාග්‍යා විසින් පෙන්වා දෙන ලද බවයි. වන අලි ගම් වැදීමෙන්…

Read More

ඇමැති චමල්ගේ “සිංහරාජ වැව්” කතාව වෙනස් වේ.

sinharaja forest deforestation Chamal Rajapaksa

ලෝක උරුම සිංහරාජ වනාන්තරය මධ්‍යයේ වැව් දෙකක් කණින බව ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය දෙදිනක් ගත වීමටත් මත්තෙන් වෙනස් කිරීමට ජනපති, අගමැති වැඩිමහල් සොයුරු  වාරිමාර්ග අමාත්‍යවරයාට සිදුවී තිබේ. ලෝක ජල දිනයට පෙර දිනයේ වීරකැටියේ පැවති උත්සවයකදී වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ පවසා තිබුනේ හම්බන්තොටට පානීය ජලය රැගෙන ඒම සදහා සිංහරාජ වනාන්තරය තුළ වැව් දෙකක් බඳින්නට සිදු වන බවයි. “දැන් අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර අරන් තියෙනවා. තව පොඩි අමාරුවක් තියෙනවා, මොක ද අපි කුඩා වැව් දෙකක් උඩහ බඳින්න වෙනවා. වතුර එක්කහු කරලා ගේන්න එපැයි. ඒක බඳින්න තියෙන්නේ, සිංහරාජ වනාන්තරය ඇතුළේ. සිංහරාජ වනාන්තරය ඇතුළේ…

Read More

“අපේ ආණ්ඩුව” රකින පොලිසියට එපා වූ පරිසර හිතකාමී කටවුට්!

Police have removed a drawing calling for an end to the environmental genocide

රටේ  සිව් දෙසින්  සිදු වෙමින් පවතින  පරිසර විනාශය  පිළිබඳව ජනතා  අවධානය යොමු කරවීමේ අරමුණින් තරුණ සමූහයක් එක්වී අගනගරයේ  තාවකාලික ප්‍රදර්ශනයකට තැබු සිතුවමක්  නගරය විනාශ කිරීමක් ලෙසින් හදුන්වමින් ඉවත් කිරීමට පොලීසිය ක්‍රියා කර ඇත. ” හැම තැනම මෙහෙම බැනර් ගහන්න ගියොත් මේ ලස්සන වටපිටාව මේ ලස්සන සුන්දර කොළඹ නගරය මේ නගරය විනාශ වෙනවා. ” අධ්‍යක්ෂ පරිසර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ පසුගිය සිකුරාදා කොළඹදී මාධ්‍යවේදීන් සමග ඒ බව පවසා තිබුනේ ලෝක දේශගුණ විපර්යාසයන්ට එරෙහිව පියවර ගැනීමේ දිනයට සමගාමීව කොළඹදී පැවැත්වීමට නියමිත තිබු මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්  වෙනුවෙන්  පරිසර සංවිධාන කිහිපයක් විසින්…

Read More