මේ වන විට දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් ඇති බව රජය පැවසුවත් එය සත්‍ය නොවන බවත් මේ වාර්තා වන රෝගීන් අඩුවීමක් පෙන්නුම් කරන්නේ රට තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය වීමක් නිසා නොව දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව අඩුවීම නිසා යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ගත වූ පැය 24 තුල දෛනකව වාර්තා වන රෝගීන් ප්‍රමාණය කියා අපට සංඛ්‍යාලේඛන පෙන්නුවද ඒවා සැබවින්ම ගත වූ පැය 24 දත්ත නොවන බවත් සාමාන්‍යයෙන් PCR පරීක්ෂණ දින 3-10 දක්වා කාලයක් ආපස්සට ගිය ඒවා බවද ඔහු පෙන්වා දෙයි. පසුගිය ආසන්නම දින තුනේ PCR පරීක්ෂණ ගම්පහ…
Read MoreTag: corona news sri lanka
අඛණ්ඩ සෞඛ්‍ය සේවාවට අනවශ්‍ය අර්බුද එපා! – රවී කුමුදේශ්
මේ වන විට කොවිඩ් වසංගතය මෙරට සෑම දිස්ත්‍රික්කයක්ම වෙලාගෙන ඇත. කොවිඩ් ආසාදිතයින් 80,000 ඉක්මවා යද්දී කොවිඩ් ආසාදිත මරණ 500 ට ආසන්න වෙමින් ඇත. මේ ගෝලීය වසංගතයත් සමඟ සෞඛ්‍ය අංශ ඉටු කරන්නේ අපරිමිත මෙහෙයකි. නමුත් මේ වන විට සෞඛ්‍ය අංශ බරපතල කඩා වැටීමේ අවදානමකට ලක් වෙමින් ඇත. සෞඛ්‍ය සේවාව පිළිබඳ තීරණ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගනු ලැබූ තීන්දු නිවැරදි නොකරමින්, සෞඛ්‍ය බලධාරීන් සිය වගකීම් පැහැර හැරීම හේතුවෙන් මේ වන විට සෞඛ්‍ය සේවාව තුල අනවශ්‍ය සෞඛ්‍ය අර්බුදයක් ඇතිකර තිබෙන බව වැඩ කරන ජනබලයේ සම කඳවුම්කරු රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේය. මාරාන්තික වසංගතයක්…
Read Moreමුස්ලිම් කොවිඩ් රෝගියකු ඝාතනය කළ බවට අනුරාධපුර රෝහලට චෝදනාවක්!
කොවිඩ් වැලඳී මියගිය මුස්ලිම් ජාතිකයෙකු රෝහලේදී ඝාතනය කළ බවට සැකයක් ඇතැයි කියමින් ඥාතින් පිරිසක් කර තිබෙන පැමිණිල්ලක් හා තවත් මුස්ලිම් මෘතදේහ දෙකක් ඇතුළු කොවිඩ් මරණ හතරක් මෘත ශරීරාගාරයේ සති කිහිපයක් තිස්සේ තැම්පත්කර තිබීම නිසා සියළුම පශ්චාත් මරණ පරික්ෂණ නැවත්වීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් තීරණය කර තිබුණි. ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේ පෙබරවාරි මස (1දා) සිට කොවිඩ් වැලදුණු මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු තුනක් හා දමිළ පුද්ගලයෙකුගේ සිරුරුක් ගොඩගැසි තිබෙනා අතර පවතින අවධානම් තත්වය නිසා පශ්චාත් මරණ පරික්ෂණ පැවත්වීම වහාම අත්හිටුවීමට අධිකරණ වෛද්‍යවරුන් තීරණය කර තිබේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ…
Read Moreසෞඛ්‍ය වෘත්තිකයින් හා සමාජය අතර ගැටුම් හදන්න එපා! – GMOA
කොවිඩ් සම්බන්ධ සංඛ්‍යා ලේඛන අතර නොගැලපීම බිම් මට්ටමේ වෘත්තිකයින්ට ගැටළු රැසක් ඇති කරමින් තිබෙන අතර මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිලිබඳ මුණිවත රැකීම හරහා කොවිඩ් මර්දන පද්ධතිය කෙරෙහි විශ්වාසය බිඳ වැටීමක් සිදු වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. නිදසුනක් ලෙස රසායනාගාර සේවාව PCR පරීක්ෂණ තුලින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව හා නිල වශයෙන් බලධාරීන් ප්‍රකාශ කරන ප්‍රමාණය අතර 5000 ක පමණ වෙනසක් ඇති බවත් මේ රෝගීන් 5000 ආගිය අතක් නැති බවට මාධ්‍ය මඟින් වාර්තා වී සති දෙකක කාලයක් ගියද අද වෙනතුරු…
Read Moreමුස්ලිම් මෘතදේහ භූමදාන ගැටළුව තවමත් …
කොවිඩ් වසංගතය පැමිණිමත් සමග මෙරට මුස්ලිම් ජනතාව මුහුණ දුන් සංකීර්ණ ගැටලුවක් විය. ඒ කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කිරීම නිසාය. . ඔවුන්ගේ ආගමට අනුව මෘතදේහ භූමදානය කළ යුතුව ඇත. කොවිඩ් සම්බන්ධව ක්‍රියා කළ යුතු උපදෙස්, නිර්දේශ ඇතුලත් ගැසට් පත්‍රයක්ද නිකුත් කර තිබීම නිසා ඔවුන්ට සැමවිටම සිදුවුයේ අකමැත්තෙන් වුවද මෘතදේහ ආදාහනය කිරීමටය. මේ නිසා ඇතැම් ප්‍රදේශ වල මිය ගිය මුස්ලිම් පුද්ගලයින්ගේ මෘතදේහ ඥාතීන් විසින් භාර නොගන්නා තත්ත්වයකට පත් විය. මෘතශරීරාගාර වල මුස්ලිම් පුද්ගලයින්ග් මෘතදේහ ගොඩගැසෙන්නට විය. ඒ නිසා මුස්ලිම් ජනතාව වරින් වර රජයෙන් ඉල්ලා සිටියේ කොවිඩ් ආසාදිතව මිය යන…
Read Moreලංකාවෙන් කොරෝනා ප්‍රභේද 26 ක් හමු වෙයි.
