ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළ ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් කාර්යාලය ලබන 31 වැනිදා සිට වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ . මේ අනුව, ඉරාකය සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පවත්වාගෙන යාම ඩුබායි හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයටත්, නෝර්වේ සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර කොන්සල් ජනරාල් කාර්යාටත්,…
Read MoreTag: විදේශ කටයුතු ඇමති
චන්ද්‍රිකා අත්සන් කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙස ඉල්ලා බල කෙරෙන දීප ව්‍යාප්ත පෙත්සමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අත්සන් තබා ඇත. ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) තරුණ පෙරමුණ සංවිධානය කරන ත්‍රස්ත පනත අහෝසි කිරීමට ආණ්ඩුවට බල කෙරෙන මෙම මහජන පෙත්සම අත්සන් කිරීමේ ව්‍යාපාරය මේවනවිට විශාල ජනප්‍රියතාවයක් අත් කරගෙන ඇති අතර චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියද සිය නිවසේදී මෙම පෙත්සමට අත්සන් තබා ඇත. මීට අමතරව හිටපු විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් ද මෙම මහජන පෙත්සමට පසුගිය 18 දා සිය නිවසේදී අත්සන් තැබුවේය. මුලතිව් මාධ්‍ය සමාජයෙන් පෙබරවාරි 03 වැනිදා ඇරඹි…
Read MorePTA සංශෝධන වලට ජාත්‍යන්තරය රැවටෙනු එපා!
PTA සංශෝධනය ජනතාව වෙනුවෙන්ද?
1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) යනු ශ්‍රී ලංකාවේ ජනතාවගේ සිවිල් නිදහස පුළුල් ලෙස පරිහානියට හේතු පාදක වූ භයානක නීතියකි. එහි විධිවිධාන තුළින් සෘජුවම බලපෑමට ලක් වූ පුද්ගලයින්ට මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් ඉලක්කකර ඇති විශේෂිත ප්රජාවන්ටද එකී නීතිය මඟින් හානි සිදුවී ඇත. එපමණක් නොව, එය සියළු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ නිදහස පිළිබඳ සුරක්ෂිතතාව අවතක්සේරුවට ලක්කර ඇත. එය තාවකාලිකව බලපැවැත්වෙන නීතියක් ලෙස එවක භාවිත කිරීමට අදහස් කරන ලද අතර, එකී නීතිය සම්මත කරන ලද්දේද ප්රශ්නකාරී තත්ත්වයක් තුළය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ප්‍රතිපාදන එහි අඩංගු බව පිළිගනිමින් එය…
Read Moreඅම්බිකාගේ ප්‍රකාශය නිවැරදි බව විදේශ කටයුතු අමාත්‍යංශය නැවත වරක් ඔප්පු කළා | Ruki Fernando
අම්බිකා ගැන විදේශ අමත්‍යංශයේ ප්‍රථිචාර සිවිල් සංවිධාන හෙලා දකී
අම්බිකා සත්කුනනාදන් මහත්මිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිචාරය හෙලාදකිමින්, සිවිල් ක්‍රියාකාරීන් 161, සංවිධාන 47ක් සහයෝගීතා ප්රකාශනයක් නිකුත් කළේය. සම්පූර්ණ ප්රකාශනය මානව හිමිකම් පිළිබඳ නීතීඥවරියක, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියක සහ නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය වන අම්බිකා සත්කුනනාදන් මහත්මිය විසින් 2022 ජනවාරි 27 වැනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන අනුකමිටුවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් 2022 පෙබරවාරි 4 වැනි දින විදේශ අමාත්‍යාංශයෙහි ප්‍රතිචාරය පිළිබඳව මෙහි පහත අත්සන්කර ඇති සිවිල් සමාජ සාමාජිකයින් සහ සංවිධාන දැඩි කනස්සල්ල ප්‍රකාශකර සිටින්නෙමු. සත්කුනනාදන් මහත්මිය විසින් ස්වකීය…
Read Moreජිනීවා යන්න කළින් ගෝඨා ටීඑන්ඒ ළඟට.
