-අජිත් පැරකුම් ජයසිංහ- පරිභෝජනයයි, අධි පරිභෝජනයයි අතර වෙනස බුද්ධිමත් ලෙස සලකුණු කරගන්නෙ නැතුව පරිභෝජනවාදය හඳුනාගන්න බැහැ. මම නම් පාරිභෝජනවාදය කියන්නෙ ලෝකයේ හෝ රාජ්‍යයක ඉඳන් පුද්ගලයා දක්වාම තමන්ගේ ආර්ථිකයට, භෞතික තත්වයන්ට හා මානසිකත්වයට දරාගත නොහැකි අන්දමින් පරිභෝජනය කරන එක. එතනදී පාරිභෝජනවාදය හඳුනාගන්නට වෙන්නෙ කේස් බයි කේස්. ඒ කියන්නෙ පුද්ගලයාගෙන් පුද්ගලයාට. පාරිභෝජනවාදයේ සීමාවෙන් පරිභෝජනය නවත්වාගැනීම සිදුකළ හැකි පුද්ගලයකු නිර්මාණය කරගැනීම තමයි මම නම් ඒ හා සම්බන්ධ විප්ලවය විදියට දකින්නෙ. වෙළඳපොළ හා වෙනත් බලවේග විසින් පාරිභෝජනවාදය ප්‍රවර්ධනය කරනවා. ඒක ගැටලුවක් නෙමෙයි. බ්‍රෑන්ඩඩ් නිෂ්පාදන හා සේවා අවශ්‍යයි. හැකි අය ඉහළ මට්ටමෙන් පරිභෝජනය කිරීම මුදල්…
Read MoreTag: Basil Rajapaksa
ශ්‍රේෂ්ඨාධිකරණය, ධම්මිකට එරෙහි පෙත්සම් වීසිකරයි
ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් පහක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල බහුතර මතයෙන් තීන්දු කරනු ලැබුවා. මෙම පෙත්සම් සලකා බැලීම අද දෙවන දිනටත් ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අනිල් ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදුකෙරුණි. කරුණු සලකා බැලීමකින් අනතුරුව සිය තීරණය ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා නිවේදනය කළේ අදාළ පෙත්සම් සියල්ල ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත විභාගය සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය…
Read Moreධම්මිකට පාර්ලිමේන්තු එන්න බෑ,.. “විකල්ප” උසාවි යයි
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මූලික අයිතිවාසියකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨධිකරණයේ ගොනුකරනු ලැබ ඇත. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති. එම පෙත්සමේ මෙසේ සඳහන් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වූ අවස්ථාවේදී එම පුරප්පාඩුවට පත්කළ යුතු පුද්ගලයකු ඊට හිමිකම් ලබන්නේ අදාල දේශපාලන පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වූවකු හෝ නාමයෝජනා ඉදිපත්කළ අයකු හෝ ජාතික ලැයිස්තුවේ…
Read Moreධම්මික : රාජපක්ෂලාගේ ගැළවුම්කරු
– කේ. සංජීව – අද ජුනි 09 වෙනිදා. මැයි 09 සහාසික ප්‍රහාරය සහ ඊට පසුව රටතුළ උද්ගත වුණ ප්‍රතිප්‍රචණ්ඩත්වයට අදට මාසයක්. මේ මාසය ගතවීම නිමිත්තෙන් අද ගෝල්ෆේස් අරගල භූමියේ වගේම තැන තැන අනුස්මරණ උත්සව හමුවීම් තිබෙන බව වාර්තා වෙනවා. ඒ අස්සේ වාර්තා වෙන තව දෙයක් තමයි අද නිළ වශයෙන් බැසිල් රෝහණ රාජපක්ෂ දේශපාලනයෙන් සමුගන්නවා, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සමුගන්නවා කියන දේ. බැසිල් රෝහණ රාජපක්ෂ සිය පාක්ෂිකයන්ට අද විශේෂ මාධ්‍ය හමුවක් තියලා එම තීරණය ප්‍රකාශ කරන්න නියමිතයි කියලා ආරංචි වෙනවා. මේ සමුගැන්මට මොකද්ද හේතුව කියලා අහනකොට ඔහු තමන්ගේ සමීපතම පුද්ගලයන්ට ප්‍රකාශ කරලා…
Read Moreද්විත්ව පුරවැසියාගේ උප්පරවැට්ටි වලට පොහොට්ටු මන්ත්‍රීලා අහුවෙයිද?
