PTA සංශෝධනය ජනතාව වෙනුවෙන්ද?

1979 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) යනු ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ සිවිල් නිදහස පුළුල් ලෙස පරිහානියට හේතු පාදක වූ භයානක නීතියකි. එහි විධිවිධාන තුළින් සෘජුවම බලපෑමට ලක් වූ පුද්ගලයින්ට මෙන්ම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් ඉලක්කකර ඇති විශේෂිත ප‍්‍රජාවන්ටද එකී නීතිය මඟින් හානි සිදුවී ඇත. එපමණක් නොව, එය සියළු ශ‍්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ නිදහස පිළිබඳ සුරක්ෂිතතාව අවතක්සේරුවට ලක්කර ඇත.

එය තාවකාලිකව බලපැවැත්වෙන නීතියක් ලෙස එවක භාවිත කිරීමට අදහස් කරන ලද අතර, එකී නීතිය සම්මත කරන ලද්දේද ප‍්‍රශ්නකාරී තත්ත්වයක් තුළය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි ප‍්‍රතිපාදන එහි අඩංගු බව පිළිගනිමින් එය පාර්ලිමේන්තුවේ 2/3ක වැඩි ඡුන්දයෙන් සම්මත කිරීමට එකල කැබිනට් මණ්ඩලය තීරණය කළේය. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙරට තුළ වසර 40කට වැඩි කාලයක් බලාත්මකව පවතින අතර එය ප‍්‍රතිසංස්කරණය කිරීම සහ අවලංගු කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නොයෙකුත් ඉල්ලීම් ඉදිරිපත්කර ඇත.

වර්ෂ 1979 අංක 48 දරන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා වර්ෂ 2022 ජනවාරි 27 වැනි දින ගැසට් කරන ලද පනත් කෙටුම්පත, එහි භයානකම සහ ඓතිහාසික වශයෙන් අනිසි ලෙස භාවිතයට ලක් වූ විධිවිධානවලට විසඳුම් සෙවීමේ සැබෑ උත්සාහයක් විය යුතුව තිබුණි. කෙසේ නමුදු, ඉතා කණගාටුදායක කරුණ වන්්නේ, මෙකී සංශෝධන පනත් කෙටුම්පතෙහි අන්තර්ගතය මූලික කියවීමේදීම පිළිබිඹු වන්නේ යෝජිත අවම ප‍්‍රතිසංස්කරණ මඟින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් හඳුනාගත් වැදගත්ම ගැට ̈ විසඳීමට අපොහොසත්වී ඇති බවයි. ඇත්ත වශයෙන්ම, මෙකී ප‍්‍රතිසංස්කරණ මඟින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් ඇති පහතින් සඳහන් කෙරෙන ප‍්‍රධාන ගැට ̈ හතරෙන් එකක්වත් ආමන්ත‍්‍රණය නොකෙරෙන බව පැහැදිලිය:

