Tag: පොලිස් පුවත්
පොලිසිය “පොලිෂ්” කළ ඉලංගකෝන් යුගය
නුග ගහ කපල්ලේ ඉලංගකෝන් මහතා පොලිසියේ මුල් පුටුවට පත්වූයේ කවුරුත් නොසිතූ මොහොතකය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තිස් දෙවන පොලිස්පති වරයා ලෙස සේවය කළ මහින්ද බාලසූරිය මහතා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ සිදු වූ පොලිස් වෙඩි තැබීමක් හේතුවෙන් “රොෂේන් චානක” නමැති තරුණ සේවකයා මිය යෑමේ සිද්ධිය මුල් මුල්කොට එවකට පැවති රජයේ දැඩි බලපෑම මත බාලසූරිය මහතාට පොලිස්පති ධුරයෙන් අකාලයේ සමුගැනීමට සිදුවිය .මෙම සිද්ධිය හේතුවෙන් හිස් වූ පොලිස්පති ධූරයට පත් කිරීමට වඩාත්ම සුදුස්සා ලෙස සිටියේ එවකට පොලිසියේ දෙවනියා නොහොත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙස කටයුතු කළ ඉලංගකෝන් මහතාය. එහෙත් පොඩි පරහකට…
Read Moreගෝඨාගෝගමට ගහන්න කියපු ලොක්කන් දෙදෙනෙකුගේ නම් දේශබන්දු එළියට දමයි!
ගාලු මුවදොර පිටියට අරලියගහ මන්දීරයේ සිට පැමිණි පිරිස විසින් ගාලු මුවදොර අරගල භූමියේ සිටි පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය 13 වන සිකුරාදා දින මානව හිමිකම් කොමිසමට කැඳවූ අවස්ථාවේ දී ඔහු විසින් දෙදෙනෙකු විසින් ගෝල්ෆේස් වටරවුමේදී කඳුලු ගෑස් සහ ජලප්රහාර එල්ල කිරීම වැළකූ බවට මානව හිමිකම් කොමිසමට දැනුම් දී ඇති බව ඉතාමත් විශ්වාසදායි ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබී ඇත. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එදින ජනාධිපතිවරයා විසින් තමාට මෙම කලහකාරී පිරිස ගාලු මුවදොර පිටියට ඒම වලක්වන ලෙස පැහැදිලිව උපදෙස් ලබා දී තිබූ බවයි. ඒ අනුව තමන්…
Read Moreදහම්රත්නගේ ඔලුකට්ට කුඩුකල කළුතර පොලිසිය
උද්ඝෝෂකයින්ට පොලිස් ඇප නෑ, මහරගම උණුසුම්..
අද (4) උදෑසන පාර්ලිමේන්තු පිවිසුම අසල උද්ඝෝෂණයේ නිරතව සිටියදී පොලිස් පැහැරගැනීමට ලක්ව මහරගම පොලීසිය වෙත ගෙන ගිය විරෝධතාකරුවන් 13 දෙනාට පොලිස් ඇප ලබාදීම එම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දැනගන්නට ලැබේ. මෙම පොලිස් තීරණයත් සමග මහරගම පොලීසිය ඉදිරියට පැමිණි විශාල පිරිසක් ප.ව 3 වෙනවිටත් විරෝධතා දක්වමින් තිබෙයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයද මෙම අත්අඩංගුවට ගැනීම විවේචනය කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබූ අතර එහිදී ඔවුන් පොලිස්පතිතුමාගෙන් ඇතුලු අදාළ පාර්ශවයන් වෙතින් මේ සඳහා මැදිහත්වීමක් අපේක්ෂා කරයි.
Read MoreSSP කීර්තිරත්න අත්අඩංගුවට..!
