චමිල ජයසිංහ රිමාන්ඩ් කිරීමේ පොලිසියේ උත්සාහයට අධිකරණය හරස් වෙයි.

ඊයේ අත්අඩංගුවට ගැනුනු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු වන කොත්මලේ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්මේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයකු වන චමිල් ජයසිංහ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත.

පොලීසිය විසින් සිංහරාජයේ වන සංහාරයක් ගැන අසත්‍ය ඡායාරූප ඇතුලත් පෝස්ටුවක් සිය ෆේස් බුක් ගිණුමේ පළ කරමින් ජනතාව කුපිත කිරීමට උත්සහ කලේ යැයි යන චෝදනාව මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ ඔහුට විරුද්ධව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබුණි.

අධිකරණයේදී චමිල් ජයසිංහ මහතා වෙනුවෙන් නීතිඥවරුන් වන මංජු ශ්‍රී චන්ද්‍රසේන, නලීන් වීරකෝන්, තිසර චාමර, මන්ජුල පතිරාජ, ලලිත් පතිරණ හා කරුණාරත්න යන මහත්වරුන් පෙනී සිට ඇති අතර නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කලේ පොලීසිය විසින් චමිල් ජයසිංහ මහතා පොලිස් විමර්ශකයන්ට පිහියකින් ඇනීමට තැත් කරමින් විමර්ශකයන්ට තර්ජනය කල බවට අසත්‍ය කරුණු අධිකරණයේ ප්‍රකාශ කරමින් චමිල් ජයසිිංහ මහතාව රක්ෂිත බන්ධනාාරගත කිරීමට ඉල්ලුම් කල බවයි. කෙසේ වෙතත් පොලීසියේ මෙම කරුණු දැක්වීම් පිළි නොගත් අධිකරණය චමිල් ජයසිංහ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කල බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

Social Sharing
නවතම