රට බංකොළොත්වීම වළකන්න පොදු වැඩපිළිවෙළක් යෝජනා කරන්න අපි සූදානම් – පාඨලී

එලබෙන ජනවාරියේදී රට බංකොළොත් වීමේ අර්බූදය විසඳීම සඳහා පොදු වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

ලංකාවේ දැනට උද්ගත ආර්ථික අර්බූදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑම සඳහා උවද දැන් ප්‍රමාද බව කියා සිටින හිටපු අමාත්‍යවරයා මේ තත්ත්වය විසඳීම සඳහා වහාම මුදල් පාලන බලය හිමි පාර්ලිමේන්තුව මැදිහත් වියයුතු බව කියා සිටී.

ලංකාවේ මහ බැංකුව දේශීයව මොන සුරංඟනා කතා කීවත් ජාත්‍යන්තර ආයෝජයකයින්, මූල්‍ය සමාගම් පිළිගන්නේ පිච් මූඩි වැනි ශ්‍රේණිගත කිරීමේ ආයතන කියන දේ බව කියා සිටින ඒ මහතා එනිසා එලබෙන ජනවාරියේ රට බංකොළොත්වීම ස්ථිර බව ප්‍රකාශ කරයි.

පසුගිය 26 දා මහා නායක හිමිවරුන් හමිවී රටේ උද්ගත ආර්ථික අර්බූදය පිළිබඳව සාකච්ඡා කරනඑන අතරතුර මහනුවරදී මාධ්‍ය අමතමින් මේ බව ප්‍රකාශ කළ ඒ මහතා වර්තමානයේ පොදු අපේක්ෂකත්වයක් පිළිබඳව ප්‍රශ්නයක් තමන්ට නැති බවත් තමන්ට ඇත්තේ රටේ ආර්ථිකය කඩාවැටෙන්නට යන එකෙන් ගළවා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය බවත් ප්‍රකාශ කළේය. ඒ සඳහා මැදිහත්වීමේ අවකාශය පාර්ලිමේන්තුවට ඇති බව ප්‍රකාශ කරන ඒ මහතා ඊට මැදිහත්වීම සඳහා ජනවාරියේ පොදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට සූදානම් බව කියාසිටී.

Social Sharing
නවතම