  1. ත‍්‍රස්තවාදයේ නිර්වචනය: ත‍්‍රස්තවාදය පිළිබඳ නිර්වචනයේ සංශෝධනයක් මෙකී සංශෝධිත යෝජනාවලට ඇතුළත් නොවන අතර, එය අවශ්‍ය ප‍්‍රමාණයට වඩා පුළුල් මෙන්ම අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ නීතිය අනිසි ලෙස භාවිත කිරීමේ අවස්ථා රාශියකට මඟ පාදාදී ඇත.
  2. අධිකරණමය අධීක්ෂණයක් නොමැතිකම: යෝජිත පනත් කෙටුම්පත මඟින් අත්අඩංගුවට ගැනීමේ සහ රඳවා තබාගැනීමේ බලතල පළමු අවස්ථාවේදී අධිකරණ විමර්ශනයට, විශේෂයෙන්ම මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියේ, යටත්වන බවට සහතික නොවේ. අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබාගැනීම වැළැක්වීම තහවුරු කිරීම සඳහා මහේස්ත‍්‍රාත්වරයාගේ කාර්යභාරය පැහැදිලි ලෙස පෙන්වාදී නොමැත.
  3. පාපොච්චාරණ: සැකකරුවන්ගෙන් පාපොච්චාරණ ලබාගැනීම පිණිස වධහිංසා පැමිණවීමට ආවරණයක් ලබාදෙන ඉතා මතභේදාත්මක විධිවිධාන, එනම් 16 වගන්තිය, සංශෝධනයට ලක්කිරීම මෙමඟින් ආමන්ත‍්‍රණයකර නොමැත. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමඟ වධහිංසා පැමිණවීම ඉතා සමීපවීමට මෙම වගන්තිය ඉවහල්වේ.
  4. පුද්ගලයෙකුගේ ශාරීරික නිදහසේ මූලික වටිනාකම හඳුනාගැනීමට අපොහොසත් වීම: නිදහස අත්තනෝමතික ලෙස අහිමි කිරීම තහනම් කිරීම ජාත්‍යන්තර චාරිත‍්‍රානුකූල නීති තත්ත්වය ඔස්සේ අත්පත්කරගෙන ඇති අතර, එමඟින් එකී අයිතිවාසිකම බලගතු නීති සම්මතයකි. (a jus cogens norm). එකී නිදහස සම්බන්ධයෙන් වන ́නෑම කප්පාදුවක් අත්තනෝමතික නොවන අයුරින් සිදු කරනු ලබන බව පෙන්නුම් කළ යුතුය – එනම්, එවන් තත්ත්වයක් සඳහා හේතු දැක්විය යුතු අතර, එය පවතින තත්ත්වයන්ට ගැලපෙන අයුරින් සමානුපාතික විය යුතුය. නඩු විභාගයකින් තොරව මාස 12ක් රඳවා තබාගැනීමෙන් පසු ඇප ඉල්ලා සිටීමට අයිතියක් හඳුන්වාදීම යන්නෙන් අදහස් කරන්නේ, ඇප දීමට තරම් ප‍්‍රමාණවත් හේතු පවතින බව පෙන්වාදීම සඳහා විනිසුරුවරයෙකු ඉදිරියේ නඩුවක් පැවරීමට එවැනි පුද්ගලයෙකුට හැකියාවක් නොමැතිව, අවම වශයෙන් මාස 12ක කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ හෝ රඳවා තබාගැනීමේ හැකියාවයි. යම් ආකාරයකින් එක් දිනක් හෝ රඳවා තබාගැනීම යනු මූලික නිදහසක් බරපතල ලෙස උල්ලංගනය කිරීමක් වන අතර, මෙම සංශෝධනයන් සමස්තයක් ලෙස විමසා බැලීමේදී, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගෙන ඇති කිසිදු තත්ත්වයක් යටතේ උල්ලංගනය කළ නොහැකි අයිතිවාසිකම කෙරෙහි සැලකිල්ලක් නොදක්වන බව පෙනීයයි.

ඉදිරිපත්කර ඇති සංශෝධනයෙහි සැබෑ සංශෝධනවලින් බහුතරයක් හුදෙක් මතුපිටින් පෙනෙන ඒවා වන අතර, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි ක‍්‍රිකාකාරීත්වයට යටත්වන පුද්ගලයින් සඳහා සැබෑ ලෝකයේ යථාර්තවාදී අර්ථයක් ජනිත නොකිරීම ඉතා කණගාටුවට කරුණකි. පහත දැක්වෙන පරිදි, යෝජිත සංශෝධන බොහෝ විට ප‍්‍රායෝගික නොවන අතර, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සම්බන්ධයෙන් ගත්කල ඉන් උද්ගත විය හැකි හානි වැළැක්වීම මෙකී සංශෝධනයන් මඟින් අපේක්ෂා කළ නොහැකිය.

යෝජිත සංශෝධනය: 3 වැනි වගන්තිය – මහේස්ත‍්‍රාත්වරයාට රැඳවුම් ස්ථානවලට ගොස් සැකකරුවන්ගේ යහපැවැත්ම සහ සුබසාධනය සහ රැඳවුම් කොන්දේසි පිළිබඳව සොයාබැලීමේ වගකීමක් ඇත.

සටහන: ප‍්‍රායෝගිකව මහේස්ත‍්‍රාත්වරුන්ට දැනට ඔවුන්ගේ කාර්යයන් පවතින පරිදි ඵලදායි ලෙස බන්ධනාගාර අධීක්ෂණය කිරීමට නොහැකි බැවින්, මෙම සංශෝධනයේ සැබෑ ප‍්‍රායෝගික වටිනාකමක් නොමැති බව සඳහන් කළ යුතුය. කෙසේවෙතත්, අධ්‍යනයන්ගෙන් සහ අත්දැකීමෙන් කරුණු විමසා බැලීමේදී, විශේෂයෙන් යම් තැනැත්තෙකුව අදාල ව්‍යුහය තුළ අඛණ්ඩව අත්අඩංගුවේ තබාගැනීමට ඉඩ ප‍්‍රස්ථාව තිබේ නම්, එවන් පුද්ගලයෙකු එහි පවතින වධහිංසා පැමිණවීම, අවමන් සහගත ලෙස සැලකීම හෝ රඳවා තබාගැනීමේ තත්ත්වයන්හි පවතින අඩුලුහුඬුකම් ආදිය වාර්තා කරනු ඇතැයි අපට සිතිය නොහැකිය.

