“අපටත් 5000 දෙන්න” පුද්ගලික අංශය වීදි බසී!

basil Rajapaksha Rs.5000 allowance for private sector workers

දිනෙන් දින ඉහල යන ජීවන වියදම පහත හෙලමින් කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ආණ්ඩුවට බලපෑම් කරමින්  පෞද්ගලික අංශයේ කම්කරුවෝ දිවයින පුරා දියත් කළ  විරෝධතා උද්ඝෝෂණ මාලාව වැඩබිම් හා නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව සාර්ථකව පැවැත්වූ බව වෘත්තීය සමිති නායකයෝ පවසති. විශේෂයෙන් කටුනායක, බියගම නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව වැඩබිම් වල කම්කරුවන් මෙම විරෝධතා ව්‍යාපාරයට වැඩි සහභාගිත්වයක් පෙන්නුම් කර තිබේ. “ඊළඟ පඩි දිනය වන විට මේ රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයේ කම්කරුවන්ට හා අනෙකුත් පිඩිත ජනතාවට නීතියක් සම්මත කරමින් ලබා දෙන බවට ආණ්ඩුව ප්‍රකාශයට පත් කරලා ලබා දිය යුතුයි. නැත්නම් එය ලබා…

Read More

කටින් දුන්න 5000 ලිපියෙන් ආපසු ගනී…

2022 අයවැය යෝජනාවෙන් රාජ්‍ය සේවකයන් සඳහා දෙන්න යෝජනා කළ රුපියල් 5000 දීමනාව අත්හිටුවා ඇති බව අම්පාර කලාප අධ්‍යාපන කාර්‍යාලය ලිපියක් මගින් එම කලාපයේ ගුරුවරුන්ට දන්වා යවා ඇත. මේ පිළිබඳව වූ ලිපිය ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ හොවමාරු වෙමින් ඇති අතර එහි සඳහන් වන්නේ රා.ප.ච. අංක 3/2022 චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවා ඇති බව  නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරුන්ගේ රැස්වීමේදී දැනුන්දී ඇති බවයි.  අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය විදුහල්පතිවරුන්, පරිවෙණාධිපතිවරුන් සහ ගුරුවරුන් වෙත ලිපියක් මගින් දන්වා ඇත්තේ මුදල් ලබාදීම අත්හිටුවා ඇති නමුත් අදාළ දීමනාව ලබා දී ඇති බව වැටුප් පත්‍රිකාවේ සඳහන් කර තිබෙන බවය.

Read More

බැසිල්ගේ 5000 දීමනාව නිසා විරෝධතා අවදානමක්!

Basil Rajapaksa Allowance of Rs. 5000

ඉහල යන ජීවන වියදමට සහනයක් ලෙස  රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් 5000 දීමනාව වතු, ඇඟළුම් ඇතුළු පෞද්ගලික අංශයේ සියළුම කම්කරුවන්ටත් ලබා නොදුන හොත් ආණ්ඩුවට එරෙහිව විරෝධතා දියත් කරන බවට වෘත්තීය සමිති අනතුරු අඟවා තිබේ. “රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් 5000 සහන දීමනාව වතු, ඇඟළුම් ඇතුළු අනෙකුත් පෞද්ගලික අංශයේ කර්මාන්ත හා සේවා කම්කරුවන්ටත් ජනවාරි 21 වැනිදාට පෙර ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනෑ. ඒසේ  නැත්නම් අපි ආණ්ඩුවට එරෙහිව 21 දා  විරෝධතා හා වෘත්තීය ක්‍රියා මාර්ග ගන්න වෘත්තීය සමිති විදිහට තීරණය කරලා තියෙන්නේ,” යැයි රජයේ කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිතියක්…

Read More

“වතුකරයට 1000 නොදී පාන් පිටි ‘ඇස් බැන්දුමක්’

