භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම්වලට අත නොතබනු – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

Do not touch the freedom of speech and expression Journalists for rights

පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම්වලට අත නොතබන ලෙස අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය රජයට දන්වා සිටියි. එසේම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් නිසි පරිදි තොරතුරු සන්නිවේදනයේ යෙදෙන හා අදහස් පළ කරන සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් හා මාධ්‍යවේදීන් දිරි ගැන්වෙන ලෙස කටයුතු කිරීමට වගකිව යුතු රජයක් ලෙස කටයුතු කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටියි. අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය මේ බව පවසා ඇත්තේ දිගින් දිගටම සිදුවන මාධ්‍ය මර්ධන ක්‍රියාවලිය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරමිනි. එම සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් කේ. සංජීව, ජයනි අබේසේකර හා නීතිඥ දුලාන් දසනායක  විසින්…

Read More

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට නව ආකාරයක තර්ජනයක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළව තිබූ පෝස්ටුවක් බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබියදී පවතින වසංගත තත්ත්වය හමුවේ කල් ඉල්ලා සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ චමිල ඉන්දික ජයසිංහ අත්අඩංගුවට ගැනීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ නව ආකාරයක තර්ජනයක් බව  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී මහත්මියගේ හා ලේකම් ලසන්ත ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි. එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. වින්දිත චමිල ජයසිංහ පවසන අන්දමට ඔහුගේ අත්අඩංගුවට ගැනීම අත්තනෝමතිකව හා බලහත්කාරීව සිදු වූ…

Read More

චමිල ජයසිංහ රිමාන්ඩ් කිරීමේ පොලිසියේ උත්සාහයට අධිකරණය හරස් වෙයි.

Chamila Jayasinghe released on bail

ඊයේ අත්අඩංගුවට ගැනුනු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු වන කොත්මලේ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්මේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයකු වන චමිල් ජයසිංහ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත. පොලීසිය විසින් සිංහරාජයේ වන සංහාරයක් ගැන අසත්‍ය ඡායාරූප ඇතුලත් පෝස්ටුවක් සිය ෆේස් බුක් ගිණුමේ පළ කරමින් ජනතාව කුපිත කිරීමට උත්සහ කලේ යැයි යන චෝදනාව මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ ඔහුට විරුද්ධව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබුණි. අධිකරණයේදී චමිල් ජයසිංහ මහතා වෙනුවෙන් නීතිඥවරුන් වන මංජු ශ්‍රී චන්ද්‍රසේන, නලීන් වීරකෝන්, තිසර චාමර, මන්ජුල පතිරාජ,…

Read More

ෆෙස්බුක් ඡායාරූපයකට ක්‍රියාත්මක නීතීය, අසත්‍ය පැවසූ යු ටියුබ් නාලිකාවට නැතිද?

Chamila Jayasinghe arrested by the CID Vishwa Derana

කොවිඩ් වසංගතයේ උණුසුම රට පුරා පැතිර යද්දී ඊයේ (21) දහවල් අසන්නට ලැබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොත්මලේ ඉඩම් නිරවුල් කිරීමේ සහකාර අධ්‍යක්ෂකවරයාව  නිලධාරියාව අත්අඩංගුවට ගත් පුවතය. මොහුව අත්අඩංගුවට ගෙන තිබුණේ මහජනතාව තුල අවිශ්වාසය හා අප්‍රසාදය ඇති වන අයුරින් මුහුණ පොතේ අසත්‍ය ප්‍රචාරයක් සිදු කළ බවට චෝදනා කරමිනි. මෙලෙස අත්අඩංගුවට පත්ව තිබුණේ හතලිස් දෙහැවිරිදි චමිල ජයසිංහ නම් රජයේ නිලධාරියෙකි. මොහු ඌව පරණගම හිටපු ප්‍රාදේශිය ලේකම්වරයාය. මොහු සිය මුහුණුපොත හරහා වන විනාශයක් ගැන සඳහන් වෙන ඡායාරූප පළ කර ඇති බවත් ඒවා අසත්‍ය  බවත් විමර්ශන වලදී හෙළි වී ඇත්තේ ඒ ඡායාරූප සාමාන්‍ය ඉඩමක්…

