විමල් ගම්මන්පිළ මහ මගට..

රට හරි මගට ගන්නට පසුගිය 2 දා රැලියක් සංවිධානය කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍ය ධුර වලින් නෙරපා හැර තිබේ.

මේ අනුව නව කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු වේලාවකට පෙර සිදුවී ඇති අතර ඒ අනුව විමල් වීරවංශ දරමින් සිටි කර්මාන්ත අමාත්‍ය ධුරය එස්.බී. දිසානායකටද ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චිට විදුලිබල අමාත්‍ය ධුරයද හිමිවී ඇත. දැනගන්නට තිබෙන ලෙස මෙම නව අමාත්‍යවරයා සහ වරිය මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දී ඇත.

මේ නව සංශෝධනය යටතේ විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ  ගාමිණි ලොකුගේ  නව බලශක්ති අමාත්‍යවරයා ලෙස උදය ගම්මන්පිළගේ අමාත්‍ය ධුරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

Social Sharing
නවතම