තොරතුරු වසංගතයට හසු වෙන්න එපා!

information epidemic Sudarshani Fernandopulle Ministry of Health

බරපතල ‍රෝග ලක්ෂණ නොමැති හා රෝග ලක්ෂණ පහළ නොවූ කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළම රඳවා ඔවුන් පිළිබඳව අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් අද (17) සිට ක්‍රියාත්මක බව ඇතැම් පුවත්පත් මෙන්ම සාමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි. නමුත් රජය තවම තීරණයකට පැමිණ නැත. මේ පිලිබඳ යෝජනාවක් පමණක් ඉදිරිපත්ව ඇති අතර ඒ පිලිබඳ තවදුරටත් සාකච්ඡා කෙරෙමින් පවතින බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. එමෙන්ම මේ බව යුද්ධ හමුදාපතිවරයාද අද (17) දින රූපවාහීනි නාලිකාවකදී තහවුරු කර සිටියේය. එසේනම් මේ ආකාරයෙන් වැරදි පුවත් සමාජ ගත වන්නේ මාධ්‍යකරණයේ ඇති දුර්වලතාවය නිසාය. මෙය එක්තරා අයුරකින් තොරතුරු…

Read More

මේ ඉන්දියාවේ  නෙමේ, ලංකාවේ!

Patient attendance at Anuradhapura Hospital increases Coronavirus outbreak

අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ පිහිටි කායික රෝග වාට්ටු සංකීර්ණයේ (මෙඩිකල් වෝඩ්) පවතින අධික තදබදය හේතුවෙන් වසංගත තත්වය හමුවේත් රෝගීන් දෙදෙනෙකුට එක් ඇදක ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිමෙන් ජීවිත අවදානම් තත්වයකට පත්ව ඇති බව රෝගීන් පිරිසක් පෙන්වා දුන්හ. කායික රෝග වාට්ටු සංකීර්ණයේ වාට්ටු අංක 17-18 හා 19 යන වාට්ටු වලට පසුගිය දින කිහිපය පුරාම විවිධ රෝග සදහා ප්‍රතිකාර ලබාගැනීමට රෝගීන් පැමිණීම හේතුවෙන් මෙම තත්වය උද්ගතවූ බව රෝහල් කාර්ය මණ්ඩලය පැවසුහ. කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අවධියක සමාජ දුරස්ථ බාවය රැකිය යුතු වූවත් පවතින අධික තදබදය නිසා රෝගින් දෙදෙනෙකු එක් ඇදකට සීමා…

Read More

“රෝග ලක්ෂණ නොපෙන්වන විශාල පිරිසක් ඉන්නවා ”- ඇමතිනී සුදර්ශනීගෙන් අනතුරු ඇඟවීමක් !

covid pandemic third wave in sri lanka Sudarshani Fernandopulle

ගම්පහ දිස්ත්‍රික්කය තුළ PCR පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිත බවට තහවුරු වූ 400 ක් පමණ පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට නොහැකිව ඔවුන්ගේ නිවාස සහ නේවාසිකාගාර තුළ දින කීපයක සිට රැදී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා ඊයේ (06) දින සඳහන් කළ බවට පුවතක් නෙත් වෙබ් අඩවියේ පළ කර තිබුණි. එම පුවතට අනුව මෙම ආසාදිතයන් ප්‍රවාහනය කිරීමට ගිලන් රථ, ඔවුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් නොමැති වීම මේ සදහා හේතු වී තිබුණි. එසේම ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස තුළ සිදු…

Read More

ඇමතිවරියටත් ඉහළින් තීන්දු තීරණ ගන්නා රටක සෞඛ්‍යයේ හෙට දවස?

sudarshani fernandopullei Ministry Of Health Covid vaccine

රටක සෞඛ්‍ය අමාත්‍යාංශය යනු වැදගත් සුවිශේෂි අංශයකි. රටේ සියලුම සෞඛ්‍ය කටයුතු තීරණය වන ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට නම් මේ වන විට ඇමතිවරු සිව්දෙනෙක් පත් කර ඇත. ඒ අතරින් කොවිඩ් රෝග පාලන පිලිබඳ කටයුතු මේ වන විට භාරව සිටින්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියය. නමුත් ඇයට අදාල කටයුතු සිදුකිරීම සඳහා නිදහසක් නොමැති බව මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් තිබේ. ඇය ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අවුල් ජාලයක් වී ඇති බවය. කොවිඩ් එන්නත්කරණය…

