මුස්ලිම් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්!

කොරෝනා වයිරසය වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ මඩකළපුව ඔට්ටමාවඩි කොරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් මජීමා නගරයේ සැලසුම් කරන ලද ඉඩමක් භූමදානය සඳහා තෝරාගෙන ඇත.

සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා ප්‍රදේශයේ වගකිව යුතු නිළධාරීන් පැමිණ මෙම භූමිය නිරීක්ෂණය කර කොරෝනා මරණ භූමදානය සඳහා එම ඉඩම සුදුසු බව තහවුරු කළ කර තිබේ.

කොරෝනා මරණ සඳහා තෝරා ගෙන ඇති භූමිය අක්කර දෙකක පමණ වන භූමියකි. එය ගංවතුර හා දැඩි වර්ෂා කාල වලදී මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ හෙවත් ජනසා භූමදානය සඳහාම වෙන් කර තිබුණු භූමි ප්‍රදේශයක් වේ.

Social Sharing
නවතම