යෝජිත සංශෝධනය: 3 වැනි වගන්තිය – රැඳවුම් නියෝගයේ පිටපතක් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත භාරදීම කළ යුතු බව.

මෙය සුබවාදී සංශෝධනයක් ලෙස පෙනුනද, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ  ඕනෑම දුක්ගැනවිල්ලක් විසඳීම සම්බන්ධයෙන් හෝ දීර්ඝ කාලයක් රඳවා තබාගැනීමේ තර්ජනයක් පිළිබඳව අදාල සැකකරු සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රායෝගික වෙනසක් සිදු නොවේ.

යෝජිත සංශෝධනය: 4 සහ 12 වගන්ති – මූලික අයිතිවාසිකම් අයදුම්පත් සහ රිට් අයදුම්පත්වල දක්වා ඇති ඕනෑම විධානයන් සහ රැඳවුම් නියෝග අභියෝගයට ලක්කිරීමට සැකකරුවන්ට අවසර ඇත.

මේ යටතේ සඳහන්කර ඇති අධිකරණ විධිවිධානයන්ද ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අදාල රැඳවියන්ට දැනටමත් ප‍්‍රවේශ විය හැකි අතර, බොහෝවිට අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට ප‍්‍රවේශවීමට හැකියාව ඇති තැනැත්තන් විසින් වරින්වර එම විධිවිධාන හරහා අධිකරණය වෙත ප‍්‍රවේශවී ඇත.

මෙම සංශෝධනය ඔස්සේ නව නෛතික ආරක්ෂාවක් ලබානොදෙන අතර පවතින අයිතියක් ප‍්‍රකාශිතව පැහැදිලි කිරීමක් පමණක් මෙමඟින් සිදු කරයි. මීට අමතරව, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඞ් භාරයේ හෝ රැඳවුම් භාරයේ සිටින තැනැත්තන්ට ඵලදායී නීති ආධාර සැපයීමේ ක‍්‍රමයක් නොමැතිව, විශේෂයෙන් මෙම නීතියෙන් පීඩාවටපත් අසරණ පුද්ගලයින්ට මෙම ප‍්‍රතිපාදනයෙන් ඇත්තේ සීමිත ප‍්‍රායෝගික වටිනාකමකි.

යෝජිත සංශෝධනය: 5 වැනි වගන්තිය – සැකකරුවන් හෝ රැඳවියන් වෙත ප‍්‍රවේශවීමට නීතිඥයින්ට අයිතියක් ඇත. රිමාන්ඞ් භාරයේ හෝ රැඳවුම් භාරයේ සිටින පුද්ගලයන්ට ස්වකීය ඥාතීන් සමඟ සන්නිවේදනය කිරීමට අයිතියක් ඇත.

නැවතත් අවධාරණය කළ යුතු කරුණ වන්නේ, මෙකී විධිවිධානයන් ශ‍්‍රී ලංකා නීතිය යටතේ ප‍්‍රතිපත්තිමය වශයෙන් සැකකරුවන්ට සහ රැඳවියන්ට හිමි අයිතිවාසිකම් වේ. මෙම අයිතිවාසිකම් නීතියේ පැහැදිලිව සඳහන්කර තිබීම වඩා සුදුසු වන නමුදු, ඒවායෙහි සැබෑ වටිනාකම අනුව බලන කල, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් පීඩාවට පත්වූ පුද්ගලයින් ප‍්‍රායෝගිකව මුහුණදෙන බොහෝ සීමාවන් හඳුනාගැනීමට මෙම සංශෝධන මඟින් අපොහොසත්වී ඇත. නිදසුනක් වශයෙන්, සමහරක් රිමාන්ඞ් භාරයේ හෝ රැඳවුම් භාරයේ තබනු ලබන්නේ සැතපුම් සිය ගණනක් දුරින් පිහිටි ස්ථානයන්හි වන අතර ඒ හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ඔවුන්ව බැලීමට ඇති ඉඩ ප‍්‍රස්ථා විශාල වශයෙන් හීනවේ.