දැන් නිතරම පාහේ අපට ජන මාධ්‍ය මඟිනුත්, එදිනෙදා ජිවිතයේදීත් වඩාත්ම සමීප වචනය බවට පත්ව ඇත්තේ කොරෝනාය. ඒ් තරමට මේ ගෝලීය වසංගතය දැන් ත්රස්තවාදයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය පැමිණ වසරකුත් ගෙවී යන මේ මොහොතේ අප දැන් සිටින්නේ තීරණාත්මක මොහොතකය. මේ වන විට ලංකාවෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත වුවන් 75,600 ඉක්මවා ගොස් ඇත. මරණ 397 ක් වාර්තා වී තිබේ. ඊට අමතරව මේ වන විට ලංකාව තවත් ගැටලුවකට මුහුන දෙමින් සිටියි. ඒ් මේ කොවිඩ් වෛරසයේ විවිධ ප්‍රභේද දිවයිනේ තැනින් තැන වාර්තා වීම නිසාය. කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී…
Read Moreජනමාධ්‍ය ඇමැති නිරෝධායන නීති කඩලා – ලංකා ගුරු සංගමය
සිසුන් කිහිප දෙනකු සහ ගුරුවරියක් කොරෝනා අසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙන පාසලක නිරෝධායන පිළිවෙත් උල්ලංඝනය කරමින් උත්සවයක් පැවැත්වු බවට ලංකා ගුරු සංගමය ජනමාධ්‍ය ඇමැතිට චෝදනා කරයි. ලංකා ගුරු සංගමය පවසන පරිදි මහනුවර කෙංගල්ල මහා විද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකුට හා ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති අතර, අදාළ ගුරුවරිය මේ වන විටත් පැනිදෙනිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිට ඇත. එවැනි අවදානම් තත්වයක පවතින පාසලක පාසල් තූර්යවාදක කණ්ඩායම ද යොදවාගෙන ආරාධිතයන් 150 කට පාසලේ සංග්‍රහයක් ද සූදානම් කොට සමාජ දුරස්තභාවය ද ආරක්ෂා නොකරමින් සමස්ත පාසල් සිසුන් දැඩි අවදානමකට යොමුකොට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය…
Read More“භූමදානය කරන්න ඉඩ දෙනවා” අගමැති
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව තව දින දොළහකින් ජිනීවාහී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සමාලෝචනය කිරීමට නියමිතව තිබියදී, කොරෝනා වෛරස් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර දෙන බව ශ්‍රී ලංකාවේ අගමැතිවරයා පවසා තිබේ. “භුමදානය කරන්න ඉඩ දෙනවා.” අගමැති මහින්ද රාජපක්ෂ පෙබරවාරි 10 බදාදා පාර්ලිමේන්තුවේදී සදහන් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් විමසු පැනයකට පිළිතුරු ලෙසිනි. රජය විසින් තමන්ගේම කමිටු නිර්දේශ නොතකා හැරීම ගැන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය සිය කනස්සල්ල පළ කර දෙදිනක් ගත වන මොහොතේ අගමැතිවරයා ආණ්ඩුවේ ස්ථාවරය හෙළි කර තිබේ. ජලයෙන් කොරෝනා වෛරසය බෝ නොවන …
Read Moreකොවිඩ් සංඛ්‍යාලේඛන බොරුද?
දෛනිකව කොවිඩ් 19 සම්බන්ධව වාර්තාවක් නිකුත් වන්නේය. ඒ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් පසුව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද වාර්තාවය. මේ වාර්තාවට අනුව රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටි සංඛ්‍යාව, සුවය ලබා රෝහල් වලින් පිටව ගිය මුලු රෝගීන් ගණන, දැනට තහවුරු කරන ලද මුළු රෝගීන් ගණන, එම දිනයේ තහවුරු කරන ලද මරණ ගණන සහ තහවුරු කරන ලද මුළු මරණ ගණන ලෙස කොටස් කිහිපයකින් සමන්විතය. කොවිඩ් රැල්ල ආරම්භයේදී මෙන් නොව දැන් දැන් මේ වාර්තාවට අනුව රෝහල් ගතව සිටින රෝගීන් සංඛ්‍යව අඩු වෙමින් ඇත. ඊට සාපෙක්ෂව රෝහල් වලින් පිටව යන සංඛ්‍යාව…
Read More