රනිල් අස්වෙන්න ඕනෑ – ධම්මික පෙරේරා

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ මෑතකදී දිවුරුම් දුන් ව්‍යාපාරික ධම්මික පෙරේරා, ඩොලර් ප්‍රශ්නය විසඳීමට රනිල් වික්‍රමසිංහ හට කිසිඳු සැළසුමක් නොමැති බැවින් ඔහු වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතුයැයි ප්‍රකාශ කර ඇත.

මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන ‘මව්රට වෙබ් අඩවිය’ ප්‍රකාශ කරන්නේ ලංකාවේ මතුව ඇති අර්බූදයේ සියලු කොටස් ඩොලර් අර්බූදය සමග ගැටගැසී ඇති බැවින් එම අර්බූදය විසඳිය නොහැකි මුදල් ඇමැතිවරයකු රට තුළ සිටීම භයානක තත්ත්වයක් බව ධම්මික පෙරේරා ප්‍රකාශ කළ බවය.

රනිල් වික්‍රමසිංහ හට මුදල් අමාත්‍යවරයා වශයෙන් රටට ඩොලර් ගෙන ඒම සඳහා කිසිඳු සැලැස්මක් නොමැති බව තහවුරුවී ඇති බව ද දැනුවත්ව හෝ නොදැනුවත්ව රටට ඩොලර් ලබා ගැනීම සඳහා අනෙකුත් අංශ මගින් සිදුකරන සියලු සැලසුම් මුදල් අමාත්‍යවරයා විසින් හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බවටද හෙතෙම වැඩිදුරටත් පැවසූ බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි.

Social Sharing
නවතම පුවත්