ස්වාධීන පක්ෂවල සහාය ආණ්ඩුවට

Independent parties support the government Ranil Wickremesinghe

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවට කොන්දේසි සහිත සහයක් ලබාදීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්‍ෂ දහය ඇතුළු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් මේ බව කියා සිටියහ.

Read More

විමල් හැර, ජනපති ඉවත් කරන්න පක්ෂ නායකයන් එකඟයි.

wimal-weerawansa-party-leaders-agree-to-remove-president

විමල් වීරවංශ හැර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් ජනපති ඉවත් කරන්න තීන්දු කරයි. අද (20) දිනයේ පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුවේ ඇතුලු සියලු පක්ෂ නායකයන් ජනාධිපචතිවරයා ඉවත් කිරීමට එකඟතාව පළ කොට ඇත. ඒ අනුව හෙට දිනයේ ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම් දීමට සියලු පක්ෂ නායකයන් තීරණය කොට තිබේ. කෙසේවෙතත් මෙම පක්ෂ නායක රැස්වීමේදී විමල් වීරවංශ පමණක් ජනාධිපතිවරයා ඉවත් කිරීමට එකඟතාව පළ කොට නැත. පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු ඇතිවූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් මෙම හදිසි පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට කතානායකවරයා පියවර ගෙන තිබිණ.

Read More

ස්වාධීන 41දෙනා පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක්!

The 41 Independent Members of Parliament sit separately

ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41දෙනා පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. කතානායකවරයාට ඒ බව ලිඛිතව දැනුම් දෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියොජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනා, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ 10 මන්ත්‍රිවරුන්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන වූ අනූර යාපා මන්ත්‍රිවරයා ඇතුළු කණ්ඩායම සහ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා මෙලෙස පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගනු ඇති.

Read More

අවලස්සන ශ්‍රී ලාංකිකයින් තිදෙනාට තව දුරටත් රැවටෙමුද ?

Wimal Vasudeva Gammanpila current politics economic crisis in sri lanka

-පිලිප් දිසානායක- පසුගියදා ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේය. පවතින තත්ත්වය පිළිබදව යම් කිසි විග්‍රහයක් සමගින්, රජය මුහුණ දී ඇති ගැටලු සමග, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජය විසින් ගෙන ඇති ක්ෂණික පියවර පිළිබදව ජනාධිපතිවරයා විසින් යමක් ඉදිරිපත් කරාවි යැයි බොහෝ දෙනෙකු කල්පනා කර තිබුනි. නමුත්, සිය කතාවේදී ඔහුගේ මූලික අවධානය යොමුව තිබුනේ ඉතා කෙටි කාලයක් තුළ, තමන් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශය සිදු කර අවසන් කිරීමත්, එය ඉතා සරල හා චාම් ලෙස සිදු කිරීමත් සඳහාය. කතාවේ සාරාංශය ලෙස පවතින තත්ත්වය පිළිබදව ගැඹුරු අවබෝධයක් ඔහුට ඇති බවත්, වත්මන් ගැටලුවලට හේතුව ඔහු නොවන බවත්,…

Read More

මීට පස්සේ රදල පවුල්වලට රාජ්‍ය නායකත්වය හිමි නෑ – විමල්

Wimal Weerawansa sri lankan politics today

වර්තමාන පාලකයාගෙන් පසුව ලංකාවේ පාලකයා වීමේ වරම උඩ රට හෝ පහත රට රදල පවුල්වලට හිමි නොවෙනු ඇති බවත්, මේ රාජපක්ෂවරුන්ගේ අවසාන පාලන කාලය බවත් මෑතකදී අමාත්‍ය ධුරයෙන් නෙරපනු ලැබූ විමල් වීරවංශ ප්‍රකාශ කරයි. සිරස නාලිකාව සමගින් සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් ඔහු මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැඩිව විවේචනය කළ අතර බැසිල් රාජපක්ෂට විරුද්ධව මුල්‍ය විශූද්ධිකරණ චෝදනාවක් යටතේ ඇමරිකානු ෆෙඩරල් පොලීසිය මගින් පරීක්‍ෂණයක් සිදුවන බවද පැවසීය. තමන් යළි කිසිදිනක රාජපක්ෂවරුන්ගේ පාලනයකට සහාය දක්වන්න හෝ එවැනි පාලනයක් පිහිටුවීමට පෙරමග නොගන්නා බව මෙහිදී ඔහු ප්‍රකාශ කළේය.

Read More

වීරවංශ-ගම්මන්පිල: මේස් කුට්ටමක් සහ දුර්ගන්ධයක්!