“බැසිල් ජනාධිපති වුණොත් රටම ඉවරයි” – විජයදාස රාජපක්ෂ
කේ.එල්. සුරවීර – මහනුවර 21 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ද නැතහොත් ව්‍යවස්ථාව විශාල සංශෝධනයකට ලක්කරන්නේ ද යන කාරණය ජනතාව සමග සාකච්ඡා කර ගත යුතු බව මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහා සංඝරත්නයේ මතය බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි. ආණ්ඩුවේ මතය ද මෙය බව ත් මුලින් යෝජිත 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම වැදගත් බව ත් ඒ මහතා කීය. මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ සුමංගල නාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාවේ හිමිවරු කිහිපනමක් සමග කළ සාකච්ඡාවකින් පසු පසුගිය දා පස්වරුවේ රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ අදහස්…
Read Moreරාජපක්ෂලා රුවන්වැලි සෑයෙන් කෝටි 15,000ක මැණික් සොරකම් කලා.
මාධ්‍යවේදී චමුදිත සමඟ යූ ටියුබ් චැනලය ඔස්සේ සිදුකළ සාකච්ජාවකදී ආචාර්ය අනුජ ජයසිංහ මහතා විසින් රාජපක්ෂලා විසින් රුවන්මැලි මහා සෑය තුළ සිදුකල මහා පරිමාණ මංකොල්ලයක් පිළිබඳව අනාවරණයක් සිදුකරන ලදී. එහිදී ඒ මහතා පවසා සිටියේ රුවන්වැලි මහා සෑය බාරව සිටින හාමුදුරුවන්ද එකතුව රාජපක්ෂලා විසින් කෝටි 15,000ක මැණික් සොරකම් කළ බවයි. එමෙන්ම බුරුමයෙන් නොමිලේ දෙන බව පැවසූ චූඩා මාණික්‍ය එපා කියා සිංගප්පූරුවෙන් වීදුරු ගලක් ගෙනැවිත් සවි කර ඇතැයිද ඔහු පැවසීය. තමන් පවසන්නේ අසත්‍ය නම් රහස් පොලිසියේ පරීක්ෂණ පවත්වන ලෙසත් චූඩා මාණික්‍ය පිළිබඳ පරීක්ෂණ කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි. උපුටාගැනීම : නිව්ස්පීඩියා
Read More21ට බැසිල්ගෙන් බාල්දියක්..!
19 වැනි සංශෝධනය සංශෝධන සහිතව 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස අද (23) දා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කලින් ප්‍රකාශ වුණත් එම සංශෝධනය, බැසිල් රාජපක්ෂ නිසා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීම තවදුරටත් ප්‍රමාදවෙන බව දැනගන්නට ලැබේ. මෙම සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය 22 දිනයේදී ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් පැවතී ඇති අතර එහිදී මෙම සංශෝධනය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇත. මෙම නව තත්ත්වයට හේතුව බැසිල් රාජපක්ෂ බව දැනගන්නට ලැබෙන අතර ඔහු මෙම නව සංශෝධනය සඳහා එතරම් කැමත්තක් නොදක්වන බව වාර්තා වෙයි.…
Read Moreජනතාවාදියෙකුගේ ජන හතුරෙක් දක්වා ගමන
[මහින්ද රාජපක්ෂගේ දේශපාලන ශේෂ පත්‍රය] ඒ හැත්තෑවේ දශකයේ ආරම්භයයි. අපි නව යොවුන්වියේ හිටියේ. රජයේ රැකියා හිඟ දේශපාලකයන් එකල “රෙස්ට් හවුස් පත්විම් හෙවත් තානායම්වලදී තරුණියන්ට රැකියා සඳහා සම්මුඛ පරික්ෂණ පැවත්වීම බොහෝම ප්‍රසිද්ධ පිළිගත් ක්‍රමයක්ව පැවතුනා. මෙසේ රැකියා දෙන මංත්‍රිවරුන් අතරේ එකල බෙලිඅත්තේ තරුණ මංත්රිවරයාවූ මහින්ද රාජපක්ෂගේ නම ද ඇමිණී තිබුනා. එවකට අගමැතිවරියවු සිරිමා බණ්ඩාරනායකගේ තරුණ පුත්‍රයා වූ අනුර බණ්ඩාරනායක හා මහින්දගේ බරපතල මිතුරුකම නිසා මේ දෙදෙනාගේම නම් එකටයි කියවුනේ. මෑතකදී ගාමිණි [මුතුකුමාරණ] සමඟ කෙරුණු කතාබහක දී මේයට අපුරු සාක්ෂියක් එකතු වුණා. තිස්ස, දෙබරවැව උපන් ගාමිණි දිගු කලක් හම්බන්තොට ජවිපේ ක්‍රියාකාරිකයෙකුව සිටිද්දී…
Read More“මම අයින් වෙන්නේ නෑ” ජනාධිපති සජබට කියලා.
තමන් ඉල්ලා අස් නොවෙන බවත් ධුරයේ කටයුතු කිරීම සඳහා තමන්ට ජනවරමක් හිමිව ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. ඊයේ (11) ජනාධිපතිවරයා සහ සජබ මන්ත්‍රීවරුන් දෙපලක් අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබඳව මෙම අදහස ප්‍රකාශ කර ඇත.
Read More