ජිනීවා මානව හිමිකම් සමුළුව ඇරඹීමට ප්‍රථම දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ජා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජී එල් පීරිස් ප්‍රකාශ කර ඇත. ‘ඉන්දියාවට ලියුම් යැවීමට අවශ්‍ය නැහැ. අපේ ප්‍රශ්න රට තුළ විසඳාගන්න පුළුවන්. ඒකට හොඳම මාර්ගය ජනාධිපති, අගමැති සමග හා පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කර ප්‍රශ්න නිරාකරණය කර ගැනීම. දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති අතර සාකච්ජා හමුවක් ඉතා ඉක්මනින් පවත්වන්න අපි අපේක්ෂා කරනවා’ යැයි විදේශ ඇමැති ජී.ඇල් පීරිස් පසුගිය 30 යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රදේශයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලෙස පැවසීය.…
Read Moreඔවුන්ගේ ඉරණම වෙනස් කරමු! | migrant workers | House maids
විදේශ රැකියා ඒජන්සියකට කස්ටර්මර්ස්ලා ඉන්න විදිහක් නෑ
(රටවිරු පදනමේ මහ ලේකම් විජය උඳුපිටිය) ගෘහ සේවිකාවක් ගෙන්න ගන්න සෞදි අරාබිය ලක්ෂ 24ක් වැය කරනවා. ඒ ලක්ෂ 24න් ලක්ෂ 5ක විතර මුදලක් වැයකරනවා එයා රජයෙන් බලපත්‍රයක් ගන්න ගෘහ සේවිකාවක් ගෙන්වා ගන්න වැඩ කිරීම සඳහා. එයා ඒ රටේ ඒජන්ත කෙනෙක් අනිවාර්යයෙන් සම්බන්ධ කරගන්න ඕනී, ඒ ඒජන්තවරයාත් ලක්ෂ 4ක විතර මුදලක් අයකරනවා ගෘහ සේවිකාවක් සොයලා දෙන්න. ඊටපස්සේ ලංකාවේ එජන්ත කෙනෙක් අනිවාර්යයෙන් සම්බන්ධවෙන්න ඕනෑ, එතකොට එයාට එවනවා ලක්ෂ 10කට ආසන්න මුදලක්. එව්වාම මේ ඒජන්තයා මොකද කරන්නේ, මේ ගෘහ සේවිකාව ගමට ගිහිල්ලා සොයා ගැනීම සඳහා තවත් අතරමැදියෙක්ගේ උදව් පතනවා. පත්තර සහ ටෙලිවිෂන් දැන්වීම්…
Read Moreරට විරුවන්ගේ කඳුළු මිටියාවත!
රැකියාවන් සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ගෙන් 50% කට වැඩි පිරිසක් නැවත ලංකාවට පැමිණිමෙන් පසු පරණ පුරුදු ජීවිතයටම යොමු වන බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. මෙයින් තහවුරු වන්නේ විදේශගත වුවද ඔවුන් නිසි ඵලදායිතාවයක් ලබා නොමැති බවය. සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ හඬ ( voice of migration ) සංවිධානය විසින් ලංකාවේ සිදු කල සමික්ෂණයකදී මේ බව හෙළිව ඇත. ඔවුන් මෙම සමීක්ෂණය කිරිමේ අරමුණ වුයේ විදෙස්ගත වන පුද්ගලයින්ගේ සුබ සාධනය, ගැටලු, මානසික තත්ත්වයන් පිලිබඳ ආදී කරුණු කෙරෙහි රජයේ අවධානය යොමු කරවමින් ඔවුන්ට සහන සලසා දීමය. ගත වු දෙවසරක කාලය දෙස හැරී බැලීමේදි මුළු ලෝකවාසී ජනතාවටම සිදු…
Read More