Read More

දෙමළ මන්ත්‍රීවරු එන්නත ප්‍රතික්ෂේප කිරීම වැරදියි! – ඇමති කෙහෙළිය

Keheliya Rambukwella tna members covid vaccine

මහජනයා සමඟ සමීපව කටයුතු කරන පිරිස් සඳහා  කොරෝනා එන්නත ලබා දී ඇති අවස්ථාවක දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු එය ප්‍රතික්ෂේප නොකළ යුතු බවත් එම අවස්ථාව ඔවුන් විසින් ලබා ගත යුතුව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරු කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ යුධ සමයේ දී යුධ හමුදා සෙබළුන්ට ඔවුන් දුන් පීඩාව සිහිපත් වීමෙන් නිසා විය යුතු යැයි මහනුවර අනිවත්තේ දී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි ශ්‍රී ලංකා යුධ හමුදා සෙබළුන් විනය ගරුක පිරිසක් වන නමුත් ත්‍රස්තවාදී යුද සමයේ ලැබූ අත්දැකීම් හේතුවෙන් කොරෝනා එන්නත…

Read More

කොවිඩ් එන්නත මන්ත්‍රීවරුන්ට පෙර හෝටල් සේවකයින්ට දෙන්න!

විදෙස් සංචාරකයින්ට මෙතෙක් පනවා තිබු දැඩි සෞඛ්‍ය කොන්දේසි ලිහිල් කිරීමට රජය පහුගියදා තීරණය කර තිබුනේ වැඩි වැඩියෙන් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමිනි. එමෙන්ම අද (18) සිට මෙතෙක් බ්‍රිතාන්‍යට පනවා තිබු ගමන් තහනමද ලංකාව ඉවත් කර ඇත. ඒ් අනුව ඉදිරියේදී බ්‍රිතාන්‍ය සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට පැමිණෙනු ඇත. මේ අතර අද මව්බිම පුවත්පත වාර්තා කර තිබුණේ ඇස්ට්‍රාසෙනෙකාවලටවත් ඔරොත්තු නොදෙන දකුණු අප්‍රිකාවේ නව ප්‍රභේදය බ්‍රිතාන්‍යට ඇතුලු වී ඇති බවය. ඒ් අනුව ඉදිරියේදී ඒ් වෛරසයද ලංකාවට පැමිණීමේ අවදානමක් ඇති බව මෙහිදි අපට නොතකා හැරිය නොහැක. විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීමේදී ඔවුන් නවාතැන්…

Read More

කොරෝනා එන්නත ගෙනාවාට රටටම දෙන්න මදි

saman rathnapriya union currunt covid situation in sri lanka

ශ්‍රී ලාංකිකයන් කොරෝනා රෝගයට ගොදුරු වීම වළක්වා ගැනීම සදහා ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද එන්නත් ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව දෙන  රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය අනතුරු අඟවා තිබේ. රටක වෙසෙන ජනතාවගෙන් සීයට විස්සක ප්‍රතිශතයකට කෙටි කාලයක් තුලදී  එන්නත ලබා දිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශය බැව් පෙන්වා දෙන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා අවධාරණය කරන්නේ  ඉන්දියාවෙන් පළමු වටයේදී  මෙරට ගෙන්වන ලද එන්නත් ප්‍රමාණය  ලබා දිය හැක්කේ දෙලක්ෂ පනස් දහසක් දෙනාට පමණක් බවයි. ඉන්දියාවේ  නිෂ්පාදනය කරන ‘ඇස්කා සෙනිකා’ කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා  ලක්ෂ පහක් පසුගියදා මෙරටට ගෙන්වා තිබුනි.…

Read More

රජය දිගින් දිගටම කොවිෂීල්ඩ් එන්නත මත පමණක් යැපෙන උත්සහයක

covishield vaccine sri lanka

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අනුපිළිවෙල විමසීමේදී ශ්‍රී ලංකාව දිගින් දිගටම කොවිෂීල්ඩ් එන්නත මත පමණක් යැපෙන්නට කෘතිම උත්සාහයක් දරන්නේද යන සැකයක් මතු වන්නේ යැයි  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. කොවිෂීල්ඩ් සදහා කෙටි කාලයකින් ලියාපදිංචිය ලබාදෙන අධිකාරිය, ෆයිසර් සදහා තවම ලියාපදිංචි අවසරය ලබා දී නොමැති අතර ඒ අනූව ලැබෙන සෑම අවස්ථාවකදීම, රටක් ලෙස අපට ඉල්ලුම් කල හැකි වන්නේ කොවිෂීල්ඩ් පමණක් බවද ඒ මහතා පෙන්වා දෙයි. රවී කුමුදේශ් ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත ලංකාවේ සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයට පළමු කොවිඩ් ප්‍රතිශක්තිකරණ අත්දැකීම ලබා දුන් නමුත් රටේ සාමාන්‍ය මහජනතාව සදහා එම අද්දැකීම ලැබෙන දිනය…

Read More