Wimal Weerawansa Udaya Gammanpila politics in sri lanka Gamini viyangoda

අප අද සිටින්නේ, ඉතිහාසය විසින් වර්තමානය නිර්දය අන්දමින් නිරුවත් කරන සහ ලැජ්ජාවට පත්කරවන යුගයකයි. සමාජයක් මුහුණදෙන ප්‍රශ්න ඉදිරියේ විවිධ මත සහ වෙනස් කඳවුරු අතර නොගැළපීම් හටගනී. එය ස්වභාවික දෙයකි. මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ කල්පනා එක සමාන නොවීම ඊට හේතුවයි. එසේ තිබියදී, බොහෝ කාරණා සම්බන්ධයෙන් මිනිසුන් අතරේ අද පවතින ප්‍රතිවිරෝධතා චිරාත් කාලයකට ඉදිරියට යන්නේ, අදාළ කාරණය පිළිබඳ (සාපේක්ෂ) වැරදි මතය සහ (සාපේක්ෂ) නිවැරදි මතය පිළිබඳ නිශ්චිත විනිශ්චයක් ඉතිරි නොකරමිනි. උදාහරණයක් වශයෙන්, යුද්ධය පිළිබඳ කාරණය ගන්න: එය, ලංකාවේ වේවා, යුක්රේනයේ වේවා, තිරශ්චීන සහ අමානුෂික දෙයකැයි බොහෝ දෙනා කටපාඩමින් කියනු ඇත. එහෙත් ඒ…

Read More

ප්ලග් ගලවලා “මුළු රටම හරිමගට” ගත හැකිද?

Mulu Ratama Hari Magata economic crisis in sri lanka Harsha Gunasena

“ප්ලග් ගලවන ආර්ථික යෝජනා මගින් රට නැංවිය හැකිද?”, ආණ්ඩුවෙන් වෙන්වන  පක්ෂ වල ‘මුළුරටම හරිමගට’ ප්‍රකාශය පිලිබඳ හර්ෂ ගුණසේනගෙන් විවේචනයක් ආණ්ඩුවෙන් වෙන්වීමට සූදානම් වන පක්ෂ 11 කින් සමන්විත සන්ධානය විසින් “මුළු රටම හරිමගට” නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් ආර්ථික අර්බුදය හඳුනා ගන්නේ ආනයන සඳහා විදේශ විනිමය හිඟ වීම, රාජ්‍ය ආදායම පහල වැටීම, දේශීය ආහාර නිෂ්පාදන පද්ධතිය බිඳ වැටීම, දේශීය කර්මාන්ත පද්ධතිය කඩා වැටීම සහ මෙම තත්ත්වය තුල රටට සතුරු බලවේග විසින් දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීම යන කරුණු හරහාය. මෙම යෝජනා තුල විවෘත ආර්ථිකය මෙසේ හඳුනාගෙන ඇත. “විශේෂයෙන්ම 1977 න් …

Read More

“අවලස්සන ඇමරිකානුවා, රට කනවා” – උදය ගම්මන්පිළ

The Ugly American Udaya Gammanpila Basil Rajapaksa

ඇමරිකානුවෙකු විසින් ලංකාවේ ඉරණම තීරණය කරමින් ඇතැයි ද එනිසා ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලයක් ආරම්භ කරන්නට සිදුවී ඇතැයි ද හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කරයි. ‘1958 දී ඇමෙරිකානු නවකතාවක් ප්‍රකාශයට පත් වුණා The Ugly American අවලස්සන ඇමරිකානුවා කියලා. සිංහලටත් ඒක පරිවර්තනය වෙලා තියෙනවා අවලස්සන ඇමරිකානුවා කියලා. ඉතින් මේ අවලස්සන ඇමරිකානුවා පොත යළි ශ්‍රී ලංකාවේ ලියැවෙමින් පවතිනවා. ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටිනවා. ඒ නිසා අද අපේ රට නැවතත් ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලයක් ආරම්භ කරන්න අපිට සිද්ධවෙලා තියනවා’ යැයි ප්‍රකාශ කළේ ඒ මහතා කොළඹදී පසුගිය 4 දා මාධ්‍ය හමුවක් අමතමින්…

Read More

විමල් ගම්මන්පිළ මහ මගට..

Wimal Weerawansa and Udaya Gammanpila have been removed from their portfolios.

රට හරි මගට ගන්නට පසුගිය 2 දා රැලියක් සංවිධානය කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍ය ධුර වලින් නෙරපා හැර තිබේ. මේ අනුව නව කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු වේලාවකට පෙර සිදුවී ඇති අතර ඒ අනුව විමල් වීරවංශ දරමින් සිටි කර්මාන්ත අමාත්‍ය ධුරය එස්.බී. දිසානායකටද ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චිට විදුලිබල අමාත්‍ය ධුරයද හිමිවී ඇත. දැනගන්නට තිබෙන ලෙස මෙම නව අමාත්‍යවරයා සහ වරිය මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දී ඇත. මේ නව සංශෝධනය යටතේ විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ  ගාමිණි ලොකුගේ …

Read More

‘මුළු රටම හරි මඟට’ තවත් කොඩිවිනයක් අද වළ දමයි..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ 11 විසින් සකසන ලද “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම 2022 මාර්තු 02 වැනිදා සවස 3:00 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී පැවැත්වේ. අප අත්විඳින්නේ විවෘත ආර්ථික සංවර්ධන ආකෘතියේ දරුණුතම අවපාතයක ප්‍රතිඵල බවත් කෙටිකාලීනව එම අර්බුදයට මුහුණ දෙමින්, දීර්ඝකාලීනව මෙරට ආර්ථිකයේ පදනම ශක්තිමත් කෙරෙන, බහුතරයක් ජනතාවට ආර්ථික…

Read More