Read More

රඹකැන් ඔය ඉඩම් දීලා තියෙන්නේ ගජ මිතුරන්ට – පරිසරවේදී තිලක් කාරියවසම්

rambakan oya deforestation in sri lanka Thilak Kariyawasam

රටේ විශාල වශයෙන් පරිසර විනාශයක් වනබව මේ වෙනකොට ජනමාධ්‍ය ඔස්සේ පේනවා. නමුත් ඇත්තටම කියනවා වාගේ වෙනවද කියලා බොහෝ අයට සැකයක් තියනවා, මොකද හිතාගන්නවත් බැරි විදිහට විශාල ආකාරයේ පරිසර විනාශයන් සිදුවෙනවා. උදාහරණයක් හැටියට මේ රජය බලයට පත්වුන දවසේ ඉදලා පස් වැලි වගේ දේවල්වලට එතෙක් තිබුණ බලපත්‍ර අහෝසි කරලා කිසිදු සීමාවකින් තොරව වැලි කනින්න, පස් කනින්න , ගල් කඩන්න, ඒවා ප්‍රවාහනයට නැවත අලුත් බලපත්‍ර ක්‍රමයක් ඇති කරා. බලපත්‍ර අහෝසි කිරීම දැන් ඒ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමත් එක්ක රටේ රක්ෂිත ඇතුලේ ගස් කපන්න පටන් ගත්තා, පස් කපන්න පටන් ගත්තා, ගල් කඩන්න පටන් ගත්තා,…

Read More

භාග්‍යාට බය ත(නි)ඩි සිංහල ආණ්ඩුව

deforestation in sri lanka sinharaja forest Bhagya Abeyrathna

භාග්‍යා අබේරත්න යුගයේ තරුවක් කිරීමට මේ වන විට ආණ්ඩුව සමත් වී ඇත. නමුත් එය ආණ්ඩුවේ අපේක්ෂාව නොවීය. ආණ්ඩුවේ අපේක්ෂාව වූයේ භාග්‍යා ඇතුලු ජනසමාජය නිහඩ කරවීමයි. ආණ්ඩුව ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ වර්ෂ 2015ට පෙර සිදු කරන ලද ආකාරයේ පැරණි ක්‍රමයකටය. ඒ භාග්‍යාට මේ වන විට ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් ඇත්තේ එයයි. අවුරුදු 19ක් වයසැති දැරිවියකට මේ තරම් පීඩනයක් එල්ල කිරීම ගැන ආන්ඩුව ලැජ්ජා විය යුතු අතර ආණ්ඩුවේ නායකයන්ගේ හා ආන්ඩුවේ අතවැසි නිලධාරීන්ගේ තරමද එයින් එළිදරව් වී ඇත. ආණ්ඩුවේ බය මේ ආණ්ඩුව බලයට පත් වීමට පෙර විපක්ෂය ගෝටා – බය යනුවෙන් පාඨයක් ඉදිරියට ගෙනාවේ…

Read More

Thilak Kariyawasam | රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන ඉතිහාසයේ දැවැන්තම පරිසර විනාශය

Read More

වනජීවීය හා වනසංරක්ෂණය “කෲඩියා සිලනිකා”  සොයා රට පීරයි!

Crudia Zeylanica Department of Wildlife Conservation

ඔබ සිටින ප්‍රදේශයක හෝ ඔබ දන්නා ප්‍රදේශයක පණු කරඳ ශාකයක් ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය ඉල්ලා සිටී. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර දැනුම් දෙන්නේ පණු කරඳ (Crudia Zeylanica) අනතුරට පත්ව තිබෙන  ශ්‍රී ලංකාවේ පමණක් ඇති, රනිල කුලයට අයත් ශාකයක් බවයි. “‘පණු කරඳ’ විනාශ වී ඇතැයි සිතා සිටි ශාකයකි. නමුත් මේ වන විට පණු කරඳ ශාක කිහිපයක් ගම්පහ ප්‍රදේශයෙන් නැවත සොයා ගෙන ඇත. එහෙත් මෙම පණු කරඳ ශාක ලංකාවේ විවිධ පෙදෙස් වල ඇති බැව් ආරංචි වෙමින් පවතී.” එම නිවේදනයේ…

Read More

රාජාංගනයේ “වන අරණ”ට ප්‍රේත බැලුම්!

Deforestation in Sri Lanka

අවශේෂ වනාන්තර (Residual Forests) ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බලාත්මක කර තිබූ 5/2001 චක්‍රලේඛය අහෝසි කොට, වත්මන් ආන්ඩුව විසින් 1/2020 චක්‍රලේඛය බලාත්මක කරනු ලැබීමත් සමඟ දිවයින පුරා වනාන්තර භූමි හෙක්ටයාර ලක්ෂ 5 කට අධික ප්‍රමාණයක් 2030 වසර වන විට අහිමි වීමේ අවධානමකට ලක්ව ඇත. 2050 තෙක් ක්‍රියාත්මක වන ජාතික භෞතික  සැලැසුම් (National Physical Plan) ව්‍යාපෘතිය වෙනුවෙන් අවශේෂ කැලෑ භූමි  නිදහස් කර ගැනීමට ආන්ඩුව සූක්ෂම අයුරින්  අවශ්‍ය නීති රීති වෙනස් කරමින් සිටී. 5/2001 චක්‍රලේඛයේ ඉතා වැදගත් සඳහනක් වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නොවන කැලෑ ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අවශ්‍යතාව මත නිදහස් කිරීමට තිබූ නොහැකියාවයි.…

Read More