ජොනී, නාමල්, ඇතුළු පිරිසකට ඇමැතිකම් දෙන්නැයි බැසිල්ගෙන් ඉල්ලයි!

පොදුජන පෙරමුණෙහි දිස්ත්‍රික් නායකයන් ඇතුළු පිරිසකට කැබිනට් අමාත්‍ය ධුර ලබාගැනීමට පක්ෂයේ ජාතික සංවිධායක බැසිල්රාජපක්ෂ ඉල්ලීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාදීම තාවකාලිකව කල්දමා ඇති බැවින් නව කැබිනට් මණ්ඩලය පත්කිරීමතවදුරටත් කල්යනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

සමගි ජන බලවේගය හා හා සම්බන්ධ මන්ත්‍රීවරුන්ගෙන් මතුව ඇති විරෝධතාව මීට හේතුවී ඇති බව පෙන්වා දී ඇති එමප්‍රකාශකයා සඳහා යම් විසඳුමක් ලබාගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණුඅභ්‍යන්තරය විශ්වාස කරන බවද පවසා සිටියේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රාදේවි වන්නිආරච්චි ඇතුළු ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසකට, පත් කිරීමට නියමිත නව කැබිනට් මන්ඩලයේ අමාත්‍ය ධුර ලබාදෙනලෙසට බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර, ඊට සමගි ජන බලවේගය හා හා එක්ව කටයුතු කරනමන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කර තිබිණි.

Social Sharing
නවතම