2022 අයවැය යෝජනාවෙන් රාජ්‍ය සේවකයන් සඳහා දෙන්න යෝජනා කළ රුපියල් 5000 දීමනාව අත්හිටුවා ඇති බව අම්පාර කලාප අධ්‍යාපන කාර්‍යාලය ලිපියක් මගින් එම කලාපයේ ගුරුවරුන්ට දන්වා යවා ඇත.
මේ පිළිබඳව වූ ලිපිය ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ හොවමාරු වෙමින් ඇති අතර එහි සඳහන් වන්නේ රා.ප.ච. අංක 3/2022 චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවා ඇති බව නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරුන්ගේ රැස්වීමේදී දැනුන්දී ඇති බවයි. අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය විදුහල්පතිවරුන්, පරිවෙණාධිපතිවරුන් සහ ගුරුවරුන් වෙත ලිපියක් මගින් දන්වා ඇත්තේ මුදල් ලබාදීම අත්හිටුවා ඇති නමුත් අදාළ දීමනාව ලබා දී ඇති බව වැටුප් පත්‍රිකාවේ සඳහන් කර තිබෙන බවය.