මහින්ද, බැසිල්, කබ්‍රාල් ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කළ යුතුයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ භාණ්ඩාගාරයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල යනඅය හෙට දිනය දක්වා අධිකරණයෙන් පිටව නොයන බව ඔවුන්ගේ නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා තිබේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය සහ තවත් පාර්ශවකරුවන් තිදෙනෙකු විසින් ගොනු කරන ලද මෝසමක්මගින් නඩු විභාග වන කාලය තුළ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු වගඋත්තරකරුවන් 6 දෙනෙකුගේ විදේශගමන් සීමා කරන ලෙස ඉල්ලා තිබේ.

  • ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය
  • චන්ද්‍රා ජයරත්න
  • ජෙහාන් කනගරත්න
  • ජූලියන් බෝලිං

යන අය විසින් අදාළ පෙත්සම ගොනු කර ඇති අතර, එම පෙත්සම්කරුවන් කියා සිටින්නේ; ශ්‍රී ලංකාවේ

  • විදේශ ණය තිරසාර සහ සඵලදායි නොවන කටයුතු සඳහා ලබාගැනීම සහ එම ණය කාර්යක්ෂම ලෙස කළමනාකරණයනොකිරීම
  • විදේශ ණය ආපසු ගෙවීමේ දැඩි පැහැර හැරීම සහ රටේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය සඳහා පෙත්සමේ නම් කර ඇතිවගඋත්තරකරුවන් සෘජුවම වගකිව යුතු බවයි.

අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් සීමා කරමින් මීට පෙර අධිකරණ නියෝග දෙකක් ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටිනීතීඥවරයා අධිකරණයට දන්වා සිටි බව අද දින අධිකරණ ක්‍රියාදාමයන් පිළිබඳ යාවත්කාලීනයක් ලබාදෙමින් ට්‍රාන්ස්පේරන්සිඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීමේ කිසිදු අදහසක් කබ්රාල්ට නොමැති බවද ඔවුන් වැඩිදුරටත් කරුණුදක්වා තිබේ.

මෙම මෝසම ඉදිරිපත් කිරීමෙන් පසුව , සඳුදා රාත්‍රියේ බැසිල් රාජපක්ෂ රටින් පිටවීමට උත්සාහ කළ බව පෙත්සම්කාරපාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දන්වා තිබේ.

පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා අධිකරණය වෙත පෙන්වා දුන්නේ විදෙස් ගමන් සීමා පනවන ලෙස ඉල්ලමින් සිටියදී වගඋත්තරකරුවන් රටින් පිටව ගියහොත් පෙත්සම්කරුවන් නඩුවෙන් සාර්ථක වුවද ඔවුන්ට ඉතිරි වන්නේහිස් කොළ කැබැල්ලක්පමණක් බවය. අධිකරණය විදෙස් ගමන් තහනම් නියෝගයක් පැනවුවද, වගඋත්තරකරුවන් වන විට රටින් පිටව ගොස් තිබියහැකි බව ඔවුහු තර්ක කරති.

ඇඳිරි නීතිය හේතුවෙන් හෙට (15) මධ්‍යම රාත්‍රිය දක්වා වගඋත්තරකරුවන් තිදෙනාම රටින් පිටව නොයන බව මහින්ද, බැසිල්සහ ආටිගලගේ නීතීඥවරු අධිකරණයට දන්වා සිටියහ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ප්‍රකාශ කළේ මෙම පෙත්සම හෙට යළි විභාගයට ගන්නා බවය.

(නිව්ස් පීඩියා)

Social Sharing
නවතම