නීතීඥයින්ගේ ප‍්‍රවේශය සම්බන්ධයෙන් ගත් කල, බන්ධනාගාර නිලධාරීන් විසින් නීති උපදේශනයන් ලබාදෙන ස්ථානයන් අසල සිටීම හෝ නීති උපදේශනයන් ඇසෙන දුරින් සිටීම සම්බන්ධයෙන් නීතීඥයින් නැවත නැවතත් පැමිණිලිකර ඇත. ඉතා මෑතකාලීන අත්දැකීමකට අනුව, රිමාන්ඞ් භාරකරු සහ නීතිඥවරයා අතර හුවමාරු වූ ප‍්‍රශ්න සහ පිළිතුරු මෙහෙයවීමට පවා බන්ධනාගාර නිලධාරියා මැදිහත්වීමේ තත්ත්වයක් උද්ගතවී තිබුණි.

එබැවින්, සන්නිවේදනයේ රහස්‍යභාවයේ අවශ්‍යතාව තහවුරු නොකර, නීතීඥවරයෙකු වෙත ප‍්‍රවේශවීම වැනි හුදු අයිතියක් පිළිබඳ කරුණු ඉස්මතු කිරීමේ යෝජනාවේ විශේෂිත අර්ථයක් නොමැත.

යෝජිත සංශෝධනය: 6 වැනි වගන්තිය – ගමන්බිමන් යාමේ ඊමේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස සහ භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස වැනි විවිධ සිවිල් නිදහස සීමා කරමින්, අමාත්‍යවරයා විසින් නිකුත් කිරීමට නියමිත සීමාකිරීම් නියෝගවලට අදාල 11 වැනි වගන්තිය මඟින් පීඩාවට පත්වූවන් සඳහා වධහිංසා පැමිණවීම් පිළිබඳ පැමිණිලි අධීක්ෂණය සම්බන්ධ විධිවිධාන ඇතුළත්කර ඇත.

මූලික වශයෙන්, 11 වන වගන්තිය වූ කලී විධායක ක‍්‍රියාවක් ලෙස සිදු කරන ලද සීමාකිරීම් නියෝගවලට සම්බන්ධ වන අතර අධිකරණ නියෝගයක් හා සම්බන්ධ නොවේ. ඒ අන්දමින් මූලික නිදහසේ එවැනි බරපතල සීමාකිරීම් අධිකරණ පරීක්ෂාව යටතට ගෙනඒම සඳහා කිසිදු ප‍්‍රතිසංස්කරණයක් මෙම සංශෝධනය ඔස්සේ යෝජනාකර නොමැත. ඒ අනුව, 11 වැනි වගන්තිය මඟින් පීඩාවට පත්වූ පුද්ගලයන්ට අදාල වධහිංසා පැමිණවීම් පිළිබඳ දක්වන ලද අවධානය ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ අත්දැකීම් සමඟ නොගැලපේ. යෝජිත සංශෝධනවල පවතින සහ මෙතෙක් අවලංගුකර නොමැති පාපොච්චාරණ සම්බන්ධයෙන් වන 16 වැනි වගන්තිය හා බැඳි වධහිංසා කිරීමේ ක‍්‍රියාවට අදාල සැබෑ බරපතල ගැටළුකාරී තත්ත්වය සමඟ මෙය සංසන්දනය විය යුතුය.

යෝජිත සංශෝධනය: 8 වැනි වගන්තිය – දිනපතා නඩු විභාග කටයුතු පැවැත්වීම හඳුන්වාදීම සඳහා 15 වන වගන්තිය සංශෝධනය කිරීම

මෙම සංශෝධනය මඟින් සැකකරුවන් විසින් නඩු විභාග අවස්ථාවට පැමිණීමට පෙර අත්තනෝමතික ලෙස රඳවා තබාගෙන සිටීම සහ නඩු විභාගය පැවැත්වීමට බොහෝවිට වසර ගණනාවක් ගතවන තත්ත්වය පිළිබඳව පවතින ගැටළුකාරී තත්ත්වයන් අමන්ත‍්‍රණය නොවේ. අධිකරණ පද්ධතිය තුළ පවතින ප‍්‍රමාදයන් පිළිබඳ උදාහරණ කිහිපයක් සලකාබැලීමේදී විද්‍යමාන වන්නේ නඩු විභාග නියමිත වේලාවට අවසන් වනු ඇතැයි විශ්වාසයක් තිබිය නොහැකි බවයි. නඩු විභාග කඩිනම් සහ ඵලදායි ලෙස පැවැත්වීම සඳහා දිනපතා නඩු විභාග සිදුකිරීමේ ක‍්‍රමවලට අමතරව, ප‍්‍රායෝගික නඩු කළමනාකරණ පද්ධතියකට අනුගතවීම සඳහා මනා කැපවීමක් අවශ්‍ය වේ.