රඹුක්කන ප්‍රදේශයේ පැවති සාමකාමී විරෝධතාවයකට වෙඩිතැබීමට අණදුන් කෑගල්ල ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න CIDය අද (28) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට අමතරව මෙම වෙඩි තැබීම සුදුකළා යැයි කියන පොලිස් නිළධාරීන් 03ක් ද අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය අප්‍රේල් 19 දා කෑගල්ල පොලිසියෙන් පැමිණි පොලිස් නිළධාරීන් කණ්ඩායමක් මෙම වෙඩිතැබීම සිදුකළ බවට ප්‍රකාශ වෙන අතර එම වෙඩි තැබීම නිසා 41 හැවිරිදි පුද්ගලයෙක් මරණයට පත්විය. තවත් 29 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නියෝග ලබාදෙමින් කැගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ප්‍රකාශ කළේ මෙය මනුෂ්‍ය ඝාතනයක් බවයි. ඒ අනුව…
Read Moreපොලිස් මැරයන් මාධ්‍යවේදීන්ට රඳවාගෙන පහර දෙයි!
මිරිහාන සිද්ධිය CID යට
ඊයේ (31) දින මිරිහාන ජනාධිපති නිවස අසල සිඳු වූ මහජන විරෝධතාව සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් පැවැත් වීම ආරම්භ කර ඇත. එමෙන්ම නුගේගොඩ, ජුබිලි කණුව අසල ඇතිවූ කළහකාරී සිද්ධිය පිටුපස අන්තවාදී කණ්ඩායමක් සිටින බව අනාවරණය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. යකඩ මුගුරු, කැති, පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස උසිගන්වා මිරිහාන පැඟිරිවත්ත පිහිටි ජනාධිපතිතුමාගේ නිවස දෙසට ගමන් කර කළහකාරී තත්ත්වය ඇති කර ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ. මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන්…
Read Moreවිරෝධතාකරුවන් අත් අඩංගුවට ගැනීම නීති විරෝධී
ඊයේ පස්වරුවේ මිරිහාන පැඟිරිවත්ත ජනාධිපති නිවස අසල පැවැත් වූ විරෝධතාවයේ සිටි යම් පිරිසක් විසින් කලහකාරී ලෙස හැසිරෙමින් කටයුතු කිරීම නිසා පොලීසිය මේ වන විට 45 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක වාර්තා කරා. කෙසේ නමුත් මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එම අත් අඩංගුවට ගැනීම් නීතියට පටහැණි බවයි. එනම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම පිරිස අත් අඩංගුවට ගැනීම නීතියට පටහැණි බව කොමිශන් සභාව වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මෙම අත් අඩංගුවට ගැනීම් සම්බන්ධව විරෝධය පල කරමින් සහ විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥවරු රැසක්…
Read Moreමිරිහාන වට කර ජන ගඟක්!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස පිහිටි නුගේගොඩ මිරිහාන පිවිසුම් මාර්ගය අසලට ඊයේ (31) පස්වරුවේ රැස් වූ දහස් සංඛ්‍යාත ජනකායක් ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් උද්ඝෝෂණයක් පවත් වා ඇත. පළමුව ජුබිලි කණුව මංසන්ධිය අසලට ඊයේ පස්වරුවේ රැස්වූ ජනතාව එහි විරෝධතාවයක් කිරීමෙන් අනතුරුව මිරිහාන පැඟිරිවත්ත ජනාධිපතිවරයාගේ නිවසට ප්‍රවේශ ප්‍රවේශ වන මාර්ගය අසලට පැමිණ එම මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කළහ. පසුව උද්ඝෝෂකයන් ජනාධිපතිවරයා ගේ නිවසට කඩා වැදීමට උත්සහ කෙරූ අතර එය වැළැක්වීම සඳහා පොලිසිය මෙන්ම යුද හමුදාව දැඩි පරිශ්‍රමයක් දරන අයුරු දැකගත හැකි විය. මෙම උද්ඝෝෂණය නිසා නුගේගොඩ මහරගම 119 මහා මාර්ගය…
Read More