Wheat flour relief for plantation workers

බිඳ වැටෙන රටේ ආර්ථිකය හමුවේ පීඩාවට පත් වතු කම්කරුවන්ට ආණ්ඩුව ලබා දුන් තිරිඟු පිටි සහනය ඇස් බැන්දුමක් බවට චෝදනා එල්ල වී තිබේ. ඇමෙරිකානු සංචාරයෙන් පසු යළි දිවයිනට පැමිණි මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ විසින් පවසා තිබුනේ  හදිසි සහන ලෙස  සෑම වතු පවුලකටම කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 80 බැගින් මසකට තිරිඟු පිටි කිලෝග්‍රෑම් 15 ක් ලබා දීමට පියවර ගන්නා බවය. “වතු කම්කරුවන්ව රවට්ටන්න දැන් දවසකට පාන් පිටි ග්‍රෑම් 500 ක් අඩු ගානකට දෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් අඩුකිරීම තමයි වතු කම්කරුවන්ට දෙන්න පුළුවන් හොඳම විසඳුමයැයි  කඳුරට ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි…

Read More

රාජ්‍ය සේවකයන්ට දුන් 5000 පුද්ගලික අංශයටත් දෙනවාද?

ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ට ලබා දෙන රුපියල් පන් දහසේ දීමනාව පෞද්ගලික අංශයටත් ලබා දීම  සම්බන්ධයෙන් මේ සතියේ සාකච්ඡා ආරම්භ කරන  බව කම්කරු අමාත්‍යවරයා පවසයි. ජීවන බර රාජ්‍ය සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරන අයට ද එකසේ දැනෙන දෙයක් බැවින් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබාදෙන පෞද්ගලික අංශයේ සේවකයන්ට ද රුපියල් පන්දහසේ දීමනාව අනිවාර්යයෙන්ම ලැබිය යුතුව ඇති බවයි  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ. ඒ  සම්බන්ධයෙන් වන පළමු සාකච්ඡා වටය මෙම මස 07,10 සහ 11 යන දිනවල කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ. පෞද්ගලික අංශයේ…

Read More

“සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,” – ඇමැති ජීවන් තොණ්ඩමාන්

Plantation workers with jeevan thondaman

“සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,” යැයි  ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම්, වතු යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමාන් පවසයි. සාමුහික ගිවිසුම අලුත් කිරීම, වැටුප් වැඩිකිරීම, හා බරපතල වැඩ කොන්දේසි වලට එරෙහිව ආගරපතන වැවිලි සමාගමට අයත් වතු යායේ වැඩ කරන කම්කරුවන්ගේ වෘත්තීය අරගලයක් පසුගිය සතියේදී දියත් කෙරුනේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයෙනි. “කම්කරුවන්ගේ ඉල්ලීම් කිහිපයක් ඉටු කර දෙන්න ආගරපතන වතු සමාගම එකඟවුනා, ඒත් ඒක ලියවිල්ලකින් තහවුරු කර දෙනකම් අපි බලාන ඉන්නවා,” යැයි රාජ්‍ය ඇමැති තොණ්ඩමාන් පවසයි. දේශපාලන කටයුතු හේතුවෙන් පසුගිය කාලය තුල වෘත්තීය සමිති වැඩ වලින් ඈත් වුවද…

Read More

වතු කම්කරු ජීවන වියදම් දීමනාව ඉහල දැමීමට ඉල්ලීම්! 

cost of living allowance for plantation workers

බිඳ වැටෙමින් තිබෙන ආර්ථිකය හමුවේ දැඩි පීඩාවට පත් වතු කම්කරුවන්ගේ ජීවන වියදම් දීමනාව ඉහල දමන ලෙස වෘත්තීය සමිතියක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. “දැනට වතු කම්කරුවන් වෙනුවෙන් ලබා දෙන ජීවන වියදම් දීමනාව රුපියල් සීයයි. ඒත් දවසින් දවස බඩු මිල ඉහල යන ඒකත් එක්ක කම්කරුවන්ට ජීවත් වෙන්න හරිම අමාරුයි, ඒ හින්දා මේ ජීවන වියදම් දීමනාව රුපියල් 500 දක්වා ඉහල දාන්න ඕනෑ,”යැයි දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිතියක් වන ජාතික කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික,මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පවසයි. මන්ත්‍රී ශ්‍රීධරන් කියා සිටියේ විදේශ විනිමය රටට ගෙන ඒමට සමත් වන වතු කම්කරුවන්ට…

Read More