ආණ්ඩුවේ “ගත වූ පැය 24 තුල දෛනික වාර්තා” බොරු! – PHI සංගමයේ සභාපති

මේ වන විට දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් ඇති බව රජය පැවසුවත් එය සත්‍ය නොවන බවත් මේ වාර්තා වන රෝගීන් අඩුවීමක් පෙන්නුම් කරන්නේ  රට තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය වීමක් නිසා නොව දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව අඩුවීම නිසා යැයි  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ගත වූ පැය 24 තුල දෛනකව වාර්තා වන  රෝගීන් ප්‍රමාණය කියා අපට සංඛ්‍යාලේඛන පෙන්නුවද ඒවා සැබවින්ම ගත වූ පැය 24 දත්ත නොවන බවත් සාමාන්‍යයෙන් PCR පරීක්ෂණ දින 3-10 දක්වා කාලයක් ආපස්සට ගිය ඒවා බවද ඔහු පෙන්වා දෙයි.

පසුගිය ආසන්නම දින තුනේ PCR පරීක්ෂණ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල තාවකාලිකව නවතා තිබු බවත් ඊට හේතු වුයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එන්නත්කරණ වැඩසටහනේ යෙදිලා තිබුණු නිසා බවද ඒ මහතා පවසයි. නමුත් පහුගිය දින කිහිපයේ ගම්පහ දිස්ත්‍රික්කයේ 100 ආසන්නයේ රෝගීන් වාර්තා වූ ආකාරය ජාතික මට්ටමේ දත්තවල තිබු බවත් ඒ වාර්තා වෙන්නෙ රෝහල්වලට ගිහිල්ලා කරපු PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් පොසිටිව් වෙච්ච කොටස් බවද උපුල් රෝහණ මහතා පෙන්වා දුන්නේය.

පසුගිය සතියේ විතර රෝගීන් 1000 ආසන්නට ආසාදිතයින් ගිය නමුත්  අනිත් පැත්තෙන්  ආසන්නම දින ටිකේ 500 ආසන්නයට රෝගීන් විචලනය වන ආකාරය දුටු බවත්  ප්‍රධාන කාරණා දෙකක් මත මේ ආසාදිතයින් සංඛ්‍යාව තීරණය වන්නේ යැයිද අවධාරණය කරන ඔහු පවසන්නේ  පළවෙනි දේ වන්නේ අපි කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව බව ද සිහිපත් කර සිටියේය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (23) ජාඇල ප්‍රදේශයේ පැවති වැඩසටහනකදීය.

Social Sharing
නවතම