යෝජිත සංශෝධනය: 10 වැනි වගන්තියේ සඳහන් වන්නේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින හෝ මාස 12ක් රඳවා තබාගෙන සිටින පුද්ගලයෙකුට අභියාචනාධිකරණයෙන් ඇප ඉල්ලීමට අයිතියක් ඇති බවයි.

මෙම යෝජිත වගන්තියේ සඵලතාව එම වගන්තියේම 2 වන උපවගන්තිය මඟින් අවතක්සේරුවට ලක්කරනු ලබන්නේ නඩු විභාගය අවසන් වනතෙක් පුද්ගලයා රිමාන්ඞ් භාරයේ තබාගැනීමට මහාධිකරණයෙන් නියෝගයක් ලබාගැනීමට රජයට බලය ඇති බව පවසමිනි. එම වගන්තියේම තවත් විධිවිධානයක දැක්වෙන්නේ අධිචෝදනා පත‍්‍රයක් භාරදී මාස 12ක් ගතවූ පසු නඩු විභාගය ආරම්භ නොකළහොත් ඇප ඉල්ලා සිටිය හැකි බවයි.

මෙය අතිශයින්ම අකාර්යක්ෂම වගන්තියක් බවට පත්වන්නේ මන්දයත්, අදාල සැකකරුට ඇප ඉල්ලීමක් කළ නොහැකි බව සහතික කිරීම සඳහා රජය විසින් කළ යුතුව ඇත්තේ නඩු විභාගය ආරම්භ කිරීම පමණි, එනම් ලබාදී ඇති මාස 12 තුළ අවම වශයෙන් එක් දිනක්වත් නඩු විභාගය පැවැත්වීමයි. මෙම ප‍්‍රතිපාදන සම්පූර්ණයෙන්ම අකාර්යක්ෂම වන අතර පුද්ගලයන් දීර්ඝ කාලයක් රිමාන්ඞ් භාරයේ තබාගැනීමට අවශ්‍ය සියළු හැකියාවන් රජයට සපයයි.

යෝජිත පනත් කෙටුම්පතේ අඩංගු එකම සුබවාදී සංශෝධනය වන්නේ ප‍්‍රකාශන තහනම් කිරීම සම්බන්ධයෙන් වන 14 වැනි වගන්තිය අවලංගු කිරීමට කටයුතු කෙරෙන 7 වැනි වගන්තියයි.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඉහත සංශෝධන ඒවායෙහි යෝජිත ආකෘතියෙන්ම පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුවද, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් පුද්ගලයන්ගේ ශාරීරික නිදහස පිළිබඳ මූලික සංකල්පවලට අවමානයක් වීම එලෙසම පවතිනු ඇත. යෝජිත ප‍්‍රතිසංස්කරණවලින් පිළිබිඹු වන්නේ විශේෂයෙන්ම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් බලපෑමට ලක්වූවන්ගේ සාක්ෂි මත විශ්වාසය නොතැබීම සහ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය නොමැතිකමය.

මෙකී සංශෝධයන් ඔස්සේ හරයාත්මක ස්වභාවයට වඩා ආලේපනාත්මක බාහිර වෙනස්කම් යෝජනා කිරීමට ආණ්ඩුව විසින් තෝරාගෙන තිබීම හුදෙක් පිළිගත නොහැකි සහ වංක චේතනාවෙන් සිදු කළ ක‍්‍රියාවක් බව පසක් වන්නාසේම, එමඟින් තහවුරු වන්නේ ශ‍්‍රී ලාංකේය පුරවැසියන්ගේ නිදහස සඳහා වන මූලික අයිතිවාසිකම සහ මෙකී නන්වැදෑරුම් නිදහස්හි මූලික ආරක්ෂකයා වීමට රාජ්‍යයේ ජාත්‍යන්තර බැඳීම් කෙරෙහි ඇති අඩු සැලකිල්ල පිළිබිඹු වීමයි.

Prevention of Terrorism Act Ermiza Tegal  PTA human rights violations

-නීතීඥ- අර්මිසා ටීගල්-

Social Sharing
නවතම විශේෂාංග