රටේ විශාල වශයෙන් පරිසර විනාශයක් වනබව මේ වෙනකොට ජනමාධ්‍ය ඔස්සේ පේනවා. නමුත් ඇත්තටම කියනවා වාගේ වෙනවද කියලා බොහෝ අයට සැකයක් තියනවා, මොකද හිතාගන්නවත් බැරි විදිහට විශාල ආකාරයේ පරිසර විනාශයන් සිදුවෙනවා. උදාහරණයක් හැටියට මේ රජය බලයට පත්වුන දවසේ ඉදලා පස් වැලි වගේ දේවල්වලට එතෙක් තිබුණ බලපත්‍ර අහෝසි කරලා කිසිදු සීමාවකින් තොරව වැලි කනින්න, පස් කනින්න , ගල් කඩන්න, ඒවා ප්‍රවාහනයට නැවත අලුත් බලපත්‍ර ක්‍රමයක් ඇති කරා.
බලපත්‍ර අහෝසි කිරීම
දැන් ඒ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමත් එක්ක රටේ රක්ෂිත ඇතුලේ ගස් කපන්න පටන් ගත්තා, පස් කපන්න පටන් ගත්තා, ගල් කඩන්න පටන් ගත්තා, මොකද ඒවා ප්‍රවාහනය කිරීමේදී තිබුණ බලපත්‍රය අඩුම ගානේ ඉදිරිපත් උනහම කොහෙන්ද මේවා ගෙනාවේ කියලා හොයලා බලන්න පුළුවන්කම තිබුණා . දැන් මේක අහෝසි වීමෙන් එවැනි පසු විපරමක් කිරීමට තිබුණ හැකියාව නැතිවෙලා ගියා. ඊට පස්සෙ අපි බලමු රටේ තැන් තැන්වල ඉඩම් තමන්ගේ දේශපාලන හිතවතුන්ට ලබාදීම නිසා විශාල පරිසර හානියක් සිදුවෙනවා. උදාහරණ ලෙස මහවැලි යෝජනා ක්‍රමය යටතේ මහවැලි ඉඩම් තෝරාගත්ත පිරිස්වලට ලබාදීම සඳහා රජය යම් තීරණයක් අරගෙන තියනවා, ඒවායේදී විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ බඩ ඉරිගු වවන්න. බඩ ඉරිගු වැවීම සඳහා අවශ්‍ය කරන භූමිය කියලා අඳුරගෙන දැනට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කන්දකාඩු, අනෙක් පැත්තෙන් මාදුරු ඔය, ඒ වගේම හම්බන්තොට වගේ ස්ථාන වල මහවැලි අධිකාරියට අයත් ඉඩම් අසීමිත විදිහට තමන්ගේ දේශපාලන හිතවතුන්ට ලබා දීම සදහා අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා.
දැන් අපි දන්නවා ප්‍රසිද්ධ ආකරයට රඹකැන් ඔය ජලාශය ආශ්‍රිතව විශාල පරිසර හානියක් වෙලා තියනවා, ඒවා ආදීවාසීන්ගේ ඉඩම්, ඔවුන්ට අවශ්‍ය වැඩකටයුතු කරන්න දෙනවා කියාලා තමයි මහවැලි අධිකාරිය ඒ ඉඩම් පවරා ගත්තේ. නමුත් අද ආදීවාසීන්ගේ ඉඩම් ටික තමන්ගේ කොළඹ හා වෙනත් ප්‍රදේශ වලින් ගියපු ව්‍යාපාරිකයන්ට අක්කර 300ක් 200ක් 500ක් වගේ විශාල භූමි ප්‍රදේශයන් වශයෙන් ලබා දීලා තියනවා. මේවා බඩ ඉරිගු වවන්න තමයි ලබා දීලා තියෙන්නේ.
ඇවන්ගාර්ඩ් ඉඩම් ඇල්ලිලි
වර්තමානයේ මෙවැනි ඉඩම් අල්ලා ගැනීමේ ප්‍රමුඛයෙක් වෙලා ඉන්නේ ඇවන්ගාඩ් අධිපතිවරයා, ඒ වගේමයි දැනට අපි දන්න කාරණාවක් තමයි මේ කොළඹට ආසන්නයේ මුතුරාජවෙල තෙත්බිම නින්දිත ආකාරයෙන් අත්පත් කරගනිමින් ඉන්නවා. විශේෂයෙන්ම මේක කරන්නේ මල්වත්ත වැවිලි සමාගම. මේ රටේ පරිසර විනාශයන් බොහොමයකට වගකියන්න ඕන සමාගම් අයිතිකාරයෙක් තමයි මේක පිටුපස ඉන්නේ , අපි දන්නවා රතුපස්වල, ඊට පස්සේ කුණු කන්ටේනර් ලංකාවට ගෙනාපු එක, ඊළඟට රබර් ෆක්ටරි එකේ සිද්ධිය, මේ හැම සිද්ධියක් පිටුපසම ඉන්නේ ධම්මික පෙරේරගේ ව්‍යාපාරය. මේ මල්වත්ත වැවිලි සමාගම කියන්නෙත් ඔහුගේ ව්‍යාපාරයක්. මුතුරාජවෙල තෙත්බිම ආශ්‍රිතව අක්කර 600ක් පමණ ප්‍රමාණයක ගොල්ෆ් පිටියක් හා හෝටල් සංකීර්ණයක් සෑදීමට මේ ඉඩම් භාවිතා කරන බව කියනවා. එක පුද්ගලයෙකු රකින්න බොහෝ පිරිසක් අසහනයට පත් කරලා ඔවුන්ගේ අයිතීන් උල්ලංඝනය කරලා, ඒ එක්කම කාදිනල්තුමා වගේ අය මේක ගැන ඉතා බරපතල විදිහට අදහස් ප්‍රකාශ කරලා තියනවා මෙවැනි පරිසර හානියක් කරන්න එපා කියලා. මේ වගේ දරුණු ඉල්ලීම් තියෙන විටත් එවා නොසලකා හැරලා මේ ව්‍යාපාරිකයන් රකින්නේ ඇයි කියන එක පාරිසරික උනන්දුවක් ඇති පිරිස් විදිහට අපට ඉතාම ප්රශ්නකාරී දෙයක් වෙලා තියනවා.
විල්පත්තුවෙන් ආපු ආණ්ඩුව
රජය ආවේ විල්පත්තුවට පෙළපාලි ගිහින් පරිසරය රකිනවා යනුවෙන් හඬනගලා. නමුත් සම්පූර්ණයෙන්ම ඒ කාරණාවලට පිටුපාලා තමයි දැන් කටයුතු කරන්නේ. අමාත්‍යවරු මේ පිළිබඳව දැනුවත්ව කාරණා සිදුවෙද්දී ඒවා නොඇසෙන ලෙස බීරන් ලෙස කටයුතු කිරීම පුදුම සහගතයි. මොකද පරිසරය වෙනුවෙන් හඬනගපු අය දැන් ඒවා ඇහෙන්නේ නැති ගානට පරිසර විනාශය හමුවේ මුනිවත රකිමින් සිටිනවා. ඒ වගේම කියන්න ඕනි සිංහරාජයේ පාරක් පිළිබඳව කතාවක් මතු වෙලා තියනවා, මේ කාරණව ඉතා බරපතළ කාරණාවක්, මේක ලංකාගමින් නතර වෙන්නේ නෑ, මෙය දෙණියාය දක්වා දිවෙන මාර්ගයක් වෙනවා. මේක තනිකරම කරන්නේ නිල්වලා හා ගිංඟග ඒකාබද්ධ ව්‍යාපෘතියක් හැටියට.
උමා ඔය යටතේ බලාපොරොත්තු වුණ ජල ප්‍රමාණය හම්බන්තොටට ගෙන එන්න බැරි වුණහම දැන් හදනවා නිල්වලා හා ගිං ගංඟාවල වැඩි වතුර ප්‍රමාණය හම්බන්තොට ට හරවනවා කියලා විශේෂ ව්‍යාපෘතියක් කරන්න. ඒකට අවශ්‍ය කරන ජල උමඟ හා ජලාශය ඉදිවෙන්නේ දෙණියායට පහළ ප්‍රදේශයේ. ඒ ප්‍රදේශයට අවශ්‍ය ගමනාගමනය සකස් කරන්න තමයි දැනට ලංකාගමින් නතර වෙලා තියන පාර දෙණියාය දක්වා දිගු කරන්න මේ අය බලාපොරොත්තු වෙන්නේ. එක කරුණක් ජනතාවට කියමින් සැබෑ කරුණු හංඟමින් කරන මේ පරිසර විනාශය ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා ඉතා විශාල අන්දමින් සිදු වෙනවා.